අපේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් විවේකීව ගෙදර ඉන්න දවසක එයාගේ නෝනට අවශ්‍ය ගෙදර දොරේ බඩු බාහිරාදිය ගන්නට පෞද්ගලික සුපිරි වෙළෙඳසලකට ගියාලු.
ගෙදරට අවශ්‍ය කරන බඩු ටික නෝනා ලැයිස්තුවක් ලියලා දුන්නලු.
දැන් අපේ කලා ශිල්පියා සුපිරි වෙළෙඳසැලේ කරත්තෙකුත් තල්ලු කරගෙන රාක්කවලින් බඩු තෝරනවලු නෝනගේ ලැයිස්තුව දිහා බල බලා. ඒත් එක්කම තවත් කරත්තයක් තල්ලු කරගෙන ඇහැට කනට පේන කෙල්ලෙක් ආවලු එයා ළඟට.
සර් අපි අද ප්‍රොමෝෂන් එකක් කරනවා. අපේ භාණ්ඩ දෙකක් ගත්තොත් සර්ට සියයට දහයක වට්ටමක් ලැබෙනවා. කෙල්ල කිව්වලු.
අනේ නංගි මට අපේ නෝනා ලියලා දීපු ලිස්ට් එකට පිටින් මුකුත් ගන්න බැහැනේ. එහෙම වුණොත් මට හොඳ බැණුම් ටිකක් අහන්න වෙනවා..
අපිත් අපේ මහත්තයගෙන් බැණුම් අහගෙන තමයි සර්ගෙ ටෙලි නාට්‍ය බලන්නේ කියමින් අර කෙල්ල හිනාවෙවී එතනින් යන්න ගියාලු.
පසුගිය දවසක එක්තරා චිත්‍රපට ශාලාවක් විවෘත කිරීමේ උත්සවයක් තිබුණලු.
එදාට ඒ ශාලාවේ පෙන්නන්න තිබුණෙ දැනට සාර්ථකව තිරගතවන චිත්‍රපටයක්. විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙන්න තිබුණෙ දේශපාලනයට වගේම කලාවට සම්බන්ධ ශිල්පියෙක්.
ඔන්න උත්සවයදා උදෙන්ම අර පොර අදාළ අයට කතා කරලා කිව්වලු වෙන නළුවෝ ඉන්න චිත්‍රප දුවන හෝල් විවෘත කරන්න මට එන්න බැහැ මගේ දැන් දුවන ෆිල්ම් එක උදේ 10 ෂෝ එකටවත් පෙන්නනවනම් තමයි මම එන්නේ කියලා කිව්වලු.
ඔන්න කට්ටිය උදේම ඇවිත් අර පෙන්නන ෂෝ එකේ කටවුට් ටික හංඟලා අර නළුවා ඉන්න චිත්‍රපටයේ කටවුට් හෝල් එකේ පේන තැන්වල තිබ්බලු.
එක ෂෝ එකක් බැගෑපත් වෙලා ඉල්ලගෙ මෙයා කරන්නේ මිනිස්සු බලන්න ආවත් නැතත් තව ෂෝ දෙක තුනක් වැඩිපුර දාගන්නවා. මේවා ඉතින් කියන්න කෙනෙක් නැහැනේ. කියලා චිත්‍රපටයේ කළමනාකාරීත්වය කියනවා.
අපේ සිනමාව ඉතින් ඒ තරමටම අසරණ වෙලා කියලයි ක්ෂේත්‍රයේ අය කියන්නේ.
අපේ සමහර කලා ශිල්පීන් විශේෂයෙන් තරැණ පරපුරේ ඇතැම් ශිල්පීන් ලංකාවට වැඩිපුර ඉන්නේ පිටරට.
හැබැයි ඉතින් ඕස්ට්‍රේලියාවට යනවනම් ළඟම හිතවතුන්ටත් කියන්නේ ඉතාලි යනවා කියලා. යන රට හරියටම නොකියන්න හේතුවකුත් තියෙනවා. නළු නිළියෝ, ගායක ගායිකාවෝ රට යනවා කියලා ආරංචි වුණොත් ඒ අදාළ රටවල්වල එම්බසිවලට පෙත්සම් ගහලා යන අයට වීසා ලබා දීම වළක්වාලන්නට පෙත්සම් ගසන කල්ලියකුත් අපේ කලා ක්ෂේත්‍රයේම ඉන්නවා.
හැබැයි ඊටත් වඩා දරුණු කල්ලියක් දැන් කලා ක්ෂේත්‍රයේ කැත වැඩක් කරගෙන යනවා කියලා ආරංචියි.
තරුණ ටෙලි නාට්‍ය නළු නිළියන් පිටරට සංදර්න මුවාවෙන් රට එක්කරගෙන සමහර කලාකරුවෝයැයි කියාගන්නා කූට පිරිස් අපේ තරුණ නිළියෝ පිටරට සල්ලිකාර ශ්‍රී ලාංකිකයන්ගේ මනදොල පුරවාගන්න අවශ්‍ය කටයුතු කරනවලු.
► Text - Mithra