මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා. කාටද එහෙම කියන්න පුළුවන්. මගේම නොවන දරුවෙකුට ආදරය කරන ආදරණීයම තාත්තා මට හමුවුණා. ඒ ALYA කොරියානු චිත්‍රපටයේ. THE DAUGHTER OF WAR ඒ තමයි ALYA ව හඳුන්වන විදිහ. ALYA බලන්න. ඒ චිත්‍රපටය ගැන ඉන් එහා කිසිදෙයක් කියලා ඒ රසය බිඳින්න මට හිතෙන්නෙ නෑ. ALYA ඇස් අගට කඳුළක් අරගෙන එන්නෙ ලොකු පණිවිඩයක් එක්ක. ඒ තමා ආදරය කියන්නේ හදවතේ ගනුදෙනුවක් මිසක අයිතියේ ගනුදෙනුවක් නෙවෙයි කියන එක. ALYA ට එයාට ජීවිතේ අතරමඟකදී මුණගැසුණු ඒ තාත්තා යුද්ධයේ එක පුරැකක්. ඔහු හමුදා සොල්දාදුවෙක්. යුද්ධයෙන් සියල්ල අහිමි වූ ඒ පුංචි කෙල්ල ALYA මුණගැසුණු මොහොතේ පටන් ඒ පුංචි සුරංගනාවිය ඔහුගේ ලෝකයේ ලොකු ඉඩක් නොඉල්ලාම අත්පත් කරගන්නවා.
තමන්ගේ නොවෙන දරැවෙකුට අම්මෙක් තාත්තෙක් වෙන්න ඔයාට පුළුවන්ද? එහෙම වෙන්න පුළුවන් තමන්ගේ ලෙයින් කිරෙන් තනන දරුවෙකට ප්‍රදානය කරන ස්නේහයකටත් වඩා ඒ ස්නේහය හුඟක් වටිනවා. ඒ ලේ අයිතියෙන් තොරව ආදරය බෙදන්න පුළුවන් නම් එතන බෝසත් ආදරයක් ලියලන හින්දා. දලුලන හින්දා. මට වෙලාවකට හිතෙනවා සමහර අය ආදරය කරන්නෙ ආදරයට නෙවෙයි අයිතියට කියලා. යුතුකමක් වගකීමක් විදිහටම විතරක් කියලා. ඒත් ආදරය කියන්නේ අයිතියවත් යුතුකමවත් වගකීමවත් නෙවෙයි. ආදරය කියන්නේ කොන්දේසි විරහිතව කෙනෙක් කියවීමට. මුළු ජීවිත කාලයේම අපිට ඒ විදිහට තව කෙනෙක් කියවන්න පුළුවන් මම හිතන්නේ ජීවිතේටම එක වරක් විතරයි. ඒත් ඒ ජීවිතේ එකවර ගොඩක් අයගේ ජීවිතයට අහිමි එක් වරක් විතරයි.
අපි ජීවිතේ ඉල්ලන මිනිස්සු නෙවෙයි. අත්හරින මිනිස්සු. අපි ජීවිතය සිපගන්න මිනිස්සු නෙවෙයි ජීවිතයට කෙළගසන මිනිස්සු. අපි ජීවිතය තමන්ගේ කරගන්න මිනිස්සු නෙවෙයි ජීවිතය අනුන්ට පවරලා දෙන මිනිස්‌සු... අපි ජීවිතයත් එක්ක ජීවත්වෙන මිනිස්සු නෙවෙයි. ජීවිතයත් එක්ක මියැදෙන මිනිස්සු මරණය තෙක්ම ජීවිතය හොයන මිනිස්සු...
අපි ලෝකයේ හැඩය ගැන මිසක් ලෝකයේ ස්වභාවය ගැන නොහිතන මිනිස්සු... ලෝකයේ අසුන්දරත්වය ගැන සිතමින් විඳවමින් ලෝකයේ සුන්දරත්වය මඟහරින මිනිස්සු.. මට හුඟක් ෙවලාවට එහෙම හිෙතනවා... ALYAලට ආදරය කරන තාත්තලා මේ ලෝකේ තව ඉන්නව නම් ඒ වගේ අම්මලා තව මේ ලෝකයේ ඉන්නව නම් ලෝකයේ ඇස නොගැසුණු සුන්දර තැන් බොහොමයක් හමුවේවි. එතෙක් සැරිසරන්න...
ආදරයේ පාට
වීදුරු පාට
කවුද කියන්නේ
දේදුණු පාට කියලා....
ලෝකයේ ලස්සනම පාට
වීදුරු පාට
ආදරය ආදරයක් වෙන්නේ
වීදුරැ පාට තැවරුණොත් විතරමයි...