කතා නැති කතා කොච්චරද
ඇස් අග
කියවන්න එන්න
සඳ කන්ද මුදුනටම
ආව දවසක...
සිත සුළඟක්ව
ඉගිල්ලුනදෙන්
අනන්තයටම
සතුට විතරමයි
ඉල්ලන්නෙ
ජීවිතය
හැම හුළඟක්ම
හමා ගියදෙන්
මහ පොළොව
ගැඹුරටම
සිපගත්ත
ගසක් මම
මල් පෙත්තක්
වැටුණොත් මිසක
පොළොවට
අහසත් ළඟයි
මුදුනේම ළදල්ලට