බම්බලපිටියේ ඩික්මන් පාරේ පිහිටලා තියෙන KIKU කියන්නේ හරිම සිම්පල් අවන්හලක්. සිම්පල් කියන එක තමයි මෙතැන විස්තර කරන්න පුළුවන් හොඳම වචනේ. පැස්ටල් පාටවලින් යුක්ත සෝෆා වගේම වීදුරු යොදපු විවෘත පරිසරයක් තියෙන මේ අවන්හල හරිම ආකර්ෂණීයයි. එහිදී මෙතැන හිමිකාරිනිය වන ජැක්ලීන් සමරසිංහවත් මට මුණගැහුණා. ඇයත් ඇගේ ව්‍යාපාර සහකරැවනුත් ඕලන්දයට ගිය වෙලාවක මල් කඩ, අවන්හල්, වැඩමුළු ස්ථාන දැකලා ඇතිවුණු ආසාව නිසා තමයි KIKU පටන් අරගෙන තියෙන්නෙ.
ඒ අනුව මෙතැන මුලින්ම පටන්අරන් තියෙන්නේ කලාකරුවන්ට සේවා සපයන තැනක් විදිහටයි. කාලයත් සමඟ අවන්හලකුත් පටන් ගන්න මෙයාලට හිතිලා.
මෙතැන කෑමබීම දිහා බලද්දී ජපන් සහ ස්කැන්ඩිනේවියානු ආහාර රටාවලට ලොකු සමානකමක් දකින්න පුළුවන්. ඒවා ගොඩක් සරල ආහාර. ජැපනීස් සැන්ඩෝස්, නිවසේදී හැදූ බේගල්ස්, රෙඩ් පොම් පොම් කියන අතුරුපස වර්ගය මේ අතර විශේෂයි.
ඒ වගේම හොඳ බීම විවිධත්වයකුත් මෙතැන තියෙනවා. තේ සහිත සෝඩා වර්ග, ග්‍රීන් ටී යොදාගෙන හැදූ ජූස් වර්ග, කෝපි වර්ග ඊට ඇතුළත්. කොහොම වුණත් මෙතැනට එන අය අතර ජනප්‍රියම පානය විදිහට සැලකෙන්නේ berry tea soda with orange and a charcoal latte.
මෙතැන තියෙන ආහාර හැම එකක්ම වගේ රසවත්. රසින් අඩුයි කියලා කියන්න පුළුවන් එකක්වත් නැහැ. හැබැයි Teriyaki Chicken Bagel සහ Cucumber Salad with sticky garlic rice and miso soup කියන්නේ හොඳම ආහාර තේරීම් දෙකක් බව කිව යුතුයි.
මම chicken katsu sandoon sourdough සහ cucumber salad with sticky garlic rice and miso soup කියන ජාති දෙකේම රස බැලුවා. හරිම නැවුම් එළවළු යොදාගෙන තමයි ඒවා හදලා තිබුණෙ. ඒ වගේම ආහාරයට ගත හැකි මල් වර්ගත් මේ දීසිවලට එකතු කරලා තිබුණා. හරිම සුන්දර අත්දැකීමක්!
ධනූ
ඡායාරූප – you’re my favorite