කාලෙකින් වැස්සෙ
මේ මහ පොළොවට
කොච්චර ඇඬුවත්
නෑ දැනුණෙ අහසට
හිටිවනම වැක්කෙරෙන
තරුත් තියෙනවා අහසෙ
වාං දමද්දී ස්නේහය
හොයාගෙන එන හැටි පුදුම
ඉගැන්නුවේ කවුරුන්ද අඬන්න
ළා නිල් පාට අහසට
ලිහිණියේ මං නුඹට ආදරේ
එන්න ඉස්සර කීවාට පණිවිඩය
අඳුරටම අඬගසන හැන්දෑව කෙළවරක
කඳුළු කැට හරි බරයි
ඇස් අගින් වෑස්සෙන
නොකීවට මං නුඹට
කියවන්නෙ අපි කොහොම
ජීවිතේ මහා පොත
හදවතින් විතරමයි
ගැටගැහුණෙ ස්නේහය