2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

නහර ගැට ගැහෙන අයට තම්පලා හරි ගුණයි

2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30463

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව තම්පලා යනු ඉතා ගුණවත් පෝෂ්‍ය පදාර්ථවලින් සමන්විත ඖෂධයකි. මෙය බොහෝ පෝෂ්‍ය සංඝටකවලින් යුත් පළාවර්ගයකි. මෙහි විටමින් තේ සහ ප්‍රෝටීන් 5 වැඩිවශයෙන් අන්තර්ගතව පවතී. ඊට අමතරව කාබෝහයිඩ්ඩ්‍රේට්, විටමින් ඩී, විටමින් ඒ, කැල්සියම්, පොටෑසියම් වැනි පෝෂක සංඝකයන්ද බහුලව පවතී.

තම්පලා මහබඩවැලේ පිළිකා සහිත අයට ඉතා ගුණදායක ආහාරයකි. ශරීරයට අතවශ්‍ය බොහෝ ඇමයිනෝ අම්ල අඩංගු ප්‍රෝටීන්වලින් යුත් පළා වර්ගයකි. මෙහි පවතින අධික කෙඳි ප්‍රමාණය හේතුවෙන් ආහාර දිරවීම පහසු කරයි. එමෙන්ම බළබද්ධය වළකාලයි. මෙහි පවතින අධික කෙඳි හේතුවෙන් මෙය අධික ස්ථූලතාවයට ඉතා වැදගත් ආහාරයකි.

තම්පලා මගින් ශරීරයට අහිතකරවන්නාවූ කොලොස්ටරෝල් පාලනය කරයි. රක්තහීනතාවයට මෙන්ම හිමොග්ලොබින් සහ රතු සෛල නිෂ්පාදනයට තම්පලා ඉතා ගුණදායක වේ. හෘද රෝග වැළැක්වීමටත් උපකාරී වේ. යකඩ අනිත් පොහොසත් පළා වර්ගයක් නිසා ගර්භනී කාන්තාවන්ට සහ වැඩිහිටියන්ට ඉතා ගුණදායක වේ. ශරීරයේ රුධිර පීඩනය අඩු කරයි. මේ නිසා මොළය තුළ රැධිර කැටි තම්පලාවල ඇති විටමින්, ඛණිජලවණ නිසා අකලට කෙස් ගැලවීම වළකාලයි.

විශේෂයෙන් පිරිමින්ගේ කෙස් ගැලවී තට්ටය ඒම වළක්වයි. ශරීරය මඟින් නිපදවාගත නොහැකි ලයිසීන් නම් අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල කූර තම්පලාවල අඩංගු වේ. ඇමයිනෝ අම්ල මගින් ශරීරයට කැල්සීයම් උරාගැනීම වැඩිකරයි. ඇස්වල පෙනීම වැඩිකරයි. කිරිවලින් ලැබෙන කැල්සියම්වලටත් වඩා දෙගුණයක් කැල්සියම් තම්පලාවලින් ලැබේ

විටමින් ඩී බහුලව පවතින නිසා නහර ගැටගැසීම ඇති රෝගීන්ට ඉතා ගුණදායක වේ. අඩු බර ඇති දරුවන් බිහිවීම වළකාලයි.

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරැණෑගල ආයුර්වේද රෝහල