2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

චීනය කොළඹදී මැවූ සිතුවම් ලෝකය

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 178

චීනය කියන්නේ කවදත් ලංකාවට හරි සමීප රටක්. ඒ නිසාම රටවල් දෙක අතරේ සංස්කෘතික හුවමාරු වැඩසටහන් රාශියක් වාර්ෂිකව පැවැත්වෙනවා. ඒ වගේ තවත් අපූරු වැඩසටහනක් පසුගියදා කොළඹ 7 චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. චීන දියසායම් චිත්‍ර එකතුවක් සහිත මේ වැඩසටහන නම් කරලා තිබුණේ Chinese Style International Tour of Modern Chinese Water Ink Paintings Exhibition නමිනුයි. 

දින 10ක් පුරා පැවති මේ චිත්‍ර ප්‍රදර්ශනයට විවිධ තේමාවන් යටතේ සිතුවම් ඉදිරිපත් කරලා තිබුණා. මේ චිත්‍ර බොහෝමයක් මිනිස් රූප සහිත චිත්‍රයි. ඒවා තාත්වික විදිහට ඉදිරිපත් කර තිබුණේ ඇතැම් වෙලාවට මේවා චිත්‍රමදැයි සැක උපදින තරම් විශිෂ්ට අයුරින්. ඊට අමතරව සත්ත්ව රූප, දර්ශන තල ආදියත් මේ චිත්‍රවල දකින්න ලැබුණා. 
චීන සංස්කෘතික මධ්‍යස්ථානය විසින් මේ වසර තුළ පමණක් සංවිධානය කළ තුන්වැනි කලා ප්‍රදර්ශනය මෙය වීමත් විශේෂත්වයක්. නොමිලේ පැවැත්වුණු මේ ප්‍රදර්ශනයේදී චීන සිතුවම් කලාවේ විශේෂතා වගේම චීන සංස්කෘතියේ අංග පිළිබඳවත් මනා දැනුමක් ලැබීමට අවස්ථාව හිමිවුණා. 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00