අද අපි කතා කරන්නට යන්නේ 12 years a slave කියන චිත්‍රපටය ගැනයි. මේකත් සත්‍ය සිද්ධියක් පාදක කරගත්ත චිත්‍රපටයක්. චිත්‍රපටයට පාදක වුණේ 1853දී නිව් යෝර්ක් නගරයේ ඉපදුණු සොලමන් නෝර්කප් කියන අප්‍රිකානු අමෙරිකන් තරුණයාට මුහුණපාන්නට සිදුවුණු සිද්ධියක්. ඔහු ඒ ගැන ලියපු සටහන් හා පොත අශ්‍රයෙන් තමයි චිත්‍රපටය හැදෙන්නෙ. ඔහුව 1853දී වොෂින්ටනයේදී පැහැරගැනීමකට ලක්වෙලා වහලෙක් විදිහට අලෙවි කරනු ලබනවා. පසුව ඔහුව ලුසියානාවල වගා කටයුතුවලට බලහත්කාරයෙන් යොදවනු ලබනවා නිදහස් වෙන්න අවුරුදු 12කට කලින්. ඒ කතාව තමයි මේකෙ තියෙන්නෙ. මේ කතාව පසු කාලයක ඉතා හොඳින් කරුණු කාරණා එක්ක සකස් කරනු ලබනවා. විශේෂයෙන් චිත්‍රපටයේ රඟපෑ ඇතැම් චරිත මෙම කතාවේ සැබෑ චරිතමයි. චිත්‍රපටය නිර්මාණය හා සංස්කරණය කරනු ලැබූ සටහන් සියල්ල ඉතා නිවැරදිව සිදුකරන්න මේ සංස්කාරකවරු හා නිර්මාණවේදින් වගබලාගෙන තියෙනවා.
මේ චිත්‍රපටය කරලා තියෙන්නෙ ස්ටීව් මැකීන්. චිත්‍රපට කතාව ලියලා තියෙන්නෙ ජෝන් රිඩ්රි. සොලමන් නෝර්කප් විදිහට රඟපාන්නෙ චිවේටල් එජියො ෆෝ. චිත්‍රපටයට භාවිත කරලා තියෙන භූමි දර්ශනද කතාවට පාදක වුණු සැබෑ වගාබිම අසලින්ම තියෙනවා කියලා කියනවා. මේ චිත්‍රපටය 2013දී හොඳම චිත්‍රපටය ලෙස බොහෝ තැන්වලදී සම්මාන ලැබුවා. මාධ්‍ය මගින් ලොකු ප්‍රසිද්ධියකුත් ලබාදුන්නා. 2013දී ඔස්කා ඇකඩමි සම්මානය හම්බවුණෙත් මේ චිත්‍රපටයටයි. පසු කාලයේදී 2000 සිට හැදුණු චිත්‍රපට අතරින් 44 වැනි ස්ථානයට මෙම චිත්‍රපටය නම් වුණා.
දැන් කියන්න යන්නෙ චිත්‍රපටයේ කතාව. සොලමන් නෝර්කප් 1841දී වයලින් වාදකයෙක් විදිහට සිය ආදරණීය පවුලත් එක්ක නිව් යෝර්ක්වල ජීවත් වුණා. ඒ අතර සුදු ජාතිකයන් දෙදෙනෙක් සොලමන්ට අර්ධකාලීන සංගීතඥයෙක් විදිහට වැඩ කරන්න එන්න කියනවා වොෂින්ටන්වලට. කොහොමහරි මේ දෙන්නා වොෂින්ටන්වලට එන සොලමන්ව වහල්හිමියෙක්ට විකුණනවා. එතැන සොලමන්ට වහලෙක් විදිහට තාඩන පීඩන එල්ල කරන්න පටන් ගන්නවා. පසුව සොලමන්වයි තවත් අප්‍රිකානු අමෙරිකන් වහලුන් පිරිසකුයි නැවකින් යවනවා තවත් ප්‍රදේශයකට. යන අතරමඟදී සොලමන්ට සෙසු වහලුන් කියනවා ඔබ ජීවිතය රැකගන්නනම් වහලෙක් වගේ ඉන්න ඕන, නිදහස් මිනිහෙක්ය යන වග නොකියන්න ඕන කියලා. එතනදී සොලමන්ට ප්ලැට් කියලා වහල් හැඳුනුම්පතක් දෙනු ලබනවා. එතැනින් ඔහුව විලියම් ෆෝඩ් කියන වැවිලිහිමියාට විකුණනු ලබනවා. ෆෝඩ් කියන පුද්ගලයා සොලමන්ට වයලීනයක් අරන් දෙනවා මෙන්ම ඔහු සොලමන්ව ප්‍රිය කරනවා. ඒ වුණත් ඒ වැවිලි කටයුතුවල ඉන්න වඩුවැඩ කරන හාදයෙක් එක්ක ආරෝවක් වෙලා සොලමන්ට නැවත තාඩන පීඩන එල්ල වෙනවා. එහිදී සොලමන් එල්ලන්න නියමවෙන අතරතුර ඔහුට කරුණාව පාන ෆෝඩ් මහතා ඉතා ඉක්මණින් තවත් වැවිලිහිමියෙක්ට සොලමන්ව අලෙවි කරනවා. නමුත් මේ වැවිලිහිමියා ෆෝඩ් වගේ කරුණාවන්ත නැහැ.
එහිදී සොලමන්ට හමුවෙනවා පාම්සි. පාම්සි කියන්නෙ එඩ්වින් ඒප්ස් කියන මේ නව වහල්හිමියාගෙ කපු කර්මාන්තයේ ඉන්න දක්ෂතම ගැහැනු දැරිවියක්. එඩ්වින් ඒප්ස් ඇයව අපයෝජනය කරනවා පුරුද්දක් විදිහට.
නමුත් මේ කාලයේ කපු වගාවට සිදුවන දිලීර උවදුරක් නිසා තාවකාලිකව වහලුන්ව යවනු ලබනවා තවත් වැවිලිකරුවෙක් වුණු ජජ් ටර්නර් ළඟට. ඔහු සොලමන්ට සංගීත ඥානය උපයෝගී කරගෙන ආදායමක් හොයාගන්න ඉඩදෙනු ලබනවා. ඒ සල්ලි සොලමන් යවනවා නිව් යෝර්ක්වල යාළුවෙක්ට. සොලමන් උත්සාහ කරන්නෙ මුදල් ගෙවා නැවත නිදහස් වෙන්න. එකල අමෙරිකාවේ අප්‍රිකානු අමෙරිකානුවන්ට වහල්භාවයෙන් නිදහස් වෙන්න පුළුවන්කම තිබුණා මුදල් ගෙවලා. නමුත් උත්සාහය අසාර්ථක වෙනවා.
පසුව සොලමන්ට වැඩ කරන්න සිද්ධවෙනවා කැනේඩියානු කම්කරුවෙක් එක්ක. ඔහුගේ මාර්ගයෙන් ලියුමක් තැපැල් කරන්න සොලමන්ට පුළුවන් වෙනවා. පසුව
නිව් යෝර්ක් මිතුරෙකු ඔහු වෙනුවෙන් ඉදිරිපත් වෙනවා මෙන්ම සොලමන් බේරාගන්න ඔහු එනවා. කෙසේ හෝ නිත්‍යනුකූලව එතැනින් සොලමන් වෙන් වෙනවා. එහිදී පාම්සිගෙන් වෙන්වීම ඉතා සංවේදී ලෙස දැක්වෙනවා. කෙසේ හෝ සොලමන්ට හැකිවෙනවා නිදහස් කුරුල්ලෙක් ලෙස නැවත ජීවිතයට ඇතුළු වෙන්න. නමුත් පාම්සි ඇතුළු තවත් සුවහසක් වහලුන් ග්‍රහණයේ සිටින බව අපට එතැනින් අමතක වෙන්නෙ නැහැ.
අවුරුදු 12ක වහල් ජීවිතෙන් පසුව ඔහු සිය පවුල වෙත යනවා. ඔහු පවුල වෙත යනකොට දකිනවා බිරිය, දරුවන්, මුණුපුරන් සහ බිරියගේ නව සැමියා.
චිත්‍රපටය අවසානයේ තියෙන සටහන්වල විස්තර කරලා තියෙනවා පසුකාලීනව සොලමන් විසින් අප්‍රිකානු අමෙරිකන් වහලුන් නිදහස් කරමින් අමෙරිකාවේ වහල්භාවය අහෝසි කිරීමේ ඔහුගේ භූමිකාවයි, දායකත්වයයි.
සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කළ මේ චිත්‍රපටය අපට පෙන්වනවා ලෝකයේ එක් කොණක මනුස්සකම ඉතා අඩු බව හා ම්ලේච්ඡ විදිහට අලෙවි වන ආකාරය. ඒත් එක්කම මිනිසෙකුගේ ඉරණම විසඳන්න මොන තරම් අවාසිදායක කොන්දේසි තිබුණත් තවත් මිනිසුන් ඉදිරිපත් වන ආකාරය. කොහොම වුණත් මේ චිත්‍රපටය ඔබ කවුරුත් අනිවාර්යයෙන්ම බලන්න ඕන චිත්‍රපටයක්.
► Text - M Ishaq