2019 ජනවාරි 19 වන සෙනසුරාදා

කොරවෙන්න කොරියා.........

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:31 469

හින්දි බැලුවා. English බැලුවා. ටැමිල් බැලුවා. දැන් බලන්නේ Korean. මෙන්න  මා පුතී Trend. Korean ටෙලි, කොරියන් Films, කොරියන් Music දැන් ලංකාවේ Hit.  අද ලංකාව කොරියාවේ ප්‍රාන්තයක් වගේ බ්‍රෝ. ගමේ ටවුමේ කොල්ලෝ සෙට් එකෙන් දැන් එකෙන් දෙන්නෙක් Korea. එතකොට අවුරුදු දහ අටේ ඉඳලා අවුරුදු විස්ස විසිහතර වෙනකම් අපේ Girls ලාගෙන් බහුතරයක් Korean Fans ලා. කොල්ලත් බලනවා කොරියන් සීන්. තත්ත්වය බරපතළයි. Trend එක සැරයි. ඉතින් අපි Y Trend වලින් අද ගහමු මචෝ කොරියන් වීසා. But අදට විතරක් සුදෝ.

ලංකාවට කොරියන් සීන් එක මුලින්ම ආව හැටි මතකයිද? Full House කියලා ටෙලියක් ගියා. අපේ අයට වැඩේ අල්ලලා ගියා. පස්සේ ආවා සුජාත දියණි ලයින් එකේ ටෙලි වැලක්. ඔන්න අපේ අයට කොරියානු උම්මාදට වැළඳුණා. ඉල්ලුමට සැපයුම දෙන අපේ මීඩියා බ්‍රෝලාත් දුන්නා අපට  Korean ටෙලි ඇට්ටි හැලෙන්න. ටියුෂන් මාස්ටර්ලා ෆයිල් කවර, ඩේ කාඩ්, ස්ටිකර් අනම් මනන් ගැහුවා. Marketing අයියලා කොරියාවම ලංකාවේ විකුණන්න පටන් ගත්තා. ඒ වුණාට කොරියන් ටෙලි ලෝකේ වටේ යන්න ගත්තේ නම් 1990 වගේ ඉඳලා. හැබයි Top Hit වුණේ 2003 - 2004 වගේ.

ඔන්න අපේ රටේ සීන් එක දරුණුම අතට හැරුණු කට්ටිය මුලින්ම බැලුවේ කොරියන් ටෙලි ඩබ් කරපුවා, TV Chanel වලින් සබ් කරපුවා. පස්සේ පස්සේ  අපේ උන්  අන්තර්ජංජාලෙන් බාගත්තා ලෝකෙම හිට් වෙච්ච කොරියන් සුපිරි ටෙලි. ඔන්න බලන්න පටන් ගත්තා. දැන් නම් පිස්සු ආ... ඊට පාස්සේ Korean Film Line වුණා. ඔන්න ඊටත් පස්සේ කොරියන් Music ඉන්ඩස්ට්‍රියට Love කරන්න අපේ සෙට් එක පටනගත්තා.  K Pop නේ... සෝ ආතල් බ්‍රෝ.

Because කොරියන් culture එක හිට් වුණේ Trend වුණේ සිරිලංකාවේ විතරක් නෙවෙයි.  අමෙරිකාව, ඒ වගේම යුරෝපේ ගිනිකොණ දිග ආසියාව මේ කොරියන් සංස්කෘතික රැල්ලට Link වුණා. විශේෂයෙන් K PoP ඒ කියන්නේ කොරියානු සංගීතය මුළු ලෝකයම හොල්ලනවා මේ වෙනකොට. අපේ රටේ K PoP Fans ලා ඉන්නවා සෑහෙන්න. බහුතරය Teenager ලා. Girls ලා Special. නිකමට උසස් පෙළ කරන, කරපු වයසේ ගෑනු ළමයෙක්ගෙන් අහලා බලන්නකෝ K Pop ගැන,  Artist ලා වගේම Music Bands ගැන  සෑහෙන්න විස්තර කියයි.

කොරියාව කියන්න ලොකු ඉතිහාසයක්, සංස්කෘතියක් තියන රටක්. ඒත් කොරියානු යුද්ධයෙන් පස්සේ දකුණු කොරියාව බටහිර සංස්කෘතිය එක්ක මුහු වුණා. ඒත් ඒක එහෙම්පිටින්ම පරිවර්තනය වීමකට වඩා අනුවර්තනයක් කිව්වොත් හරි. එතකොට බිහිවුණේ වෙනස්ම ගති ලක්ෂණ තියන සංස්කෘතියක්. මේකට කියන්නේ කොරියානු ජනප්‍රිය සංස්කෘතික කියලා. ඒකට ගොඩක් සංකීර්ණ පැහැදිලි කිරීමක් තියනවා. ඒක අපේ Y Trend එකේ කියන්න අමාරුයි. Because අපි ආතල් සීන් එකේනෙ ඉන්නේ.

දැන් කොරියන් ටෙලි ගත්තොත් ඒවා ප්‍රධාන කොටස් දෙකක් තියනවා. අර කිව්ව Korean ජනප්‍රිය සංස්කෘතියේ ආභාශය ගත්තු ඒවා එකක්. අනික් ඒවා සාම්ප්‍රදායික ඓතිහාසික  Line එකේ. තව දෙයක් කොරියන් Film සීන් එක හොලිවුඩ් බොලිවුඩ් වගේ දැන් ඉහළට නැගගෙන එන්නේ. තාක්ෂණය භාවිතාව එහෙම උපරිමයි. ඒ වගේම ගුණාත්මකභාවයෙන් ඉහළයි. අපේ අය මේවලට ඇබ්බැහියි. ඒ කොරියානු සංස්කෘතියෙයි අපේ සංස්කෘතියෙයි අතර තියන බැඳීම නිසා.

අද කොරියන් සීන් එකේ තියන අමුතු ආතල් ටිකක් අපි දැන් බලමුකෝ. චීන ජනාධිපති හූ ජින් පින් පවා Korean ටෙලිවල Fan කෙනෙක්. චීනයේ Plastic Surgery  වලට කොරියානු විලාසිතා  හේතුවක් වෙලා. කොරියානු නව රැල්ලේ කෙල්ලෝත් සැරටම මේකප් කරනවලු. ඔය නළුවෝ, ගායකයෝ එහෙම k Pop සංගීත කණ්ඩායම්වල ගායනය වගේ නර්ථනය අනිවාර්යයි. අපේ සිරිලංකාවේ වගේ නටන්න බැරි අයට සිංදු කියන්න එහේ බෑ. දකුණු කොරියාව ටෙලි  සහ Films අපනයනයෙන් විතරක් 2004 අවුරුද්දේ ඩොලර් බිලියන 2 ක ආදායමක් කොරියාව ලබලා තියනවලු. මේ ඔක්කොම අස්සේ චීනේ  Wedding වල දැන් මනාලියෝ වැඩියම දාන්නෙත් Korean Fashion කියලයි කියවෙන්නේ.

ආ... තව හොංකොං, පිලිපීන, තායිවානය, තායිලන්තය, සිංගප්පූරුවෙත් මේ රැල්ල  සැරටම තියනවා. මේ කොරියන් උන්මාදය ලෝකයේ හඳුන්වන්නේ Korean Wave කියන නමින්. කොහොම වුණත් දකුණු කොරියාව මේ හැම දෙයක්ම ජාතික අභිමානයක් විදිහට තමා දකින්නේ. මොකද ජපන්, චීන අධිරාජ්‍යයන් ශතවර්ෂ ගාණක් කොරියාව අල්ලගෙන හිටිය නිසා  ඒ සංස්කෘතීන් තමයි කොරියාව ආක්‍රමණය කළේ. අද ඒකේ අනික් පැත්ත වෙලා තියෙන්නේ. ආඩම්බරයිනේ. තව දෙයක්  k Pop, K Teli, k Film Industries වලට කොරියන් Government එකෙන් Full සප් එකක් දෙනවා.

දැන් ආයේ අපේ සිරිලංකා පැත්තට හැරමුකෝ උඩ විස්තරේ බැලුවාම නම් අපේ අයට Korean Wave එක දැනුණා මදි වගේනේ. එහෙම හිතුණට එහෙමම නෑ. ලංකාවේ  Sri Lankan K pop Fans Base එකක් බුකියේ තියෙනවා. ඒ අය එක එක ඉවෙන්ට්ස් ඕගනයිස් කරලා තියනවා. ෆොටෝ එහෙම බුකියේ බලන්න පුළුවන්. කොරියන් ටෙලි DVD Market එකක් තියනවා. ඒ අස්සේ ලෝකේ පුරාම වගේම අපේ රටේත් කොරියන් Embassyයෙන් Korean Wave එක ප්‍රමෝට් කරනවා ඇඟට පතට නොදැනී. එයාලත් පොඩි පොඩි දේවල් සංවිධානය කරලා තියනවා. කැමති අය තව හොයලා බලන්නකෝ.

දැන් කොරියාවෙන් ආයේ සිරිලංකාවට එන්න හදන්නේ. වීසා ඉවරයි බ්‍රෝ. කතාව පට්ට වගේද නැත්නම් චාටර්ද? කොහොම වුණත් end එකට මේ ටික ගලපනවා. අද අපේ Korean Fans ලා ඉන්නේ හිරිමල් යෞවනයේනේ. ඉතින් මෙයාලා Teenagers ලා Younger ලා වෙලා දවසක Elders ලා වෙනකොට කොරියන් පිස්සුව සැරටම මෙහෙත්  තියෙයි සුදෝ. ඕන් අද Y Trend එකෙන් අද කිව්වා කියලා මතක තියාගන්නකෝ. ඕන් අපි ගියා. බයි බායි කොරියා..

 

► Text - Nisal   /   Pic – Internet