2019 ජනවාරි 19 වන සෙනසුරාදා

කඩවසම් කොල්ලෙක් කසාද ගොඩක්!

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 76

මේ නිල්වන් කෙත්වතුවලින් සහ කොළම කොළ පාට ගස් වැල්වලින් සමන්විත ගම්මානයක්. මේ වගේ බොහෝ ගම් නියම්ගම් පසු කරමින් බස් රථයක් ධාවනය වෙමින් තියෙනවා. මේ බස‍්‍ රථයේ කවුළුවක් අයිනේ උපැස් යුවළක් පැළඳි රැවුල මෝස්තරයකට වවලා ඉන්න තරුණයෙක් ඉන්නවා. 

බෝලා - මගේ නම බෝලා ප‍්‍රතාප් ත‍්‍රිපාටී. මම ඉන්නේ ලඛ්නව්වල. මගේ පුංචි කාලයේ ඉඳන් එකම සිහිනයයි තිබුණේ. කසාද කීපයක් කරගන්නවා. එතකොට රස්සාවක් කරන්න  ඕනත් නැහැ. රස්සාවෙන් ටෙන්ශන් එකක් එතකොට ඇත්තෙම නැහැනේ. මොනවහරි තේරුණාද?

බෝලා ලස්සන ලස්සන තරුණියන් ගොඩාක් හම්බ වෙන්න යනවා. ගිහිල්ලා ඔහු මෙන්න මේ දේවල් තමයි කියන්නේ.
බෝලා - ඔයාට මම ගිෆ්ට් එකක් අරගෙන ආවා.
මම ඔයාට මුද්දක් අරගෙන ආවා.

මේ මගේ අම්මා සිහිවෙන්න තියෙන අන්තිම මතකය. 
ඔහු ඔය විදියට කෙල්ලගේ හැටියට බොරුවට තෑගී දීලා ආදරය කරන බව පෙන්නලා යුවතියන් ගොඩාක් විවාහ කර ගන්නවා. මේ සුඛෝපභෝගී කාමරයක සිදුවීමක්. මෙතන ඉන්න ලස්සන කෙල්ලෙක්  බෝලාට දෙනවා හොඳ කම්මුල් පාරක්.
බෝලා - ආහ් 

ඔයාගේ සල්ලි ආපහු දෙන්නම් අනේ 
යුවතිය - මම සල්ලි කවද්ද ඉල්ලුවේ?
බෝලා - ඉල්ලුවේ නැද්ද?

යුවතියන් බොහොමයකට ආදරය කරලා විවාහ කරගන්න මේ බෝලා ප‍්‍රතාප් ත‍්‍රිපාටිගේ සහයට ඉන්නේ මහත තට්ටය තියෙන මුහුන පුරා රැවුල වවන් ඉන්න මනුස්සයෙක්. ඔවුන්ගේ කතාවේ ඉතුරු ටික දැනගන්න ආස හිතෙනවා නේද? මේ කතාවේ ඉතුරු ටික දැනගන්න ඔබට 2019 ජනවාරි 18 වැනිදා තිරගත වන ෆ‍්‍රවුඩ් සයියාන් හින්දි සිනමාපටය නරඹන්න වෙනවා. ෆ‍්‍රවුඩ් සයියාන් කියන එකේ තේරුම වෙන්නේ වංචාකාරී සැමියා කියන එකයි. මෙන්න මේ ෆ‍්‍රවුඩ් සයියාන් හින්දි සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ සෞරභ් ශ‍්‍රිවාස්තව් වන අතර මේ සිනමාපටය නිෂ්පාදනය කරන්නේ ප‍්‍රකාෂ් ජා, දිශා ජා සහ කනිෂ්ක් ගන්ග්වල්. අමල් දොන්වාර් සහ තරඩ් ත‍්‍රිපාතී විසින් තිර රචනය කරලා තියෙන ෆ‍්‍රවුඩ් සයියාන් හින්දි සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ සොහේල් සෙන් සහ තනිෂ්ක් බාග්චි විසිනුයි. මේ සිනමාපටයේ දර්ශන තළ විදියට යොදාගෙන තියෙන්නේ ඔබෙදුල්ලගනී, රයිසෙන්, භෝපාල් සහ මුම්බායි කියලා තමයි ඉන්දියාවේ මාධ්‍යවල වාර්තා කරලා තියෙන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ මේ සිනමාපටයේ භෝලා ප‍්‍රසාද් ත‍්‍රිපාටිගේ චරිතයට පණ පොවන ඔහු ගැනයි. මෙන්න මේ සිනමාපටවලත් විවිධ චරිතයන් හැඩ කරන්න ඔහු කැප වුණා.

1996 Tere Mere Sapne, Munna Bhai M.B.B.S. (2003),Lage Raho Munna Bhai (2006) Hogi Pyaar Ki Jeet (1999), Hulchul (2004), Maine Pyaar Kyun Kiya (2005), Salaam Namaste (2005), Golmaal:(2006), Dhamaal (2007), Krazzy 4 (2008), Golmaal 

Returns (2008), Ishqiya (2010), Golmaal 3 (2010), F.A.L.T.U (2011), Double Dhamaal (2011), Jolly LLB (2013) Golmaal Again (2017) Sehar (2005), Kabul Express (2006), Dedh Ishqiya (2014) Guddu Rangeela (2015).

ඔබට මතක් වුණාද ඒ කවුද කියලා? 1968 අප්‍රේල් 19 වැනිදා ඉන්දියාවේ මහරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බයිවලදී ඉපදුණු ඔහු නළුවෙක්, ගායකයෙක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වගේම නිෂ්පාදකයෙක් ද වෙනවා. 1996 වසරේ සිට හින්දි සිනමාවත් එක්ක එකතුවෙලා ඉන්න ඔහු නමින් අර්සාද් වර්සී. 1996 දී අමිතාබ් බච්චන් ප‍්‍රඩක්ශන් කම්පැනි එකෙන් කළ තෙරේ මෙරේ සප්නේ (1996) සිනමාපටයෙන් තමයි අර්සාද් හින්දි සිනමාවට එන්නේ. අර්සාද්ට සහායට මේ සිනමාපටයේ ඉන්න ඒ විහිළුකාරයා ගැනයි දැන් කියන්න හදන්නේ. ඔහු මෙන්න මේ සිනමපටවලත් ඔබට දකින්න හිටිය කෙනෙක්.

Satya (1998), Barfi! (2012), Jolly LLB (2013), Kick (2014), PK (2014), Jolly LLB 2(2017)  Raid (2018).

1963 මාර්තු 05 වැනිදා ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ්වල ගොරක්පූර්වල ඉපදුණු ඔහු මේ වන විට ඉන්දියාවේ නව දිල්ලිවලයි ජීවත් වෙන්නේ. 1984 ඉඳන් හින්දි සිනමාව හා සහ සම්බන්ධයෙන් කටයුතු කරන ඔහු නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක් වගේම තිර රචකයෙක් වෙනවා. ඔහු නමින් සෞරභ් ශුක්ලා. නැශනල් ෆිල්ම් වවෝර්ඩ් ඇතුළු සිනමා සම්මාන රාශියකින් ද ඔහු පිදුම් ලැබුව නළුවෙක්. දැන් ඔබට කියන්න හදන්නේ මේ සිනමාපටයේ ඉන්න යුවතියන් අතරින් ප‍්‍රධානම චරිතයට පණ පොවන එක වරක් දැක්කම ආපහු  වතාවක් දකින්න හිතෙන රූ සපුවකට හිමිකම් කියන ඒ සුරෑපී කෙල්ල ගැනයි. 1985 දෙසැම්බර් 11 වැනිදා කුවේට්වල කුවේට් සිටි එකේදි ඇය ඉපදෙන්නේ මෝනා ලිසා හුසේන් නමින්. පකිස්ථාන් ජාතිකයෙක් වන මැය 2004 ඉඳන් හින්දි සිනමාව නියෝජනය කරන අතර ඒ නිළියක් සහ නිරූපණ ශිල්පිනියක් ලෙසිනුයි. ඇය හින්දි සිනමාවට එන්න කලියෙන් උර්දු සිනමාපටයක තමයි තමන්ගේ රංගනය ඉදිරිපත් කරලා තියෙන්නේ. පාකිස්ථානයේ හොඳම නාට්‍ය රංගන ශිල්පිනියක් ලෙසින් සම්මානයට පාත‍්‍ර වූ ඇය ඔබ අපි දන්නේ සාරා ලොරේන් කියන නමින් වන අතර මර්ඩර් 03 සිනමාපටයේ ඇය රංගනයෙන් දායක වුණා. ඊට අමතරව ඇය ටෙලි නාට්‍ය සහ හින්දි උර්දු ඇතුළු කලා නිර්මාණ රාශියක තමන්ගේ රංගනයෙන් හැඩ කරලා තියෙනවා. ඒ වගේම අර්සාද්ගේ තවත් බිරිඳක් විදිහට 1984 සැප්තැම්බර් 29 වැනිදා ඉන්දියාවේ චන්චිගර්වල ඉපදී 1999 ඉඳන් නිරූපණ ශිල්පිනියක් සහ නිළියක් ලෙසින් ඉන්න ෆ්ලෝරා සයිනිත් මේ සිනමාපටයේ රංගනයේ යෙදෙනවා. ෆ්ලෝරා කන්නඩා, දමිළ, හින්දි, මළයාලම්, තෙළිඟු ඇතුළු සිනමාපට 50ක පමණ තමන්ගේ දක්ෂතා පෙන්නලා තියෙන නිළියක්. මේ කිව්ව කට්ටියට අමතරව වරුන් බඩෝලා, දීපාලී පන්සරේ, පාරග් ත්‍යාගී, නිවේදිතා තිවාරී, පීයුෂ් සුහනේයි, මෝහිත් බල්චන්දානී, පාරුල් බන්සාල්, කන්චන් ආවස්තී, අනන්ග්ෂා බිස්වාස, එල්ලී ඇව‍්‍රම් ඇතුළු නළු නිළියන් පිරිසක් ද මේ සිනමාපටය හැඩ කරන්න විවිධ චරිතයන්ට පණ පොවන්න එකමුතු වෙලා ඉන්නවා. මේ සිනමාපටය හැඩ කරන්න එහි තියෙන ගීතයන්හි පද අමුණලා තියෙන්නේ ශබ්බීර් අහ්මඩ්, සොහේල් සෙන් සහ කුමාර් ගී පද හැඩ කරන්න සප්ත ස්වරය මුසු කර තියෙන්නේ සොහේල් සෙන්, කුමාර් විසින් වන අතර ඒවාට පණ දෙන්න තමන්ගේ සුමියුරු හඬ මුසු කර තියෙන්නේ නේහා කක්කර්, රුමී, අරුන්, ඉක්කා අල්තමාෂ් ෆරීඩී සහ ශබාද් ෆරීඩී.

 

► Translation — Chandana Waravitage

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00