2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

HIT TIPS

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

අහංගම විලාසිතා Cafe Ceylon

ලංකාවේ නවීන විලාසිතා සමඟ දකුණු ලකට පිවිසන්නට Colombo Design Market සූදානමින් සිටිනවා. ඒ දෙසැම්බර් 09 වැනි ඉරිදා. ඇඳුම් විලාසිතා වගේම ආභරණ, විලාසිතා කතාබහ, වැඩමුළු, සංගීතය ඇතුළු හැමදේම පිරුණු හෝරා කිහිපයක් ගෙවන්න කැමැති නම්, අහංගම  Cafe Ceylon වෙත ගොඩවන්න. මේ වැඩසටහන දවල් 12 ඉඳන් සවස 7 වනතුරු පැවැත්වෙනවා. 

අවන්හලේ විශේෂ ඉරිදාවක් Bayleaf

පිට්සා, වයින් සහ සංගීතය ගැවසුණු අවන්හලකදී හොඳම සන්නාම 18ක් අතරේ නත්තලට සාප්පු සවාරියේ යෙදෙන්න ඔබ කැමති නම්, ඒකට කදිම අවස්ථාවක් 9 වැනිදා ඉරිදා උදාවෙනවා. තැන තමයි කොළඹ 7 Bayleaf අවන්හල. මේ හරහා ලැබෙන සියලු ආදායම් මහරගම පිළිකා රෝහල වෙනුවෙන් වෙන් කර තිබීමත් මේ වැඩසටහනේ එක් විශේෂත්වයක්. 

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00