2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

ආතල් ලෝකයක් පට්ට විනාසයක්! - කැරෝකේ

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:31 359

අඩ අඳුරේ... පාට පාට lights අස්සේ... සැපට දාන ෆීලින් මැද්දේ... මියුසික් ඇහෙද්දී... අර පේන්නේ නාරිලතා රූපේ. ආතල් දාන life එකේ පීක් එකක් තමයි බ්‍රෝ Clubing කියන්නේ. අද සීන් එකට enter වෙනකොටම තත්ත්වේ පැහැදිලියිනේ. Club කියන්නේ අද ඊයේ පටන් ගත්ත කේස් එකක් නෙවෙයි. ඒත් club සීන් ඇතුළේ අද අලුත් trend ටිකක් තියනවා මේ දවස්වල.

කැරොකේ කියන්නේ මේ දවස්වල ඒ වගේ සීන් එකක්. කැරොකේ ක්ලබ් කියන්නේත් අලුත් දෙයක් නෙවෙයි. කොළඹ සුපිරි පන්තියේ ආතල් එකක්. අලුත්ම සීන් එක තමා මේ දවස්වල middle class සෙට් එකේ Boys ලා girls ලාත් මේ සීන් එකට සෙට්වෙලා. යන්තම් වත තියෙන ආතල් එකට ෆන් එකට හිත තියෙන මෙයාලා තුන් හතරදෙනා හතර පස්දෙනා සෙට්වෙලා යනවා කැරොකේ ආතල් එකක් දාන්න. එයා මේ සීන් එකට කියන්නේ පොඩ්ඩක් relax වෙන්න යනවා කියලා. ඒත් ඇතුළට ගියාම relax කෙසේ වෙතත් මෙයාලාගේ පොකට් එකනම් හිස් වෙනවා. කොල්ලෝ විතරක් නෙවෙයි. කෙල්ලොත් සීන් එකේ ඉන්නවා ආ....

අපි Y Trend වලින් කතාකරේ ගොඩක් වෙලාවට teenager ලෙවල් එකේ ආතල්. මේ අලුත් කැරොකේ ආතල් එකට සෙට්වෙලා ඉන්නේ නම් තරුණ වයසේ අග්ගිස්සේ ඉන්න අය. පොෂ් සීන් එකට ආස සෙට් එකක්. සමහරු බැඳලා. Club කියන්නේ එක සමාජ පන්තියක සීන් එකක් කියලා තමා මෙයාලා හිතන්නේ. ඒ අය කැමතියි ෆන් ගන්න, ආතල් ගන්න මේ පන්තියට සෙට් වෙන්න. එතකොට මේ සෙට් එකත් සුපිරි පන්තියට වැටෙනවානේ.

කැරොකේ ගිහිල්ලා sing කරලා dance කරලා පොඩි sexy ආතල් එකක් ගන්නවා. ඒ පැත්තේ නම් ලොකු අය එක්ක මෙයාලට හැරෙන්න අමාරුයි. Club කෙල්ලෙක්ගෙන් ගාණ අහලා බැලුවම මෙයා සිඟිති ආතල් දාන ගොන්පාට් සීන් දානවා කියලා තමා කියන්නේ. මේ සීන් එක දැන් සැරට පැතිරිලා තියෙන්නේ කොළඹ අවට නාගරික පරිසරවල ඉන්න younger family වල. මේක රැල්ලක්. මේකේ නයිට් ක්ලබ් කෙල්ලන්ගේ ස්ටෝරිය වෙනම එකක්. අපි කියන්නේ club බහින කෙල්ලොන්ගේ ස්ටෝරිය. සමහරැ දුමට බීමට ඇබ්බැහි වෙලා. මෙයාලා young සමහරු බැඳලා, සමහරු ඩිවෝස්. ඔය වගේ සීන් තියෙනවා. නිදහස තමා හොයාගෙන යන්නේ. මේ සේරම අස්සේ සමහර අය වෙනම ආතල් එක්ක හොයන යන වෙලාවල් තියනවා.
Night Club Girls ලා ගැන නම් කට්ටිය අහලා තියෙනවා ඇති. ගොඩක් දෙනෙක් දුර බැහැර ඉඳන් කොළඹ ඇවිත් ජීවිතේ වැරදිච්ච අය. කනවා බොනවා ආතල් දානවා. මෙයාලා තමා club එක ඇතුළේ කස්ටමස්ලාට වියදම් කරවන්නේ. කැරොකේවල special dance සීන් එක. උපරිමයට හැඟීම් අවුස්සන සීන් එකක් තමා වෙන්නේ.

කැරොකේ වගේ දැන් feeling High Broo. තියෙනවා ආස නම් දාන ෆිල් ජාති ඕසෙට. ටැබා ස්ටෑම්ප් වගේ එවා. ටැබා සීන් එක ගත්තාම මේක දැන් Club line එකේ නෝමල් සීන් එකක්. ඩාන්සින් ටැබ් වගේම sex feeling අවුස්සන ටැබ්ලටුත් තියෙනවා. සෙට් වෙච්ච ෆීලින් එකේ කට්ටිය  ඉස්සරහාට යනවා පාවී පාවී. ඒත් ඇඟේ තියෙන්නේ යක්කු වගේ වේට් එකක්. අපි මුලින් කීවේ මේක තාරුණ්‍යය අගිස්සේ ඉන්න Family Life එකක් තියෙන සෙට් එකකුත් මේවාට එනවා කියලා. මතකනේ... ඔන්න පුතේ හිතාගන්න එතකොට වෙන දේ... හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. මෙයාලට සීන් එකේ සැර හරියටම ගියාම තමන්ට තමන් කවුද කියලාවත් මතක නෑ. ඩාන්ස් නම් ඩාන්ස්... sex නම් sex... ඒක වෙනම ලෝකයක් සුදෝ. ඒත් පට්ට ඛේදවාචකයක්. සාමාන්‍ය පවුල්වල ඉපදිලා ඉගෙනගෙන තැනකට ඇවිල්ලා ලොකු සීන් හොයන පොඩිවුන්ගේ ශෝකාන්තයක් මේ.... so sad ආ....

VIP සීන් එක ගැනත් කියන්න ඕනෑ. ක්ලබ් එක ඇතුළේ VIP යන්න පුළුවන්. ඒක ප්‍රයිවට් ප්ලේස් එකක් ඩිස්ටර්බ් නෑ. කැමති කෙල්ලෙක් දෙන්නෙක් අරගෙන යන්න පුළුවන්. සැප සෙටියක් තියනවා TV එකක් තියෙනවා. කැරොකේ පාරක් දාන්න පුළුවන්. කෙල්ලෝ ඩාන්ස් පාරක් දානවා. තව සීන් තියෙනවා ඕනේ නම්. මේවා පැකේජයක් තියෙනවා ගාණ නම් සැරයි. සුපිරි පන්තියේ ඉන්න සමාජයට වහන් වෙලා ආතල් ගන්න අය තමා VIP ගියේ. දැන් අපි කතාකරපු විදිහට මේ සීන් එකට අර සෙට් එකත් line වෙනවා.

ඔය Club සීන් එකේ තියන පරණ සීන් එකක්  තමා dance කරන කෙල්ලන්ට මල් මාලා දාන එක. ඩාන්ස් එක හිතට අල්ලනවා නම් මල්මාලයක් සල්ලි දීලා අරගෙන කෙල්ලට දාන්න පුළුවන්. ඒවා නම් සල්ලි කුඩුවෙන වැඩ. තව ගොඩක් දේවල් තියනවා. ඔය වගේ සීන්. අලුත් වගේම අලුත් සීනුත් ගොඩක් දැන් club සීන් එකට සෙට්වෙලා තියෙන්නේ.

අවසානයේ කැරොකේ ගැන කියන්න ඕනා. ඒ සීන් එක තමයි, ලංකාවේදී කැරොකේ කියන්නේ එහෙම් පිටින්ම Night Club සීන් එක නෙවෙයි. ඒත් ඒක දැන් සැරටම යනවා. ඒ වගේම මේ කේස් එක නිසා අපේ උන් විනාශය කරා යනවා. සදාචාරය සභ්‍යත්වය කෙසේ වෙතත් අතේ වත ගැනයි හෙට දවස ගැනයි හිතලා බැලුවොත් තමා හොඳ...

 

► Text - Nisal   /   Pic – Internet