කාර්යබහුල ජීවිතයක් ගතකරන ඔබට මොහොතකට නැවතී ගස්වැල් පිරුණු, රබර් වත්තත් පොල් වත්තත් වෙල්යායටත් මුහුණලා දැනෙන සිසිලස විඳිමින් නිවාඩුවක් ගත කිරීමට කියාපු තැනකි ගම්පහ දිස්ත්‍රික්කයේ රදාවාන, මණ්ඩාවල ප්‍රදේශයේ පිහිටි “වාසල නේචර් රිසෝට්”.
දේශීය විදේශීය සියලුම ආහාර වට්ටෝරුවලින් සමන්විත වාසල නේචර් රිසෝට් සුපපහසු උත්සව ශාලා, සියලු පහසුකම්වලින් සමන්විත කාමර, එළිමහන් ක්‍රීඩාංගණ, ක්‍රිකට්, වොලිබෝල්, බැට්මින්ටන්, ආදී ක්‍රීඩාවන්හි නිරතවීමට ප්‍රමාණවත් ක්‍රීඩාංගණ, වෙල්යාය මැදින් ඇවිදින මංතීරුව සහ වාහන නවතා තැබීමට හැකි විශාල භූමි භාගවලින් සමන්විත වේ. සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටා ඇති වාසල නේචර් රිසෝට් පෞද්ගලිකත්වය උපරිම වශයෙන් ආරක්ෂා කරන අතර වැඩිහිටි අයට මෙන්ම කුඩා ළමයින්ට ද පිහිනන්න විනෝද වෙන්න හැකි පිහිනුම් තටාක සහ කූඩාරම්වල ද රාත්‍රියක් ගත කිරීමේ පහසුකම්වලින් ද යුක්තය. ඔබගේ විවාහ මංගල්‍යය පැවැත්වීමට මෙන්ම මධුසමය ගත කිරීමටද කදිම නවාතැන්පොළකි.
ඔබට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට වාසල නේචර් රිසෝට් කළමනාකාර සමීර රුවන්ප්‍රිය මහතා ඇතුළු සුහදශිලි කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටිති.