2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

HIT TIPS

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 34

හිල්ටන් හෝටලේ Street food Buffet 

නොවැම්බර් 14 වැනිදා සවස 7 සිට රාත්‍රී 11 දක්වා කොළඹ හිල්ටන් හෝටලයේදී විශේෂ වීථි ආහාර වැඩසටහනක් පැවැත්වෙනවා. හිල්ටන් Graze Kitchen සහ curry Leaf  අවන්හල්වලදී පැවැත්වෙන මේ Street food Buffet එකේදී ලංකාවේ විතරක් නෙමේ ලෝකේ හැම කලාපයකටම වගේ අයිති වීථි ආහාර රස විඳින්න ඉඩකඩ ලැබේවි.

සංගීත පර්යේෂණ හැන්දෑවක්

Jam Theory කියන්නේ සංගීතයත් සංගීත පර්යේෂණත් මුසුවුණු හැන්දෑවක්. The Jam Collective කියන පිරිස සංවිධානය කරන මේ වැඩේදී සජීවීව සංගීත අත්හදාබැලීම් සිදුකරන ආකාරය දැකගන්න පුළුවන්. මේක සිද්ධවෙන්නේ නොවැම්බර් 15 වැනිදා හවස 7 ඉඳන් 10 වෙනකල් බම්බලපිටිය Cafe Sociale අවන්හලේදීයි.