ආයුබෝවන්... ඉතින්...
ඔහුගේ ළෙන්ගතු හිනාව ඉහටත් උඩින් අපිව පිළිගත්තේ එහෙමයි...
හැබැයි ටිකක් අමාරුවෙන් තමා මෙයාව වැඩේට අල්ලගත්තේ....
මෙයාගේ රංගන කෞෂල්‍යය ගැන කතා කරන්න දෙයක් නම් නෑ... වේදිකාව ඔහුට ගෙදර වගේ... හැඟීම්බර රංගනයට ඔහු උපන් හපනෙක්... වේදිකාව විතරක් නෙමෙයි.... ටෙලිනාට්‍ය, චිත්‍රපට, හඬකැවීම්වලටත් ඔහු නැතිවම බැරි කෙනෙක් වෙලා... ඒ වෙන කවුරුවත් නෙමේ... ප්‍රසන්නජිත් අබේසූරිය...
අනම් මනම් වැල්වටාරම් බයිලා නැතුව... සරල තැනකින් වැඩේට එන්ටර් වෙන්න හිතුවා... ඒ ප්‍රසන්නජිත් ජීවිතේ ගෙවන තැනින්...
හොඳින් කාලය ගතවෙනවා... කැම්පස් එකේ වැඩවලට තමයි වැඩි අවධානයක් දීලා තියෙන්නෙ... පහුගිය කාලේ නිර්මාණ කිහිපයකම වැඩකටයුතු කළා... ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයෙත් චරිතයක් රඟපෑවා... ඒ චරිතයට මේ දවස්වල ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා... ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරපු සකූගේ කතා ටෙලියෙත් මම රංඟනයෙන් දායක වුණා.. ඕවා තමයි ඉතින් මේ දවස්වල වෙන්නෙ...
ප්‍රසන්නජිත්ට දැනිච්ච, පුදුම කරපු නිර්මාණයක් ගැන ප්‍රසන්නජිත්ගෙන් ඇහුවා.... එයා කලින්ම දන්නවා ඒක එයා කරපු නිර්මාණයක් වෙන්න බෑ කියලා... මොහොතක් කල්පනා ලෝකයේ තනිවෙලා ඉඳලා... එකපාරට ගිහින් නැවතුනේ තිස්ස අබේසේකර රචනා කරපු සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කරපු ගඟ අද්දර චිත්‍රපටය ළඟ...
විශේෂ හේතුවක් ඇති ප්‍රසන්නජිත්ට එහෙම වෙන්න... අපි අහලා බලමු...
මෙහෙමයි... සිංහල සිනමාවේ මට දැනිච්ච නිර්මාණ ගණනාවක්ම තියෙනවා... ගම්පෙරළිය, විරාගය, තුංමන්හන්දිය, රේඛාව, දඩයම ඔය වගේ ගොඩක් තියෙනවා... ඒ අතරින් මම ගොඩක් කැමැත්තෙන් රසවින්ද අපූරු චිත්‍රපටයක් තමයි සුමිත්‍රා පීරිස් නිර්මාණය කරපු ගඟ අද්දර චිත්‍රපටය. මේක මගේ මතකය රැඳෙන්න ප්‍රධානම කාරණාවක් වුණේ මම ගඟ අද්දර නවකතාව කියවලා තිබ්බා... මේ නවකතාවෙන් මෙච්චර ලස්සන නිර්මාණයක් කරයි කියලා හිතාගන්නත් බැරිවුණා. ලොකු ආකර්ෂණයක් ඇති වුණේ එහෙමයි... අනිත් කාරණාව තමයි මට මේ නිර්මාණය මුණගැහෙන්නෙ මම පාසල් අවදියේ ඉන්නකොට... ප්‍රේමය සම්බන්ධ කතා ඒ කාලේ තදින්ම දැනෙන කාලයක්නෙ. ඒකත් තවත් හේතුවක් වුණා කියලත් හිතෙනවා... මේ චිත්‍රපටයේ පිටපත් ගැන කියන්නම ඕනෙ... නවකතාවට වැඩි හුඟක් ඉහළ මට්ටමකින් ගඟ අද්දර චිත්‍රපටයේ පිටපත රචනා වුණා කියලයි මගේ අදහස... නිර්මාණයක් හදවතට දැනෙන්නේ ඒ නිර්මාණයේ සියලුම අංශ සාර්ථක වුණා... ඒ අතින් මේ චිත්‍රපටයේ සංගීතය, රංගනයන් ඉතාම උසස් මට්ටම තිබුණා... ඒක මට හොඳට දැනුණා...
මේ චිත්‍රපටය දිවයන්නේ ඉතා සරල ආදර කතාවක් ඔස්සේ... පැලැන්තියෙන් ඉහළ පවුලක නිර්මලා කියලා තරුණියක් ඉන්නවා. ඒ ගෙදරම නැවතිලා ඉන්නවා රංජිත් කියලා ඥාති පුත්‍රයෙක්. නිර්මලා රංජිත්ට ආදරය කරනවා... ඒ ආදර සම්බන්ධයට ඒ ඉහළ පැලැන්තියේ මවුපියන් විරුද්ධ වෙනවා. පසුව වෙනත් තරුණයෙක්ව මවුපියන්ගේ උවමනාවට නිර්මලාට විවාහ කර දෙනවා... මේ විවාහ කර දුන් පුද්ගලයා පිටරට ඉඳලා ආපු කෙනෙක් ඔහු වෙනත් විවාහය කරගත්ත කෙනෙක්... නිර්මලා මේක දැනගත්තට පස්සෙ ඇයට පිස්සු හැදෙනවා... ඇයගේ ජීවිතයේ වෙන හැලහැප්පීම් තමයි මේ චිත්‍රපටයේ දිග හැරෙන්නෙ... හරිම ලස්සනට ඒ දර්ශන මේ චිත්‍රපටයේ ගොඩනගලා තියෙනවා.
මේ චිත්‍රපටයේ ප්‍රසන්නජිත් වැඩියෙන්ම කැමති චරිතය කවුද?
නිර්මලාගේ චරිතයට තමයි මම වැඩියෙන්ම කැමති... ඒකට හේතුව තමයි මේ චිත්‍රපටයේ නිර්මලාගේ චරිතයට පණ පොවන්නේ වසන්ති චතුරාණි... ඇය ගැහැනු ළමයි චිත්‍රපටයෙන් සිනමාවට ඇවිල්ලා... කසාද බැඳලා සිනමාවෙන් ඉවත්වෙනවා. විවාහවෙන්න පෙර අන්තිමට රඟපාපු චිත්‍රපටය තමයි ගඟ අද්දර කියන්නෙ. ගැහැනු ළමයි චිත්‍රපටය බලපු දවසේ ඉඳලම වසන්ති චතුරාණිට ලොකු කැමැත්තක් මගේ හිතේ ඇතිවුණා.. ගඟ අද්දර චිත්‍රපට බැලුවට පස්සේ ඒ කැමැත්ත තවත් වැඩිවුණා... තව මම කැමති චරිත දෙකක් තියෙනවා... එක්කෙනෙක් තමයි සනත් ගුණතිලක රඟපාන රංජිත්ගේ චරිතය... මීට කලින් සනත් නිර්මාණවලට සම්බන්ධ වුණාට මුලින්ම සනත්ව ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබුණේ ගඟ අද්දර චිත්‍රපටයෙන්... නිර්මලාව හොඳ කරන තරුණ වෛද්‍යවරයාගේ චරිතයට මගේ විශේෂ කැමැත්තක් තියෙනවා.... වෛද්‍යවරයාට රඟපාන්නෙ විජය කුමාරණතුංග. ඔහුගේ ලස්සන සින්දුවක් තියෙනවා මේ චිත්‍රපටයේ... ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී... කියලා... හෙන්ඩ්‍රි ජයසේනයන්ගේ රඟනය ගැනත් නොකියාම බෑ.. ඔහුගේ රංඟනය විශිෂ්ඨ මට්ටමක තිබුණා... මේ සියලුම දෙනා සාර්ථකව ඒ ඒ චරිතවලට සාධාරණයක් කරනවා.
මේ නිර්මාණය නරඹද්දී ප්‍රසන්නජිත් වැඩියෙන් සංවේදී වෙච්ච තැන් එහෙම ඇති නේද?
ඔව් එහෙම තැන් කිහිපයක්ම තියෙනවා... මම එකක් කියන්නම්...
නිර්මලා කසාද බැඳලා ගෙදර ඉන්නකොට ඒ කසාද බැන්ඳ මහත්තයාගේ කලින් බිරිඳ ළමයින් දෙන්නත් සමඟ ගෙදරට එනවා... ඒ ළමයි ඩැඩි ඩැඩී කියාගෙන දුවගෙන ඇවිත් නිර්මලාගේ ස්වාමිපුරැෂයාගේ ඇඟේ එල්ලෙනවා... නිර්මලා මේක බලාගෙන ඉන්නවා ඇය දැඩි සේ අසීරුතාවකට ලක්වෙනවා... ඒක වසන්ති හරි අපූරුවට රඟපානවා. හරියට මට ඒ සිදුවීම දැනුණා... අදටත් මට ඒ රෑප රාමු මතක්වෙනවා....
මේ චිත්‍රපට ඔයා දැනට කී වතාවක් බලලා ඇද්ද?
අපෝ මම මේක හත් අට වතාවක් බලලා ඇති... සිනමා ශාලාවලට ගිහින් පස් හය වතාවක් විතර බැලුවා... ඊටපස්සෙ රූපවාහිනියෙත් මේ චිත්‍රපටය විකාශය වුණා... එහෙමත් දෙපාරක් විතර බලලා තියෙනවා...
ඔබට කොහොමද මේ චිත්‍රපටය මුණගැහෙන්නෙ... කවුද කිව්වේ මේ චිත්‍රපටය බලන්න කියලා..?
මෙහෙමයි... මේ චිත්‍රපටය රෑපගත කිරීම් කරද්දීම ලොකු ප්‍රචාරයක් දුන්නා... මම කොටිකාවත්ත රාජසිංහ විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තෙ... මේක රූපගත කිරීම් කළේ අංගොඩ පිස්සන් කොටුවේ... අපි ඉස්කෝල ඇරිලා මේ රූපගත කිරීම් බලන්න පවා යනවා.. අනිත් දේ තමයි වසන්ති චතුරාණි ඉන්න චිත්‍රපට කොහොමත් මම බලනවා.. තරුණයෝ වශයෙන් අපි හැමෝම වගේ වසන්තිට ආදරය කරා.. පස්සෙ වසන්ති අක්කත් එක්ක එකට රඟපාන්න ලැබුණ වෙලාවල මම එයාට කියලත් තියෙනවා මට වසන්ති පිස්සුවක් ඒ කාලේ තිබුණා කියලා... එයා විතරක් නෙමේ සිනමාවේ හිටපු අහිංසක මුහුණු ගොඩකට ආදරය කළා.... ශ්‍රියානි අමරසේන, පුණ්‍යා හීන්දෙණියත් ඒ අතර හිටියා. මෙයාලගේ පින්තුර පවා මම එකතුකරගෙන හිටියා ඒ කාලේ....
මේ චිත්‍රපටයේ අවසානයේ ඔබට මොනවගේ හැඟීමක්ද දැනුණේ..?
ඇත්තටම මට දුකක් තමා දැනුණේ....
කාලයක් ගියත්... මෙවැනි නිර්මාණ තාමත් අපේ මතකයේ තියෙනවා... නවක කෙනෙකුට මෙවැනි නිර්මාණ පරිශීලනය තුළින් මොනවගේ අද්දැකීමක් ලබාගන්න පුළුවන්ද?
මේ නිර්මාණය වගේම ඒකාලෙ තිබුණු නාට්‍ය නවකතා කෙටිකතා හැමදෙයක් තුළින්ම අපි හොඳ පෝෂණයක් ලැබුවා... තාමත් අපි ඒවා නරඹලා යම් යම් දේවල් ඉගෙන ගන්නවා.. ගඟ අද්දර චිත්‍රපටය සෞන්දර්යයෙන් පරිපූර්ණ චිත්‍රපටයක්... රංගනය ගැන හදාරණ කෙනෙකුට මෙවැනි නිර්මාණ තුළින් රංගනයේ තියෙන සියුම් තැන් ස්පර්ශ කරන්න පුළුවන්....
► Text - Danushka Wijesiri / Pic- Internet