සුරේෂ්... මතකද චිලීව මුණගැහුණු මුල් කාලය...?
චිලීව මට මුණගැහුණු කාලය “මෙන්න මේ කාලය කියලා කියන්න හරියටම මට මතක නැහැ. හැබැයි චිලීව මට ටී.වී. ප්‍රෝගෑම් එකකදී තමයි මුලින්ම මුණගැහුණේ. ඊට කලින් කීපවතාවක්ම චිලීව මට මුණගැහිලා තිබුණාට ඒ කාලෙදී චිලීත් පොඩ්ඩක් සයිඩ් හිනාවක් දාගෙන යනවා. මාත් ඉතින් සයිඩ් හිනාවක් දාගෙන යනවා. ඊට එහා කතා කරලා තිබුණේ නැහැ. ඒ කාලෙදී ඉතින් දෙන්නම හිටියේ ඩෝන්ට් කෙයාර් එකෙන් තමයි. හැබැයි ඊට ටික කාලයක් යද්දී මම සංගීත පැත්තට ටිකක් නැඹුරු වුණාට පස්සේ අපි දෙන්නට ටී.වී. ප්‍රෝග්‍රෑම්වලින් මුණගැහුණා. ඊට පස්සේ ඉතින් අපි දෙන්නම කතාබහ කළා. ටික කාලයක් අපි ෆෝන් එකෙන් එහෙම කතා කරගෙන යද්දී මට තේරුණා චිලී කියන්නේ ඉතා දක්ෂ කලාකරුවෙක් වගේම හිත හොඳ කොල්ලෙක් කියලා.
ඇත්තටම චිලී මොන වගේ යාළුවෙක්ද...?
චිලී අද වෙද්දී මගේ ගෙදර යනඑන මම චිලීගේ ගෙදර යනඑන හොඳ යාළුවෙක්. ඉස්සර ෆීල්ඩ් එකට ආපූ අලුත චිලී එහෙම කාත් එක්කවත් කතා කළේ නැහැනේ. මම හිතන විදිහට ඒකට මූලික හේතුව වෙන්න ඇත්තේ ඒ කාලෙදී ඇසුරු කරපු යාළුමිත්‍රයින් වෙන්න ඇති. ෆීල්ඩ් එකට ආවට පස්සේ ඒ යාළුවන් අතරේ ටිකක් වෙනසක් තිබුණා. ඒ කාලෙදී චිලී වැඩිය කාත් එක්කවත් කතා කළේ නැහැ. අපි කවුරැත් ඉතින් ආපු අලුත එහෙමනේ... හැබැයි ෆීල්ඩ් එකට ඇවිත්... ටික කාලයක් ගියාට පස්සේ චිලී ඒ සාමාන්‍ය රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තා. චිලී අපි හැමෝම එක්කම කතාබහ කරන හොඳ යාළුවෙක් වුණා. මිනිසුන්ගේ දුක තේරුම් ගන්න පුළුවන් වෙන දුප්පතාගේ දුක තේරුම් ගන්න පුළුවන් නිහතමානී කලාකරුවෙක් වගේම ආඩම්බර නැති යාළුවෙක් විදිහට අද මම චිලීට මානුෂික හැඟීම් දැනෙන මේ පොළවේ පය ගහලා ජීවත් වෙන්න දරන කොල්ලෙක් විදිහට තමයි අද මම චිලීව දකින්නේ.
චිලීට දැන් ගායනය වගේම නර්තනයටත් යම් හැකියාවක් තියෙනවා. චිලී ඒ ගැන මොකද හිතෙන්නේ...?
ඇත්ත... චිලීට ගායනය වගේම නර්තනයටත් දක්ෂයි. ඒ විතරක් නෙමේ. චිලීට හොඳ හැකියාවක් තියෙනවා. ඒ තරම් වේදිකාවේදී චිලී හරි ලස්සනට බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයින්ව තමන්ගේ ගායනයට ළංකරගන්නවා. වේදිකාවේදී හොඳට දඟලලා, සින්දු කියලා බලාගෙන ඉන්න එයාගේ එයාගේ රසික රසිකාවියන්ව පිනවීමේ හොඳ හැකියාවක් චිලීට තියනවා. බොහෝ කලාකරැවන්ට ඒ හැකියාව නැහැනේ. හැබැයි චිලීට ඒ හැකියාව හොඳටම තියෙනවා. චිලීට රඟපාන්න පුළුවන්. හැබැයි ඉතින් මේ රටෙත් චිලීගේ ඒ හැකියාවත් තවම හරියට තේරුම් අරගෙන නැහැ වගෙයි මට නම් දැනෙන්නේ. මම හිතන විදිහට තවමත් චිලීගේ හැකියාවන් හරියට ප්‍රයෝජනයට අරගෙන නැහැ. ඒක ඉතින් තමන්ගේ Unluck එකක්ද එහෙම නැත්නම් මේ සමාජයේ Unluck එකක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. නමුත් චිලීගේ වටිනාකම තාම කෙනෙක් හරියට අරගෙන නැහැ කියලයි මට නම් තේරෙන්නේ.
චිලීගේ විලාසිතා ගැන සුරේෂ්ට මොකද හිතෙන්නේ...?
චිලී විලාසිතා කරන්න හරි ආසයි. එයා හරියට විලාසිතා කරනවා. කාලෙන් කාලයට එක එක විලාසිතා කරනවා. ඒවා එයාට ලස්සනයි. කොහොමත් ඉතින් කොලු වයසට ඔය වගේ විලාසිතා කළාට වරදක් නැහැනේ.
චිලී එක්ක ප්‍රසංගවල ගියාම අමතක නොවන සිදුවීම් එහෙම වෙලා නැද්ද...?
අම්මෝ... එහෙම අමතක නොවුණු සිදුවීම් නම් ඕනෑ තරම් වෙලා තියෙනවා. චිලී කියන්නේ පොඩ්ඩක්වත් ලෝභ නැති චරිතයක්. චිලී කවදාවත් පර්ස්එක හංඟාගෙන වැඩ කරන චරිතයක් නොවේ. චිලීට අද දවසේ හොඳට සතුටු වෙන්න තමයි ඕන කරන්නේ. හිතේ දුක තියාගෙන දවස් ගෙවන්න චිලී කැමති නැහැ. රට ගිය අවස්ථාවලදී වුණත් චිලී හොඳට Team Work එකකින් වැඩ කරන්න පුළුවන් හොඳ කොල්ලෙක්.
ඉතින් පිටරට ගියාම වුණත් චිලී හරි සෙල්ලක්කාරයි. අනවශ්‍ය වැඩවලට නම් චිලී මැදිහත් වෙන්නේ නැහැ. හැබැයි පාරේ ඔය කෙල්ලෝ දකිද්දී වුණත් චිලී විහිළු කරනවා. චිලීට මියුසික්වලට ඩාන්ස් කරන්න හරි ආසයි. ඉතින් දවසක් අපි ටුවර් එකකට ගිහින් රෙස්ටූරන්ට් එකකට ගිය වෙලාවක පැයකින් නටලා එනවා කිව්ව කෙනා රෑ එකොළහ ඉඳන් පාන්දර තුන වෙනකන් එළියට ආවේ නැහැ. ඒ වෙනකන් රෙස්ටූරන්ට් එකේ එළියේ කෑල්ලේ මම ඔහේ එක එක දේවල් කකා වාඩිවෙලා හිටියා. ඒක මට නම් අමතක වෙන්නේ නැහැ. එහෙම විනෝද වුණට කවදාවත් චිලී අනවශ්‍ය දේවල්වලින් නම් විනෝද වෙන්නේ නැහැ. චිලී ඩාන්ස් කරලා විනෝද වෙන්න හරි ආසයි. මත්පැන් පානයට, දුම්පානයට පුරුදුවෙලා චිලී අශීලාචාරව හැසිරෙන කෙනෙක් නම් නෙමේ.
චිලී ආස කරන කෑම බීම ගැන සුරේෂ්ට මොකද හිතෙන්නේ...?
චිලීට හොඳට කන්න ඕනේ. හොඳ කෑම බීම කන්න ඕනේ. හැබැයි කෑමවලදී චිලීගෙන් එහෙම වදයක් නැහැ. හොඳට කන වෙලාවට චිලී හොඳට කනවා.
චිලීට කේන්ති යනවාද...?
එහෙම ලොකුවට කේන්ති යන, හැමවෙලේම කේන්ති යන කොල්ලෙක් නම් නෙවේ. හැබැයි ඉතින් අසාධාරණයක් දැක්කාම ඉවසීමේ සීමාව පැනපුවහම නම් චිලීගේ ඒ කේන්තිය පිටකරන වෙලාවලුත් තියෙනවා. දවස් කිහිපයක් කතා නොකර හිටියොත් අඩුම ගානේ එස්.එම්.එස්. එකක්වත් නොයැව්වොත් චිලී ටක්ගාලා කෝල් කරලා “ඇයි මොකද බං... වෙන්නේ අවුලක්ද...? කියලා අහනවා. සමහර වෙලාවට මම වැඩක ඉඳීද්දී මම ෆෝන්එක ආන්සර් නොකළොත් චිලී ඉක්මනට හොයලා බලනවා. ඇත්තටම චිලී හොඳ මිත්‍රයෙක්.
චිලී වගේ මිත්‍රයෙක් ජීවිතේට මුණගැහුණු එක ගැන සුරේෂ්ට මොකද හිතෙන්නේ...?
චිලී කියන්නේ හරිම හරි හොඳ මිත්‍රයෙක්. චිලී වාසියට ඇසුරැ කරන මිත්‍රයෙක් නෙමෙයි. චිලී කෙලින් වැඩ කරන මිත්‍රයෙක්. චිලී ඕනෑම දුකකදී සැපකදී යාළුවන් ළඟින් ඉන්න මිත්‍රයෙක්. යාළුවෙක්ගේ සතුටකදී වගේම දුකකදීත් චිලී ළඟින්ම ඉන්නවා. ඇත්තටම චිලී වගේ යාළුවෙක් ජීවිතයට මුණගැහුණ එක ගැන හිතේ තියෙන්නේ ලොකු සතුටක්. ඔන්න ඔහොම තමයි චිලී ගැන සුරේෂ් කිව්වේ.
අපි ඒ නිසාම චිලීගෙනුත් සුරේෂ් ගැන ඇහුවා. කියවලා බලන්නකෝ... දෙන්නට සිදුවුණු රසබර අමතක නොවුණු අත්දැකීමකුත් චිලී කියලා දැම්මා. සමහර සිදුවීම් නම් මාධ්‍යයකින් ලියන්න කියන්න බැරි නිසා ඒ සමහර සිදුවීම් අපිට සංශෝධනය කරන්නත් සිදුවුණා.
චිලීට සුරේෂ්ව මුණගැහුණේ කොයි කාලේදීද...?
මම ෆීල්ඩ් එකට එන්න ගොඩාක් කලින් තමයි සුරේෂ් මේ ෆීල්ඩ් එකට ආවේ. මට මතක හැටියට මම ඉස්කෝලේ යන අවසන් කාලයේදීත් සුරේෂ් ලංකාවේ ජනප්‍රිය තරුවක්. ඉතින් සුරේෂ්ව එහෙම දැනගෙන හිටියට මාව සුරේෂ් දැනගෙන හිටියේ නැහැනේ. සුරේෂ් යන ජිම්එකටම තමයි මාත් ගියේ. ඉතින් සුරේෂ්ව මම ජිම් එකේදී දැකලා තිබුණාට කතා කරලා තිබුණේ නැහැ. එතකොට සුරේෂ් ගොඩාක් හැඩිදැඩියි. ඉතින් කොහොමහරි කාලයත් එක්ක මටත් මේ ෆීල්ඩ් එකට එන්න අවස්ථාව ලැබුණා.
ක්ෂේත්‍රයට ආවට පස්සේ ඒ මුණගැසීමේ මතකයක් චිලීට තියෙනවාද...?
ඔව්... මට මතක හැටියට මොකක් හරි ෂෝ එකක රියසල් කරන්න මමත් ගිහින් හිටියා. සුරේෂුත් ඇවිත් හිටියා. ඒ වෙලාවේ දවල් කෑමට සුරේෂ් සැලඩ්එකක් තමයි කකා හිටියේ. ඉතින් ඒ ළඟින් වාඩි වුණා පස්සේ සුරේෂ් ඒ කමින් හිටපු සැලඩ්එක මට දිග් කළා. ඒ යාළුකමට දීපූ සැලඩ් එක තමයි අද මේ තරම් හොඳ යාළුකමට පාර පෙන්නුවේ.
සුරේෂ්ගේ විලාසිතා ගැන චිලී මොකද හිතෙන්නේ...?
සුරේෂ් කියන්නේ වෙනස්ම චරිතයක්. සුරේෂ්ටම ආවේණික විලාසිතා තමයි එයා අනුගමනය කරන්නේ. කවදාවත් සුරේෂ් කාගේවත් විලාසිතාවක් කරන්න උත්සාහ කරන්නේ නැහැ. එයා අඳින විදිහ ටිකක් වෙනස්. ඒකට බොහෝ දෙනා කැමතියි. අනෙක සුරේෂ් ඇඳුම් පැළඳුම්වලට ගොඩාක් වියදම් කරනවා. එයාටම වෙනම ස්ටයිල් එකක් තියෙනවා. මම ඒකට කැමතියි.
සුරේෂ්ට කේන්ති යනවාද...?
නැහැ... සුරේෂ්ට එහෙම ලේසියෙන් කේන්ති යන්නේ නැහැ. මුල් කාලේදී මම දැකපු සුරේෂ් ටිකක් කලබලකාරි චරිතයක්. නමුත් දැන් මේ වෙද්දී සුරේෂ් හරිම දියුණුයි. එයා එයාගේ කේන්තිය පාලනය කරගෙන තියෙනවා. එයා හරිම සුහදශීලී චරිතයක්. සුරේෂ්ගේ පිටින් පේන මනුස්සයා නෙවෙයි එයා ඇතුළේ ඉන්නේ. එයාට හොඳ හදවතක් තියෙනවා. හැබැයි මම දන්න තරමින් සුරේෂ්ට අසාධාරණයට කේන්ති යනවා. අපි හිතන විදිහ බොහෝ වෙලාවට සමානයි. අපිට දෙයක් කරන්න ඕන වුණොත් ඒක හරියටම කරන්න ඕනේ. ඒ නිසා යාළුවෝ විදිහට අපි අතරේ එහෙම ගැටුමක් නැහැ.
සුරේෂ්ගේ හැකියාවන් ගැන චිලී මොකද හිතන්නේ...?
සුරේෂ් කියන්නේ ඉතා දක්ෂ කලාකරුවෙක්. ඔහුගේ නර්තනය ඉතා ඉහළයි. ජාත්‍යන්තරය දක්වා ඒ හැකියාවක් ගෙන යාහැකියි. ඔහුට ඉතා අපූරුවට ගායනා කරන්න පුළුවන් වගේම රංගනයටත් ඔහු දක්ෂයි. ඔහුටම ආවේණික වුණු හැකියාවක් ඔහු තුළ තියෙනවා. නමුත් මේ ක්ෂේත්‍රය තාමත් සුරේෂ්ගෙන් නිසා ප්‍රයෝජන ගන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ.
සුරේෂ් සහ චිලී ඉතාලියට ගිහින් ලොකු අකරතැබ්බයකට මුහුණ දුන්නා නේද...?
අයියෝ ඔව්නේ... අපි දෙන්නාටම ජිම් යන්න පොඩි පිස්සුවක් තියෙනවා. ඉතින්... කොහේ හරි ටුවර් එකක් ගිහින් දවස් දෙකතුනක් ජිම් නොගිහින් හිටියොත් හරියට කෑවේ නැහැ වගේ තමයි. ඇඟේ ශක්තියත් නැහැ වගේ තමයි අපිට දැනෙන්නේ. ඉතින් අපි ඉතාලි ගියපු ට්‍රිප් එකකදී අපි කොහොම හරි ජිම් එකකුත් හොයාගෙන එක්සයිස් එහෙමත් කළා. ඒ දවස් ගානට අපි ඉතාලියේ පීසා අනම්මනම් ගොඩාක් කෑවා.
දැන් දෙන්නටම හිතෙන්නේ ඇඟ මහතයි කියලයි... එහෙමද...?
ඔව්නේ... සුරේෂ් තමයි ඒ කතාව මුලින්ම කිව්වේ “දැන් ඉතින් අපි අනම්මනම් කෑවානේ... ඇඟත් වැඩියි... තෙල් ඇඟක් හරි කැතයි... කියලා ඉතාලියේ ඇඟේ තෙල් අඩුකරන ආයතන එහෙමත් තියෙනවා. ඉතින් ඒවායින් ඇඟේ තෙල් අයින් කරලා තියෙන පෙනුමට වඩා ලස්සන පෙනුමක් ලබලා දෙනවා කියලා අපි අහලා තිබුණා. ඉතින් ඔන්න අපි දෙන්නත් එහෙම තැනක් හොයාගත්තා. අපි එකකට ගියා. හැබැයි අපිට එතෙන ඉන්න අය කතා කරන ඉතාලි භාෂාව තේරෙන්නේ නැහැ. එයාලට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. උන් “Come... Come... කිව්වා. අපි ඉතින් තේරෙන විදිහට ඉංග්‍රීසියෙන් අපේ අවශ්‍යතාවය කියලා දැම්මා.
ඉතින් තෙල් අඩු කළාද...?
මොන...? ඔන්න ඉතින් ඒ අය අපි දෙන්නව ෆෝන් බූත් එකක් වගේ පෙට්ටි දෙකකට ටවල් දෙකක් විතරක් අන්දවලා ඇතුළු කළා. බූත් එකට ගියාට පස්සේ අපි ටවල් ගලවන්න ඕනේ. ඉතින් අපිත් ටවල් දෙකත් ගලවලා දැන් තෙල් අයින් කරගන්න ඔහේ බලාගෙන ඉන්නවා. ඔන්න එතන වෙලාවත් විනාඩි විස්සක් කියලත් ලියලා තිබුණා. ඔන්න දැන් මම එකක, සුරේෂ් එකක.
දැන් ඉතින් ඇඟේ හැඩය ඉතාලියේදී හදාගෙන එන විදිහ එහෙම හිත හිතා ලොකු බලාපොරොත්තුවෙන් අභව්‍යකාශයකට ගියා වගේ අර පෙට්ටිය ඇතුළේ ඉදිද්දී මට නිකම් ලොකු රස්නයක් දැනිලා කලන්ත ගතියක් දැනුණා. ඒ වෙලාවෙත් මම හිතුවේ මේ ඇඟේ තෙල්ටික අයින් වෙන නිසා රස්නේ දැනෙන්නේ කියලයි. අන්තිම මිනිත්තු පහ මට ඉවසාගෙන ඉන්න බැරි තැන මම එතන වහලා තිබුණු දොරට හයියෙන් ගහගෙන ගහගෙන ගියා. අන්තිමේදී ඔන්න දොර ඇරියා. මම බොහෝම අමාරැවෙන් එළියට එද්දී සුරේෂ් මටත් කලින් අමාරුවෙලා පැත්තක ඇළවෙලා ඉන්නවා මම දැක්කා. මට කලින් සුරේෂ්ට කලන්තය දාලා. මට අඳුරගන්නවත් බැරි විදියට කළු වෙලා. හරියට කාපිරියෙක් වගෙයි.
ඇත්තටම ඇඟ හැඩ වුණාද...?
අයියෝ නැහැ... අන්තිමට ඇඟ හැඩවිල්ල කෙසේ වෙනත් පාට නම් වෙනස් වුණා. ඒක තෙල් අඩුකරන මැෂින් එකක් නොවේ. සුද්දන්ගේ හමේ පාට දුර්වර්ණ කරන මැෂින් එකක්. අපි දන්නේ නැහැනේ ඒක. ඒකෙන් අපේ හමේ පාට තියෙනවාටත් වඩා කළු වුණා. මමයි, සුරේෂුයි හරියට කාපිරියෝ වගේ. සුමාන දෙකක් තුනක් විතර අපි දෙන්නා හැංඟි හැංඟි තමයි ජීවත් වුණේ. ඉතාලියේ ගිහින් අන්තිමට අපි කාපිරියෝ වුණා...
► Text - Dishani / Pic- Internet