2019 ජනවාරි 19 වන සෙනසුරාදා

බ්ප්ස්ලාගේ ඩුග්ගුලාගේ උපන්දින කතා

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 61

බොලිවුඩ් නළු නිළියන්ගේ උපන්දින සැමරුම් කවදද කියලා දැනගන්න හින්දී සිනමාලෝලීන් වන ඔබ ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලා අපි දන්නවා. මේ අවුරුද්ද පටන්ගත්තට පස්සෙ ජනවාරි මාසේ උපන්දින සැමරුව නළු නිළියො කවුද කියලයි මේ කියන්න යන්නෙ.හැමදාම අපේ තරු උපන්දින සමරන්නේ කවද්ද කියන මතකයට ඉඩක් දෙන අතරේ අපි හිතුවා අපි ආදරය කරන බොලිවුඩ් තාරකා කී දෙනෙක් ජනවාරියේ උපන්දිනය සැමරුවාද කියලා හොයලා බලන්නත්.
ඔබ කවුරැත් ආදරය කරන දීපිකා පදුකෝන්ගේ උපන්දිනය යෙදිලා තිබුණේ ජනවාරි 5 වැනිදා. එයාට සිනමාලෝලීන් කියන්නෙ සින්ඩ්‍රෙල්ලා කියලයි. එයා හින්දී සිනමාවට පා තැබුවේ ඕම් ශාන්ති ඕම් චිත්‍රපටයෙන්.

ඔයාලා කවුරුත් ආදරය කරන ඒ.ආර්. රහුමාන්ගේ උපන්දිනය යෙදිලා තිබුණේ ජනවාරි 6 වැනිදා. සමකාලීන සංගීතඥයන් අතර ලෝකයේ ඉහළින්ම ඉන්න සංගීතඥයෙක් තමා ඒ.ආර්. රහුමාන් කියන්නෙ. රහුමාන් ඔස්කා සම්මාන 2ක් දිනාගෙන තියෙනවා Slum dog milliner චිත්‍රපටය වෙනුවෙන්.

ෆර්හාන් අක්තාර් කියන්නෙත් නැගී එන නවක නළුවෙක්. එයා සොයා අක්තාර්ගේ මල්ලි. ගීතරචක ජාවේඩ් අක්තාර්ගේ පුතා. එයා දක්ෂ නළුවෙක්. රඟපාන්න, ගීත ගයන්න, ලියන්න, අධ්‍යක්ෂණය කරන්න, නිෂ්පාදනය කරන්න වගේ ගොඩක් දේවල් ෆර්හාන්ට පුළුවන්. ෆර්හාන් ඉන්දීය ජාතික සම්මානයෙන් පිදුම් ලබා තියෙනවා දිල් චාතා හේ චිත්‍රපටය වෙනුවෙන් 2002දී.

කේරළයේ දමිළ පවුලක උපන් විද්‍යා බාලන් ඉපදුණේ 1978 ජනවාරි 1 වැනිදාවක. වැඩිපුර සාරිය අඳින සාම්ප්‍රදායිකත්වයට ප්‍රිය කරන විද්‍යා හුඟක් උස බොලිවුඩ් තරැවක්. ලස්සන ඇස් ඇති බිපාෂා බාසු ඉපදුණේත් ජනවාරියේ. ඒ 1979 ජනවාරි 7 වැනිදා. බිප්ස්, ඒ තමා බිපාෂාගේ සුරතල් නාමය. කලක් ඇය ආසියාවේ සරාගීම කාන්තාව ලෙසත් විවරණ ලැබුවා. 

අළු පාට ඇස් ඇති රිතික් රෝෂන් ඉපදුණෙත් ජනවාරියේ. 1974 ජනවාරි 10 ඉපදුණු අඩි 6 අඟල් 2ක් උස ඩුග්ගු නමින් කවුරුත් හඳුන්වන රිතික් වගේම ඉම්රාන් ඛාන්, ෆර්හාන් අක්තාර් ඉපදිලා තියෙන්නෙත් ජනවාරියේ. 

 Mohomad Ishaq