2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

බ්ලූබෙරි චීස් කේක් එක්ක සියඹලා ජූස්... Cafe Shaze

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 104

කොළඹ නගරය ඇතුළත දකින්න අත්විඳින්න තියෙන දේවල් අතුරින් මගේ අලුත්ම නිර්දේශය තමයි Café Shaze. කොළඹ හෝර්ටන් පෙදෙසට මෑතකදී පිවිසුණු මේ අවන්හල මීට කලින් තිබුණේ නාරාහේන්පිට ප්‍රදේශයේයි. කොහොම වුණත් අලුත් තැන ගොඩක් ඉඩකඩ තියෙන අපූරු තැනක්. හරිම නිස්කලංක තැනක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. 

අනික් විශේෂත්වය තමයි සාමාන්‍ය මිතුරන් හමුවකට වගේම පවුලේ හමුවක්, ව්‍යාපාරික හමුවක් වගේම ආදරණීය හමුවක් වගේ නොයෙකුත් අවස්ථාවන්ට ගැලපෙන ආකාරයේ සැකැස්මක් හැඩගැස්මක් මේ අවන්හලේදී දකින්න පුළුවන්. 

මෙතැනදී කෝපි, විවිධ ස්නැක් වර්ග, ආහාර, අතුරුපස ඇතුළු සියලු ආකාරයේ කෑමබීම භුක්ති විඳින්න පුළුවන්. කොහොම නමුත් මෙයාලගේ රසවත්ම බීම එක තමයි සියඹලා ජූස් එක. සියඹලා ජූස් කියන්නේ මම කවදත් ආසකරපු බීමක්. 

ඒ වගේම බ්ලූ බෙරි චීස් කේක් එකත් මෙතැන තියෙන රසවත් තේරීමක්. ඒක හරිම ලස්සනට කටේ දියවෙලා යන්නෙ උපරිම රසයක් එක්කයි. ඒ වගේම හැමදාම උදේට ඉංග්‍රීසි උදෑසන ආහාරවේලකුත් මෙතැනදී රස විඳින්න පුළුවන්. ඒකට වැය වෙන්නෙ රුපියල් 700ක් පමණයි. හැබැයි ගෙවන මුදලට හොඳ වටිනාකමක් ලැබෙන විදිහට ආහාර විශාල ප්‍රමාණයක් ඒ සමඟ ලැබෙනවා.

උදෑසන ආහාරවල ඉඳන් රාත්‍රී ආහාර දක්වා පුළුල් පරාසයක කෑම බීම මෙතැනදී දකින්න පුළුවන්. උදෑසන 11 සිට මැදියම් රෑ වෙනතුරු මේ අවන්හල විවෘතයි.

I ධනූ

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00