ශ්‍රී ලංකාව මෑත කාලයේදී මුහුණ දුන් හා මුහුණදෙමින් සිටින කනගාටුදායක තත්ත්වය ගැන ලොකු කුඩා සෑම දෙනෙකුම හෝ වැඩි පිරිසක් හඳුනාගෙන ඇතැයි මට සිතේ. මහජනතාව විසින් තම කැමැත්තට අනුව තෝරාපත්කර ගනු ලැබූ තම නියෝජිතයන් පිරිසක් විසින් රට පාලනය කිරීම සාමාන්‍ය ක්රියාදාමයයි.
එහෙත් මෙතෙක් පැවති ඒ ජනසම්මතය අද වනවිට අර්බුදකාරී හා ගැටලුකාරී තත්ත්වයකට පත්වී තිබෙනු දක්නට ලැබේ. කිසියම් කාරණාවක් සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයන් පවතින විට තම තමන්ගේ ඇදහිලි සහ විශ්වාසයන් අනුව දේවාරූඪයෙන්, අංජනම් එළි බැලීම ඔස්සේ හා ජ්‍යොතිෂ් ශාෂ්ත්‍රය ආධාරයෙන් කරැණු විමසීම සඳහා විවිධ පුද්ගලයන් හමුවී ප්‍රශ්න කිරීමට සහ විසඳුම් සෙවීමට ඈත අතීතයේ සිටම මානව සමාජය හුරුපුරුදුවී සිටින බව නොරහසකි.
එතරම් ප්‍රසිද්ධියක් නොමැති වුවද වසර 20කට අධික කාලයක සිට ජ්‍යොතිර්විද්‍යාවේ ආධාරයෙන් ජනතාව දැනුවත් කරමින්, ජනතාවගේ යහපත උදෙසා අනුගමනය කළහැකි ක්රමෝපායන් අවබෝධකර දෙමින් සිටින අතර දැනට අප රටෙහි ඇතිවී තිබෙන දේශපාලන බල අරගලය හේතුවෙන් අප සමාජයේත් රටේත් හෙට දවස කෙසේවේදැයි යන්න සෑම දෙනාගේම එකම ප්රශ්නය වෙයි.
තත්කාල නිමිති ශාස්ත්‍රය හා ශ්‍රී ලංකා කේන්ද්‍රය වන කුම්භ ලග්නයට මේ දිනවල පිහිටා තිබෙන ග්‍රහ බලය අනුව මෙම කරැණු දක්වනු ලබන බව පාඨකයන් සලකනු ලබත්වා.
ප්‍රශ්න කළ දිනය - 2018-12-03 වන දින වේලාව පස්වරු 05.00ට.
මේ වේලාවට උදාවී තිබෙන ලග්නය සිකුරැ ග්‍රහයාට අයත් වෘෂභ ලග්නයයි. එම කේන්ද්‍ර සටහන පහත දක්වමි.
ලග්න කේන්ද්‍රය
නවාංශක කේන්ද්‍රය
කුජ ග්‍රහයාට අයත් සිත නැකත, කුජ මහ දසාව (විශෛන්තරී) උදාවිය. ලග්නාධිපති සිකුරුය. සඳු ග්‍රහයාද සමඟ සිකුරු භාවයේ (රාශිගතව) සිටී. සඳු ග්‍රහයා සිත්වලට බලපාන බවට තිබෙන නියමයට අනුවත් සතුරැ රාශියක් හා දුෂ්ඨ ස්ථානයක සඳු සිටීම නිසා මහජනයාගේ සිත් අවුලෙන් අවුලට පත්වීම, සතුරු බලවේග ක්‍රියාත්මක වීම ආදී කරුණු හේතුවෙන් බොහෝවිට මානසික ව්‍යාකූලත්වය අඛණ්ඩව දෙසැම්බර් මස 10 දින 05.00 පමණ වනතුරු පැවතිණ. විශේෂයෙන් දෙසැම්බර් 05.08 අතර කාලය තුළ වඩ වඩාත් අරගලකාරී බව හා විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වීම සිදුවූ බව පෙනෙන්නට තිබුණි. සියල්ල අවුල් වී ගියේ එම කාලයේදීය.
මෙම කේන්ද්‍රයේ 22 දෙර්කාණයට ගුරු ග්‍රහයාත් 64 නවාංශකයට සිකුරු ග්‍රහයාත් අධිපතිව සිටී. විශේෂයෙන් කාන්තා පක්ෂය, පූජක උතුමන් අතර ද විවිධ ප්රශ්නකාරී තත්ත්වයන් හා ගැටලු නිර්මාණය වනු ඇත. කෙසේ වෙතත් මෙම අවුල සන්සිඳීමට මාසයකට ආසන්න කාලයක් ගතවිය හැකි බව මෙම ග්‍රහ බලයන් අනුව කිවහැකිය.
මේ ආකාරයෙන් ගැටලු විසඳුණද සමස්තයක් වශයෙන් ගත්කළ සාමාන්‍ය ජනතාවට ඇතිවන පීඩාව හා විවිධ අනතුරැ කෝලාහල ආදිය කලක්ගතවනතුරු පවතින බවද පෙනේ.
මීට අමතරව ලංකා කේන්ද්‍රයේ 10 වැන්නට ගුරැ ග්‍රහයා පැමිණ සිටීම ශුභගෙන දෙන පිහිටීමකි. මේ සමඟ රවි ග්‍රහයා ද බුධ ග්‍රහයාද සිටී. මෙය පවතින රජයට හොඳ පිහිටීමකි. රාජ්‍යය බලවත් වෙයි. දෙසැම්බර් 10 වැනිදා පෙරවරැ 10 තෙක් ගුරැ ග්‍රහයා රවිගෙන් අස්තව සිටී නිසා එම ග්‍රහ පිහිටිමේ යහපත් බලය උදාවන්නේ එම වේලාවෙන් පසුවයි. මෙම දෙසැම්බර් 16 වැනිදා රවි ග්‍රහයා 11 වැන්නට යාම සිදුවේ. ධනු රාශිය ලංකා කේන්ද්‍රයේ 11 වැන්නද වේ.
මේ අනුව උදාවන 2019 වසර රටට රජයට සහ ජනතාවට ශුභදායක වන බවට වූ තීරණය ජ්‍යොතිෂ නියමයන් මත ගතහැකියි. රට දැය සාමය සුරුකේවා.
ඩී.ඩබ්.පී. ලියනගේ,
හෝකන්දර,
ජ්‍යොතීර්වේදී.