ආදරෙයි මගේ පණ....
සුදු මහත්තයා....
සුදු මැණික.....
හුස්ම ටික.....
උම්මා කැටේ....
I Love you සුදෝ....
From your Valentine
අවුල් ද සුදෝ... සොරි හොඳේ... වැලන්ටයින් පහුවුණාට ෆුල් රොමෑන්ස් සීන් එකේ අපි තාම ඉන්නේ. අද දෙන්න හදන්නේ Valetine Trend ටිකක් ආදරණීය සුදාලා ඔකෝමටම. පෙම්වතුන්ගේ දිනය. එහෙම කියන්නේ. February 14 පහුවුණා කට්ටියක් සැමරැවා තව කට්ටිය සමරන්න කෙනෙක් නැතිව නාහෙන් ඇඬුවා. හරි වැලන්ටයින් කාලෙට තියන ට්‍රෙන්ඩ් ටික ගැන story අපි ලයින් වෙමුකෝ.
Valetine සමරන්නේ නැති එකත් අද වෙනකොට අමුතුම trend එකක්නේ. අපි ආදරෙයිනේ හැමදාමත්. ඒ නිසා අමුතුවෙන් මොකට අපිට දිනයක්. ඔන්න ඔහොමයි Valetine විරෝධයේ ටෝක් එක. මේක ලාභ වැඩක් මොකද වැලන්ටයින් කියන්නේ ඇඟේ හිතේ සතුට මත අතේ වත හිදෙන ලෝක ලෙඩක් නේ පුතී. ඔය පොත දාන්නේ කොල්ලා හරිය. ඒ වුණාට මෙහෙම දෙයකුත් කට්ටියක් කියනවා. ආදරේ කරන අය වෙනුවෙන් විශේෂ දිනයක් තිබුණම මොකද වෙන්නේ ඔය හැම එකටම දිනයක් තියෙන්නේ. ඒකත් හරි බැලුවාම. දැන් මොකටද දිනයක් නැත්තේ සුදෝ. අත හෝදන්නත් දිනයක් තියනවානේ.
වැලන්ටයින් නම් රෝස මල් තමා. රතු රෝසමල ආදරයේ සංකේතෙනේ. ඒකනෙ වැලන්ටයින් කාලේට රතු රෝස මල් විකිණෙන්නේ. ආදරවන්තයන් ආදරවන්තියට රතු රෝස මල් ගිහින් දෙන එක වැලන්ටයින් දවසේ Special සීන් එකක්. ඔන්න මේ පාර දුන්න අය හම්බවුණ අය අත උස්සන්න බලන්න. ලජ්ජ වෙන්න එපා සුදෝ. ඔය රතු රෝස මල් සීන් එක එන්නේ වික්ටෝරියාගේ කාලේ ඉඳලාලු. ආදරේ දෙවඟන වන වීනස් දෙවඟනගේ ප්‍රියතම මල රෝස මලලු. රතු රෝස සීන් එක ලව්සීන් එකට සෙට් කරේ වීනස්.
සෝස මලේ නැටුවෙ කටූ වන බඹරෝ ඔහේ හිටු. ලංකාවේ රතු රෝස මල් දීලා වැලන්ටයින් දවසේ වෙන දෙයක් ගැන කියන්න ඕනා. මීට අවුරුදු ගාණකට කලින් කරපු research එකකදී දැනගත්ත සීන් එකක් මේ. Valetine දවසේ ලංකාවේ ගෑනු ළමෝ නවදහකගේ වගේ කන්‍යාභාවය නැතිවෙනවලු. අහපු ගමන් අම්බෝ කියවුණානේ. සුදු පුතේ දුවේ අම්මලා පව් හොඳේ. ලංකාවේ උපත් පාලනට ගන්න දේවල් වැඩියෙම අලෙවි වෙන්නේ මේ දවසටලු... ඒ වගේම කාලෙකට කලින් Valetine දවසේ wedding ගන්න එක ලොකු Trend එකක් වෙලා තිබ්බා. ඔය වැලන්ටයින් සීන් එක ලෝකේ ලොකුවට ව්‍යාප්ත වුණේ 90 දශකයේ කියනවනේ. කොහොම වුණත් ලෝක මට්ටමින් කරපු research එකකට අනුව කියවෙන්නේ Valetine Wedding ගොඩක් පුඩින් වෙලා අලවෙලා ගියා කියලා.
ආ තව වැලන්ටයින් දවසේ ලොකුම trend එකක්නේ choked කියන්නේ. තමන් ආදර කරන සූකිරි බෝලෙට චොකෝ අරන් දෙන එක වැලන්ටයින් දවසේ අනිවාර්ය අංගයක්. දුන්නාද? හම්බවුණාද? මේ පාර අ... ආ... කෝ බලන්න මූණ... මේක නම් එකදහස් අටසිය ගණන්වල ඉඳලාම තිබිලා තියෙනවා. හාට් එකේ හැඩයට චොකලට් තියෙනවා. Special චොකලට් පෙට්ටි තියෙනවා සුපිරි වෙළෙඳ සැල්වල. ගාණනම් සැරයි. ඔන්න පහුගිය වැලන්ටයින් දවසේ හොඳට චොකෝ කාපු හොර ගෙඩියෝ සෙට් එක්ක ගැන රහසක් කියනවා. එහෙම කිව්වාට තරහාගන්න එපා මේ අපේ ඉස්කෝලවල ගුරැවරැ. එයාලට චොකෝ කොහෙන්ද කවුද දුන්නෙ. දුන්නේ නෑ අල්ල ගත්තා. කොල්ලො කෙල්ලන්ගේ බෑග් චෙක් කරලා. මෙහෙමයි වැලන්ටයින් සීන් එක බොළඳයි කියලා දැන් ලොකු සෙට් එක ප්‍රතික්ෂේප කළාට පාසල් ප්‍රේමයේ Valetine කියන්නේ නිකන් සුපිරි සීන් එක්ක තමා මා පුතී.
වැලන්ටයින් ඉතිහාසය කතාව කියන්නේ නැතුව Story line කරේ ඕක කවුරැත් දන්න නිසා. ඒත් නිකන් අවුල් අවුල් වගේ. ඒක නිසා ඒ ගැනත් ලාවට කියමුකෝ. ඒ ගැන එක එක කතා තිබිලා තියෙනවා.
ප්‍රසිද්ධ කතාව තුන්වන ශතවර්ෂයේ වගේ හිටපු ශාන්ත වැලන්ටයින් පූජකයාගේ කතාව. සීන්කෝන් එක මේකයි. ඒ කාලේ රෝමේ අධිරාජ්‍යයා වුණේ දෙවන ක්ලෝඩියස්. මෙයා විශ්වාස කළා සොල්දාදුවෝ මැරි කරන්න හොඳ නෑ එතකොට ශක්තිය අඩුවෙනවා කියලා. ඉතින් සෙබළුන්ට විවාහ වෙන්න තහනම් වුණා. වැලන්ටයින් කියන පූජකයා එක එක උප්පරවැට්ටි දාලා ආදරය කරපු සොල්දාදුවන්ට එයාලගේ ආදරවන්තියෝ විවාහ කරලා දුන්නා. කේස් එක අධිරාජ්‍යයාට මාට්ටු වුණා. වැලන්ටයින්ව අල්ලා මරන්න නියම කළා. මෙයා මරන්න නියම වෙලා හිරේ ඉන්නකොට හිරගෙදර මුලාදෑණියගේ අන්ධ දුව එක්ක ආදරයක පැටලුණා. එයාට ඇස් පෙනීම ලබාදෙන්නත් හාස්කමකින් වගේ වැලන්ටයින් පූජකයට හැකිවුණා. හැබැයි අන්තිමට වැලන්ටයින්ව මරා දැම්මා. මෙයා අවසාන වශයෙන් තමන්ගේ ආදරවන්තියට මෙහෙම ලිව්වා From Your Valetine කියලා. ඒකනේ අදත් වැලන්ටයින් එකට එහෙම කියන්නේ.
මේ පරණ කතාව. දැන් එනවා මේ පාර වැලන්ටයින් එකේ සීන් එකට. රට වටේම එක Event තිබුණා. හෝටල් වට රෙස්ටුරන්ට්වල, නයිට් ක්ලබ්වල පවා සීන් එක දරුණුවට ගියා. ඒවල මාර ආතල් සීන් තිබ්බේ. අයෙත් අහලා. TV චැනල්, radio චැනල් පට්ට marketing පාරක් දැම්මා. දැක්කානේ. තව සමහරැ FB එකේ වැලන්ටයින් කවි ලිව්වා. ඔය කවි සීන්.... ඒකත් ටිකක් පරණයි. තව අය Room ගියා. එවා ගැන නම් කතා නොකර ඉමුකෝ. තව Artists ලා වැලන්ටයින් වෙනුවෙන් song රිලීස් කළා. වැඩ කෝටියයි. හැබැයි මේ ඔක්කොම අස්සේ තිබ්බේ marketing තමා. කොටින්ම කිව්වොත් වැලන්ටයින් කියන්නේ දැන් බිස්නස් එකක් හොඳ ලාභ තියෙන.
මැදපෙරදිග සමහර රටවල වැලන්ටයින් සැමරීම තහනම් කරලා තියෙන්නේ. එයාලා කියනවා මේකෙන් සංස්කෘතියට හානිවෙනවා කියලා. අපේ රටෙත් එහෙම කියන අය ඉන්නවා. වැඩිහිටියෝ නම් මේක විවේචනයට කරනවා. කොහොම වුණත් ආදරය කියන්නේ පූජනීය දෙයක්. වැලන්ටයින්ලා වගේ චරිත අපෙත් ඉඳලා තියනවා බ්‍රෝ. උන්මාද චිත්රාලා දීඝගාමිණීලා, සාලිය අශෝකමාලා. ඉතින් ආදරය කියන්නේ වැරදි දෙයක් නෙවෙයි. අවසානයේදී අපිට කියන්න තියෙන්නේ මගේ සුදා... ඔයාලා ලබන පාර වැලන්ටයින් සමරණවද නැද්ද කියන එක ඔයාලාගේම වැඩක් පුතී. ඒත් ආදරයේ නාමයෙන් රැවටෙන්නත් එපා. විකිණෙන්නත් එපා. කරන දෙයක් පරිස්සමින් පැංචෝ.... පැලෙන්න ආදරෙයි Y Trend කියවන හැමෝටම. ඔන්න අපි ගියා....