2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

ඒක මාර මතකයක්ලු

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 55

එක්තරා තරුණ කලා ශිල්පියෙක් එයාගේ දුවගේ ටෙස්ට් එකක් ගන්න සුප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ගියාලු. පහුවදා රිපෝට් එක ගන්න තිබුණේ. කලා ශිල්පියා පහුවදා උදෙන්ම ඒක ගන්න ගියාට ලැහැස්තිවෙලා තිබිලා නැහැ. ඔහුට තිබුණ වැඩරාජකාරි නිසා හවස රිපෝට් එක ගන්න ඔහුගේ බිරිඳට යන්න කිව්වලු.

රෝහලට ගියාම තමයි බිරිඳට මතක් වෙලා තියෙන්නේ අදාළ රිසිට් එක ගෙනවිත් නැති බව. ඇය කවුන්ටරේ තරුණ නිලධාරිනියට ගිහින් කතා කළාලු.
මගේ හස්බන්ඩ් අද උදේ රිපෝට් එක ගන්න ආවා.. ඇයට කියන්න හම්බුණේ ඒ ටික විතරලු.

අර සුදු සර් නේද? 3232 අගට එන ෆෝන් නම්බර් එකක් තියෙන්නේ.. අර කෙල්ල කියාගෙන කියාගෙන ගියාලු.  රිපෝට් එක අතට අරං ගෙදරට ආපු නෝනා මුලින්ම කළේ මහත්තයට කෝල් කරලා රෝහලේ කෙල්ලගෙ විස්තරේ කියපු එකලු.
මේ කෙල්ලට කොහොමද ඔයාගේ ෆෝන් නම්බර් එකත් මතක තියෙන්නේ?

අයියෝ කලබල වෙන්න එපා. අද තාක්ෂණේ හරි දියුණුයිනෙ බබා. නෝනගේ මූණ දැක්කම මහත්තයගේ නොම්මරේ මතක් වෙන අලුත් තාක්ෂණයක් මේ අය හයි කරලද දන්නෙ නැහැ මහත්තයා කිව්වලු

කාවද සින්දුවට හරියන්නේ?

නවකයෝ හා ප්‍රවීණයෝ අතර තිබෙන පරතරය වගේම ඔවුන් තුළ තිබෙන්නා වූ ආකල්පමය වෙනස්කම් එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවෙන පාටක් නැහැ. ප්‍රවීණ ගේය පද රචකයෙක් පසුගිය දවසක අපූරු සටහනක් මූණු පොතේ පළකරලා තිබුණා.
දැන් දැන් නවක ගීත රචකයෝ ප්‍රවීණ ගේය පද රචකයන්ට මූණු පොතේ inbox කරලා අහනවලු මම ලියපු මේ සින්දුව වැඩියෙන්ම ගැලපෙන්නේ මොන ගායකයටද? කියලා.

ඇතැමුන් ප්‍රවීණ ගායකයන්ගේ නම් කීපයක් ද යෝජනා කරලා අහනවලු ඒ අතරින් වැඩි‍යෙන්ම සුදුසු ගායකයා කවුද කියලා.

අපි ක්ෂේත්‍රයට ආපු කාලෙනම් අපි ප්‍රවීණයන්ගෙන් අහලා දැනගත්තේ අපේ නිර්මාණවල තියෙන අඩුපාඩු. දැන් වචනවල අඩුපාඩු නැති බව ඒ නවකයොම තීරණය කරලා. අපෙන් ඒ අය බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලො ලියලු ඒවාට ගායකයෝ තෝරලා දෙන එක විතරයි.

 

කණ්ණාඩිය නොගලවන රහස එළියට

එක්තරා නළුවෙක් වසර ගණනාවක් ඇස් කණ්ණාඩි පාවිච්චි කළේ පත්තර හෝ පොත්පත් කියවන්නට පමණක් බව ඔහු සමඟ වැඩ කළ සහෝදර ශිල්පීන් වගේම කාර්මික ශිල්පීනුත් දැනගෙන හිටියා.
ඒත් මෑතක සිට මේ ශිල්පියා නිතරම ඇස් කණ්ණාඩි පළඳිමින් ඉන්නවා. රඟපාන විටත් කණ්ණාඩිය ගලවන්නේ නැහැල්ලු.

ඔයාට දුර පෙන්නෙත් නැහැ වගේ නේද? ඔහුගේ හිතවතකු අර ශිල්පියාගෙන් ඇහුවලු.
නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ

එහෙනම් දිගටම කණ්ණාඩි පාවිච්චි කරන්නෙ මොකෝ?
ආ ඒකද? මම පහුගිය අවුරුද්දට විතරක් කණ්ණාඩි කුට්ටම් 4ක් නැති කරලා තියෙනවා තැන් තැන්වල තියලා. ඒකට විසඳුමක් හැටියට තමයි මේ පාර කණ්ණාඩිය නොගලවා දිගටම දාගෙන ඉන්නේ?

 

► Text - Mithra

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00