2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

තුනට එකයි.... සිද්ධි ගොඩයි....

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 71

ඔබ දෝස්තී හින්දී සිනමාපටය නරඹලා තියෙනවද? මොකද, අද මම මේ කියන්න හදන කතාව පටන් ගන්නේ දෝස්තී හින්දී සිනමාපටයේ ජනප‍්‍රිය ගීතයකින්. කෝයී ජබ් රාහ නා පායේ කියන ගීතය අහලා තියෙනවා නේද? අන්න ඒ ගීතයේ රෑප රාමුවකින් තමයි අද මේ කියන කතාවේ ආරම්භය සිද්ධ වෙන්නේ. නමිත්, සුර්ජෝ, අබීර්, මංජරී කියන්නේ හොඳම යාළුවන් හතර දෙනෙක්. මේ කට්ටිය කාලෙකට පස්සේ රූපවාහිනී මැදිරියක් තුළදී හමුවෙලා පුටු හතරක වාඩිවෙලා එකිනෙකා පාපොච්චාරණය කරමින් ඉන්නවා.

නමිත් - දෝස්තී ෆිල්ම් එකේ වගේ මිත‍්‍රකම් තියෙන්නේ ෆිල්ම්වල විතරයි. 
මංජරී - ඇයි සින්දුව හරි නැද්ද? 
අබීර් - ඒ මොකද දන්නවද? ඒ 1964 යාළුවන්ගේ යාළුකමක් ගැනනේ කියන්නේ. මේ 2019 නේ.
සුර්ජෝ - කා ගාවද යාළුකම් පවත්වගෙන යන්න වෙලාවක් තියෙන්නේ. 
මංජරී - ඒ සින්දුව වහලා දානවද? ප්ලීස්...

ඔවුන් මේ ඉන්නේ රූපවාහිනී මැදිරියක් තුළයි. නිවේදිකාව ඔවුන් හතර දෙනාගෙන් ප‍්‍රශ්නයක් අහනවා. 
ඔයාලා හතර දෙනාගේ ගොඩාක් ලොකු යාළුකමක් තිබුණා කියලා දැනගන්න හම්බවුණා. 
නමිත් පැනලා උත්තරයක් දෙනවා. 

නමිත් - තිබුණා නෙවෙයි, නෑ තිබුණා. 
අබීර් - කොලේජ් එකේ ඉන්න කාලේ කරන කියන දේවල් කොලේජ් එකෙන් එළියට එද්දීම ඉවර වෙනවනේ. 
සුර්ජෝ - කොලේජ් එකේදී මම ගොඩාක් කාලය නාස්ති කරගත්තා කට්ටියම එක්ක යාළුවෝ විදියට ඉන්න ගිහිල්ලා. 
මංජරීගේ හිත ඒ කතාවත් එක්ක අතීතයේ කොලේජ් එකේ ගතකළ ජීවිතයට ඇදිලා යනවා. හතර දෙනාම නිල් පාට ටී ෂර්ට් ඇඳලා, කළු පාට කලිසම් ඇඳගෙන බාස්කට් බෝල් ගහන්න තියෙන තැනක සින්දුවකට නටමින් ඉන්නවා. ඒ කාලේ බොහෝ දේවල් මතක් කරමින් ඉන්න මංජරී එක්වරම නමිත්ට කම්මුල් පාරක් ගහනවා. ඒ අතරේ නිවේදිකාව එක්වරම ඔවුන්ගෙන් ප‍්‍රශ්නයක් අහනවා.
ඉතින් වැරැද්ද කවුද කළේ?
නමිත් - අබීර් තමයි

සුර්ජෝ - ඔව් බොරුකාරයා
අබීර් - මගේ වැරැද්ද.. මගේ වැරැද්ද.. මොකක්ද දන්නවද? මගේ වැරැද්ද තමයි මේ කට්ටිය යාළුවෝ කරගත්ත එක. යාළුවෝ විදියට ආශ‍්‍රය කරද්දී දැනගන්න බැහැනේ කොයි වගේ මිනිස්සුද කියලා.
මංජරී - කොල්ලෝ හැමදාම බේරිලා යනවා. අහුවෙන්නේ කෙල්ලොනේ.
නිවේදිකාව - ඔයාලා හතරදෙනා තාම එකිනෙකා ගැන ටච් එකේ ඉන්නවද?
නමිත් - නැහැ. ගිය අවුරුද්දේ සුර්ජෝ විවාහ වුණා. කතා කළාද එයා?
අබීර් - අවුරුදු හතරක් වුණා නමිත්, ඔයා හතර පාරක් කාන්පූර්වලට ආවා. එයාට ලඩ්ඩු කන්න යන්න වෙලාව තියෙනවා. අපිව මුණගැහෙන්න වෙලාවක් නැහැ එයාට.
සුර්ජෝ - අබීර්ගේ ප‍්‍රමෝෂන් එක වුණා. කිව්වද අපිට නිකම්වත්?
හරි යාළුකම පවත්වන්නේ නැතිවුණාට එකිනෙකා ගැන තොරතුරු හැමදෙයක්ම දන්නවනේ අඩුපාඩුවක් නැතුව කියලා ඔවුන් හතර දෙනාගෙන් නිවේදිකාව විමසනවා.
නමිත් - නෑ මේ? 

කට්ටියම අපහසුතාවට පත්වෙනවා. ඒ අතරේ අබීර්? 
ඔයාට අහන්න තියෙන දේවල් ඇහුවනේ. දැන් ඇති නේද?
මංජරී - ප්ලීස්.. ඔයා ඔය රෙකෝර්ඩින් කරන එක නවත්තනවද?
මම යනවා කියලා අබීර් නැඟිටින විට නවත්තන්න ඕක නවත්තන්න ඕක කියමින් සුර්ජෝත් නැඟිටලා යනවා. මංජරීත් ඇය වාඩිවෙලා ඉන්න පුටුවෙන් නැඟිටිනවා. ඒත් ඔවුන්ට එකම පවුලක් වගේ යාළුකම් පවත්වන්න වූ හැටි මතක් වෙනවා. ඒ නිසා හතරදෙනා ආපහු පුටු හතරේ වාඩිවෙලා ඉන්නවා.

සුර්ජෝ - විවාහයට එන්නේ නෑදෑයෝද යාළුවෝද?
අබීර් - ඒත් කතා කරන අය හතුරන්ටත් එන්න කියලා ආරාධනා කරනවා. 
නමිත් - මම ඇවිල්ලා කට්ටියම හමුනොවී යන්නේ මගේ අතේ සල්ලි ඉවර වුණු හින්දා. 

හතරදෙනාම එක එක හේතු කියනවා. ඒත් මොවුන්ට මතක් වෙන්නේ ඔවුන් කොලේජ් එකේ මිතුරන් විදියට කොලේජ් එකේ කාලය ගතකළ ආකාරයයි. ඔන්න හරිම සුන්දර කතාවක් රසවිඳින්න 2019 පෙබරවාරි 15 වැනිදා ඉඳන් හැකියාව තියෙනවා. හම් චාර් කියන්නෙ මේ සිනමාපටයේ නම. හම් චාර් කියන නමේ තේරුම වෙන්නේ අපි හතරදෙනා යන්නයි. හම් චාර් හින්දී සිනමාපටය තිරරචනය කරලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අභිෂේක් දීක්ෂිත් විසින්. ඉන්දියානු රුපියල් කෝටි 10ක් වියදම් කරලා මේ හින්දී සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ අජිත් කුමාර් බර්ජත්යා, කමල් කුමාර් බර්ජත්යා හා රාජ් කුමාර් බර්ජත්යා විසින් වන අතර සංගීතය සඳහා නිෂ්පාදනයෙන් සම්බන්ධවෙලා තියෙන්නේ සූරජ් ආර් බර්ජත්යා. 
හම් චාර් හින්දී සිනමාපටයේ සංගීතවේදියා වශයෙන් රාජ් ආෂූ කටයුතු කරන අතර මෙහි සුන්දර ගිතයන්හි ගීපද ගලපලා තියෙන්නේ වගේම ඒවා සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන්නෙත් එකම කෙනෙක්. ඔහු නමින් ශබ්බීර් අහ්මඩ්. 
හම් චාර් හින්දී සිනමාපටයේ ප‍්‍රධාන චරිත හතර සඳහා පණපොවන හතරදෙනා ගැනයි මේ කියන්න හදන්නේ. මුලින්ම කියන්නේ නිමිත් ගැනයි. ඔහු මෙන්න මේ සිනමාපටවලත් මීට පෙරාතුව දකින්න හිටිය කෙනෙක්.

Pink (2016), Phantom (2015), Chhichhore (2019)

ඔහු නමින් තුෂාර් පාන්ඩේ. ඔහුත් එක්ක මේ සිනමාපටයේ අන්ශුමාන් මල්හෝත‍්‍රාත් ඔහුගේ මිතුරෙක්ට පණ පොවනවා. නම අහලා නෑ වගේ වුණාට මීට පෙරාතුව ඔබ ඔහුව මෙන්න මේ සිනමාපටවලින් දැක තියෙනවා.
Haider (2014), Hum chaar (2019), MTV Warrior High (2015)

අබීර් ගැනත් ඔබ දැන් දන්නවා. දැන් කියන්න හදන්නේ මංජරීගේ චරිතය රඟන ඇය ගැනයි. ඇය නමින් සිම්රන් ශර්මා. මංජරීගේ චරිතයට ජීවය දෙන ඇයගේත්, සර්ජෝගේ චරිතයට පණපොවන ප‍්‍රීත් කමානීගේත් කුළුඳුල් රංගනය වෙන්නේ හම් චාර් හින්දී සිනමාපටයයි.

 

► Translation — Chandana Waravitage

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00