දුෂී ඔබ රංගන ක්ෂේත්‍රයට මුලින්ම පැමිණියේ කොහොමද?
මගේ යාළුවෙක් මට විෂුවල් එකකට කතා කළා. ඒ විෂුවල් එකෙන් පස්සේ එක්තරා නාළිකාවක නාට්‍යයකට කතා කළා. එහෙම තමා මුලින්ම රංගන ක්ෂේත්‍රයට පැමිණියේ.
කලා ක්ෂේත්‍රයට පැමිණෙනවා කියලා කුඩා කල සිටම අරමුණක් තිබුණද? නැත්නම් එය අහම්බෙන් සිදුවුණ දෙයක්ද?
ඔව් මම චූටි කාලේ ඉඳන්ම කලා ක්ෂේත්‍රයට ආසයි. නැටුම්වලට, සංගීතයට ඒ වගේම වේදිකා නාට්‍යවලට පොඩි කාලේ ඉඳලම සහභාගී වුණා. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රයටත් පොඩි කාලෙ ඉඳන්ම ආසාවෙන් හිටියා.
දූෂී ඇතැම් වෙබ් මාධ්‍ය මගින් සහ වෙනත් මාධ්‍යවලින් නිළියන්ට, නිරූපිකාවන්ට ගහන මඩ දැක්කම මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න බයක් නැද්ද?
නෑ. කොහෙත්ම නෑ. මේ ක්ෂේත්‍රයට අපි ආදරෙයි. එක එක්කෙනා ක්ෂේත්‍රයට අවතීර්ණ වන විදිහ අනුව තමයි ඒ කෙනාගේ පැවැත්ම තියෙන්නේ. මේ ළඟදි මගෙන් කෙනෙක් ඇහුවා මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නනම් අධ්‍යක්ෂකවරයෙක් එක්ක යන්නම ඕනෙද කියලා. මගේ උත්තරේ නම් ඒ දේ අවශ්‍යම නෑ. ඒ දේවල් නැතුවත් කෙනෙක්ට ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න පුළුවන්.
රංගන ක්ෂේත්‍රයට එද්දි ගෙදර කවුරුත් එපා කිව්වේ නැද්ද?
ම්.... පොඩි කාලෙ ඉඳලා රංගනයට, නර්තනයට ආසාව තිබුණ නිසා ලොකු තහනමක් තිබුණේ නෑ. ඒ වුණත් අම්මාගේ පවුලේ ගොඩක් ඉන්නේ ගුරැවරැ. එයාලා අම්මාට එක එක අදහස් දක්වනකොට අම්මත් පොඩ්ඩක් අකමැති වුණා. මුල් කාලේ අම්මත් මාත් එක්ක රෑගතකිරීම් කරන තැන්වලට ගිය නිසා අම්මා දැක්කා එහි වරදක් නෑ කියලා. ඒ නිසා දැන් ගෙදරින් ප්‍රශ්නයක් නෑ.
මේ ක්ෂේත්‍රයේ ඔබට ළඟම යහළු යෙහෙළියන් කවුද?
මට මේ ක්ෂේත්‍රයේ යෙහෙළියන්ට වඩා යහළුවෝ තමයි ඉන්නේ. එහෙම ඉන්න හරි ලේසියි. හැමෝම හරි ගාණට ආශ්‍රය කරනවනම් හරි පහසුයි.
මේ ක්ෂේත්‍රයට එන නවකයන්ට ඇතිවන ගැටලුවක් තමයි ඇතැම් විට එන අයුතු යෝජනා. ඔබටත් එවැනි ගැටලු තියෙනවද? ඒ ගැන මොකද හිතන්නේ?
මූණ දීලා තියෙනවා. පොදුවේ හැමෝටම වගේ ඔය දේ වෙනවා. හැබැයි කවුරුත් බලෙන් එක්කගෙන යන්නේ නෑ. අපි අකමැතිනම් ඒත් අපිව නාට්‍යයට ගන්නවා. නමුත් නාට්‍ය තුළ ලැබෙන සැලකිලි අඩු වෙනවා. එහෙමත් නැත්නම් අපිව ප්‍රතික්ෂේප කරනවා. ඒ දේ වෙන්නේ අපි වැඩ කරන විදිහ අනුව තමයි. ඒ එන දේවල් අපි ප්‍රතික්ෂේප කරන්න දැනගන්න ඕන.
ඔබ පෙම්වතියක්ද?
ඔව්... මම පෙම්වතියක්.
ඔබට මේ ක්ෂේත්‍රයට එන්න උදව් කළ අය මතක් කළොත්?
මුලින්ම මට උදව් කළේ මගේ අම්මා. ඒ වගේම අධ්‍යක්ෂ පරාක්‍රම ඒකනායක වගේ නම් නොකී කීපදෙනෙක්ම ඉන්නවා මට මේ ක්ෂේත්‍රයට එන්න උදව් කරපු.
දුෂී ඔබට ඉදිරියේදී තියෙන බලාපොරොත්තු මොනවද?
ප්‍රසිද්ධ නිළියක් වෙන්න අවශ්‍ය නෑ. හොඳ චරිතාංග නිරූපණය කරන දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න අවශ්‍යයි. හැබැයි ඒ දෙයට තව ලොකු ගමනක් මට යන්න තියෙනවා. මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 6ක් වුණාට තාම පොඩි වැඩ කොටසයි කරලා තියෙන්නේ. ඒ ඉතින් අර මම මුලින් කියපු අයුතු යෝජනා නිසා තමයි. එවැනි යෝජනා නිසා අනන්තවත් අවස්ථා ගිලිහී ගිහින් තියෙනවා. මගේ ගමන හෙමින් යන්න වෙලා තියෙන්නේ ඒ නිසයි. මගේ අඩුපාඩුත් හදාගෙන ඉදිරියට යද්දි මගේ බලාපොරොත්තුවට යන්න තව ටිකක් කල් යයි.
Hair & Make-up
Salon kushi
(Kushi Rajapaksha)
► Text and pic – Channa Kassapa Koralearachchi