කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පසුගිය දිනවල ඇතිවූ මහ ගංවතුර ඛේදවාචකයට හේතුව ප්‍රාදේශීය වාරිමාර්ග නිලධාරීන්ගේ කිසියම් නොසැලකිලිමත් තීරණ ගැනීමක්දැයි සෙවීම සඳහා තිදෙනකුගෙන් යුත් කරුණු සෙවීමේ කමිටුවක් පත්කර තිබේ.
උතුරැමැද පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් පිහිටුවන ලද මෙම කමිටුව මගින් අරමුණු කර ඇත්තේ ඉරණමඩු වැව එහි ජල මට්ටම අඩි 39.5ක් දක්වා ළඟාවීමට ඉඩහැරීම වැව පිටාර ගැලීමට හේතුවදැයි සොයා බැලීමය. එය නියමිත මට්ටමට වඩා අඩි 3.5කින් වැඩිය. මහ වැස්සෙන් පසුව සිදුවූ පිටාර ගැලීමෙන් පසුව සියලුම වාන් දොරටු සම්පූර්ණයෙන්ම එකවර හැරදැමූ බවත් ඒ හේතුවෙන් වැවේ පහළ ප්‍රදේශවලට බරපතළ ගංවතුර තත්ත්වයක් ඇතිවූ බවටත් පැතිරෙන ආරංචිය පිළිබඳවද මෙම කමිටුව වැඩිදුරටත් සොයා බලනු ඇත.
මේ ආකාරයෙන් අයහපත් ගංවතුර කළමනාකරණය සහ හදිසියේ වාන් දොරටු හැරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ඉංජිනේරැ දෙපාර්තමේන්තු නිලධාරීන් වගකිව යුතුද යන්න පිළිබඳව සොයා බැලීම මෙම කමිටුවේ ප්‍රධාන වගකීම වේ.
වාන් දොරටු හැරීමේදී ලබාදී ඇති අනතුරැ ඇඟවීම ප්‍රමාණවත් නොවන බවත්, ඒ හේතුවෙන් වැවේ පහළ මට්ටමේ දිවිගෙවූ පිරිස්වලට ගෙවල් අතහැර යාමට ප්‍රමාණවත් කාලයක් නොතිබූ බවත් සඳහන් වේ.
මෙහිදී නිලධාරීන් එවැනි නොසැලකිලිමත් අයුරින් කටයුතු කර ඇතැයි තහවුරැ වුවහොත් එයට වගකිව යුතු නිලධාරීන් හඳුනාගෙන නියත වශයෙන්ම ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බව එම කමිටුව ප්‍රකාශ කරයි.
මෙම කමිටුවේ ප්‍රධානියා වූ එස්.එස්. සිවකුමාර් මහතා යාපනයේ ඉංජිනේරැ පීඨයේ මහාචාර්යවරයෙකි. ඔහුට අමතරව ඉංජිනේරැ එස්. ෂන්මුගනාදන් (උතුරැ පළාතේ ඉංජිනේරැ සේවා නියෝජ්‍ය ප්‍රධාන ලේකම්) සහ ප්‍රාදේශීය කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්. සිවකුමාර් සෙසු සාමාජිකයෝ වෙති.
මහ වැසි හේතුවෙන් කනකරායන් ආරු (කනකරායන් ගඟ) ජල මට්ටම ඉහළ නගින විට ඉරණමඩු වැවේ වාන් දොරටු එකින් එක විවෘත කළ යුතුව තිබූ බව නම සඳහන් කිරීමට අකැමැති හිටපු වාරිමාර්ග ඉංජිනේරුවරයෙක් ප්‍රකාශ කළේය. එම ගඟ වැවට සම්බන්ධව පවතින්නකි.
මේ ප්‍රදේශය එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ පැවතෙද්දී ඔවුන් වෝකිටෝකි එකක් අතට දුන් ඔවුන්ගේ සාමාජිකයෙක් වාන් දොරටුව අසලට යවනවා. ඔහු සිහිපත් කරයි.
මාන්කුලම් ප්‍රදේශයේ ගංවතුර මට්ටම ඉහළ යන්නේ නම් ඉරණමඩු වැවේ අවට නිලධාරීන්ට එය දැනුම් දෙනවා. ඔවුන් ඒ සම්බන්ධව ඒ අවට පදිංචි ජනතාව දැනුම්වත් කරනවා. ඔවුන් වාන් දොරටු අරින්නේ එකින් එකයි. ඔහු කියයි.
ආසියා සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව ප්‍රතිසංස්කරණය කරන ලද ඉරණමඩු වැවේ ජල මට්ටම අඩි 34 සිට අඩි 36 දක්වා වැඩි කරනු ලැබීය. මහ ගංවතුර ඇතිවූ සතියේ සිකුරාදා දින කිලිනොච්චි දිස්ත්‍රික්කයට දරුණු වැසි ඇතිවිය.
පැය කිහිපයක් තුළදී එම ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනයෙන් ¼ක් පමණ ප්‍රමාණයක එනම්, මිලිලීටර් 375 – 400 දක්වා වැසි ඇතිවිය.
වැවේ ප්‍රධාන කේන්ද්‍රීය දොරටු මීට බොහෝ වෙලාවකට පෙර විවෘත කළ යුතුව තිබූ බවත් මෙම ඉංජිනේරුවරයා ප්‍රකාශ කරයි. එම ගේට්ටු පිහිටා ඇත්තේ වාන් දොරටුවලට වඩා පහළ ගැඹුරු ප්‍රදේශයේය. ජල මට්ටම අඩි 34ක් වෙද්දී එම ජලය මුදාහැරීම සිදුවිය යුතුව තිබුණි.
ප්‍රාදේශීය වාරිමාර්ග දෙපාර්තමේන්තු මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කරන ආකාරය සම්පූර්ණයෙන්ම වැරදියි. ඔහු ප්‍රකාශ කරයි.
කේන්ද්‍රීය දොරටු අඩි 34 සීමාවේදී විවෘත කර තිබුණා නම් වැව උතුරා යන තරම් හදිසි අවස්ථාවක් ඇතිවෙන්නෙ නැහැ.
නමුත් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ වර්ෂාවට පෙර ජල මට්ටම එහි උපරිම ගැඹුර වන අඩි 36 මට්ටමේ තිබිය යුතු බවය. එය ගොවීන්ට වසර පුරාම වගාව සඳහා ජලය ලබාගත හැකිවනු ඇතැයි වැරදි උපදෙස් ලැබීමකි.
අන්තිමට වුණේ වැවේ බැම්මට ඉහළින් ජලය උතුරන්නට පටන් ගැනීමයි. ඒ සමඟම වාන් දොරටු එකවර විවෘත කිරීමයි. මේ මහා විනාශයට හේතුව එයයි. ඔහු චෝදනා කරයි.
එමෙන්ම මාන්කුලම වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් සහ කිලිනොච්චි කාර්යාලය අතර සන්නිවේදනයේ විශාල හිඩැසක් පවතින බවට ඔහු සැක කරයි.
දෙසැම්බර් මස 21වැනි දින සවස් වරැවේ ජලය උතුරා යන බව තමන්ද දුටු බව එක් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් ප්‍රකාශ කළේය. ගංවතුරෙන් අස්ථානගත වී දැනට කඳවුරුවල රඳවා සිටින ප්‍රදේශවාසීන් පිරිසක් ප්‍රකාශ කළේ දෙසැම්බර් 21 වැනි දින රාත්‍රියේ නිවෙස්වලින් ඉවත් වන ලෙසට ඒ ඒ කොට්ඨාසවල ග්‍රාමසේවකවරැන් විසින් තමන්ට දැනුම් දුන් බවය. කෙසේ වුවද විශාල පිරිසක් ඒ අනතුරු ඇඟවීම් ගණන් නොගෙන සිටි අතර ඇතැමුන් ප්‍රකාශ කළේ තරමක් දුර ප්‍රදේශවල සිටි පදිංචිකරුවන්ට එවැනි අනතුරු ඇඟවීම් කිසිවකු විසින් ලබා නොදුන් බවය.
දෙසැම්බර් 22 දින පාන්දර තුනේ සිට ගංවතුර ගැලූ බව අස්ථානගත වූ තවත් පිරිසක් ප්‍රකාශ කරති. එදින උදෑසන 10-11 පමණ වනවිට පළාතේ වැඩි ප්‍රදේශයක් ජලයෙන් යටවූ බවද ඔවුහු කියති. කෙසේ වුවත් උතුරැ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ වාරිමාර්ග ඉංජිනේරැවරයා මේ චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ඉරණමඩු වැවෙන් ජලය මුදාහැරීම සඳහා දෙපාර්තමේන්තුව මගින් ලබාදී ඇති ස්ථාවර නියෝග අදාළ නිලධාරීන් විසින් පිළිපැද ඇති බවද ඔහු සඳහන් කරයි
The Sunday times පුවත්පත ඇසුරෙනි
දිශානි ජයමාලි කරුණාරත්න
Photo: The Sunday times