දේශීය සිනමාව ලෝකයට ගෙනයෑම සහ මෙරට සිනමා කර්මාන්තයට දායක වූ ප්‍රවීණ කලාකරුවන් අගයමින් ඔවුන්ගේ කුසලතා නුතන පරම්පරාවට හඳුවන්දීමේ අරමුණින් ශ්‍රී ලංකා ටෙලිකොම් ‘පියෝ ටීවී’ සේවාව රසික ඔබ හමුවට ගෙන එන ‘හෙලවුඩ් පොප්කෝන්’ නාලිකාව නිල වශයෙන් එළිදැක්වීමේ අවස්ථාව ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පසුගියදා පැවැත්වුණා.
මෙහිදී ලතා වල්පොල,දයා විමලවීර සහ විල්සන් කරුණාරත්න යන ප්‍රවීණ කලාකරුවන් තිදෙනාට විශේෂ උපහාර පිදීමක් ද සිදු කෙරුණා. පරම්පරා කීපයම නියෝජනය කරමින් සිනමාවේ තරු වලින් පිරී ගිය මේ සුන්දර අවස්ථාවෙන් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.
I Romesh Dhanushka Silva