ඉන්දියාවේ බැංගලෝර් නගරයේ කාමර 397ක් සහිත විශාලතම හෝටලය වන ෂැංග්‍රිලා හෝටලයේ නවාතැන් ගන්න පහුගියදා මම ගියා. බැංගලෝරයටම ආවේණික විදිහට හැඩගන්වලා තියෙන මේ හෝටලයේ නවාතැන් ගැනීම ඇත්තටම වෙනස් අත්දැකීමක්. බැංගලෝරයේ ඇවිදීම මම පටන්ගත්තේ කබන් පාක් එකට ගොඩවෙලයි. 1864දී ආරම්භ වෙච්චි මේ උද්‍යානය නම්කරලා තියෙන්නේ බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකුට ගෞරව පිණිසයි. මේ උද්‍යානයේ ශාක සහ පැළෑටි විශේෂ 6000ක් පමණ තිබෙනවා.
කබන් පාක් එකේ ඉඳන් ඊළඟට මම ගමන් කළේ බැංගලෝර් රජ මාලිගයටයි. මේක එංගලන්තයේ වින්සර් මාලිගයට සමාන ලෙස ඉදිකර තිබෙනවා. මයිසූර්වල මහරාජා මේ මාලිගය භාවිත කළ බව සඳහන්. එහි දැන් අයිතිය තියෙන්නේ මයිසූර් රජ පවුලටයි.
බැංගලෝර් සවාරිය අතරතුරේදී ෂැංග්‍රිලා අවන්හල් තුනකට මම ගොඩවැදුණා. Caprese කියන්නේ ඉතාලි අවන්හලයි. දැවමුවා ගෙබිමක්, දැව මූර්ති පිරුණු මේ අවන්හල නියම ඉතාලි ආරට සකස් කරලා තිබුණා. Saffron කියන්නේ එතැන ඉන්දියානු අවන්හලයි. මම එතැනදි මම අත්විඳපු රසවත්ම ඉතාලි ආහාර වේලක් භුක්ති වින්දා. ඊට අමතරව Shang Palace කියන චීන අවන්හලේත් රසවත් හෝරා කිහිපයක් ගතකරන්න අවස්ථාව ලැබුණා. මේ විදිහට දින තුනක මගේ බැංගලෝර් සවාරිය දන්නෙම නැතුව ගෙවිලා ගියේ ෂැංග්‍රිලා හෝටලයේ සුපිරි ආගන්තුක සත්කාරය මැදයි.
I ධනූ