අද චිත්‍රපට, ටෙලිනාට්‍ය ගොඩාක් හැදෙනවනෙ. ඒවායේ ආරම්භය සනිටහන් කරන්න මුහුරත් උත්සවත් පවත්වනවා.
හැබැයි ඉතින් මුහුරත් උත්සවවලදී බදාගෙන එකිනෙකාට සුභපතන අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු, නළු නිළියො නෙවෙයි ෂූටිං පටන්ගත්තට පස්සේ දකින්න ලැබෙන්නෙ. විවිධ ප්‍රශ්න නිසා නළු නිළියො, අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු විරසක වෙනවා විතරක් නොවෙයි කොටින්ම කියනවා නම් වෛරක්කාරයෝ ගාණට පත්වෙනවා.
එහෙම තදබල ලෙස විරසක වුණු නිෂ්පාදකවරයෙකුයි, නළුවෙකුයි අතර සිද්ධ වුණු ඇබැද්දියක් ගැන තමයි මේ කියන්න යන්නෙ.
එක්තරා චිත්‍රපටයක මංගල දර්ශනයක් තිබුණේ චිත්‍රපට සංස්ථා සිනමාශාලාවේ. ජනප්‍රිය නළුවෙක් ආවෙ ටිකක් පරක්කු වෙලා. ඒ වනවිටත් චිත්‍රපටය පටන් අරන් විනාඩි 10කුත් ගිහින්.
කළුවරේ ඇවිත් ළඟම තිබුණු ආසනේ ඔහු වාඩි වුණා. චිත්‍රපටය ඉවරවෙලා ලයිට් දැම්මට පස්සේ තමයි ඔහු දැක්කේ වාඩිවෙලා තියෙන්නෙ ඔහු ගොඩාක් විරසක වුණු නිෂ්පාදකවරයෙක් ළඟ වග.
අද බොහෝ නවක නළු නිළියන්ට තියෙන චෝදනාවක් තමයි වෘත්තීය ගරුත්වය නොසලකා හරිනඑක. දර්ශන තලවලට වෙලාවට නොඑන එක ෂූටිං අතරතුර ජංගම දුරකතනය අධික ලෙස භාවිතා කිරීම පොලු තැබීම වැනි දේවල් නිසයි එවැනි චෝදනා එල්ල වෙන්නෙ.
එහෙත් ප්‍රවීණයැයි කියාගන්නා නිර්මාණවේදීනුත් ඒ තත්ත්වයට වැටෙනවා අපි දැක තිබෙනවා. අසා තිබෙනවා. අලුත් චිත්‍රපටයක් සඳහා දින ලබාදුන් නළුවෙක් නියමිත ෂූටිං දිනයේදී පාන්දර 5හේ ඉඳන් තම නිවසේ ඇඳුම් පැළඳුම් ලෑස්ති කරගෙන හිටියලු. උදේ 10 පහුවෙලත් ආපු වාහනයක් නැහැල්ලු. 11ට ඔහු අධ්‍යක්ෂකට කෝල්එකක් ගත්තාලු.
“කියපු විදිහට මම පාන්දර පහේ ඉඳන් බලන් ඉන්නවා... තාම වාහනේ ආවෙ නැහැනේ...
“අනේ සොරි පොඩි පොඩි ගැටලු වගයක් ආවා. ඔයාගෙ ගණන් හිලව්වලත් ගැටලුවක් ආවා ඔයාට කියන්න බැරි වුණා. අධ්‍යක්ෂක ගොත ගහමින් කිව්වලු.
“මහ ලොකුවට චිත්‍රපට අච්චර කළා, ටෙලිනාට්‍ය මෙච්චර කළා කිව්වට ඕගොල්ලොත් මේ ක්ෂේත්‍රයේ හැසිරෙන්නේ මොන්ටිසෝරි බබාලා වගේනේ. නළුවා හොඳ දෙකක් කියලා ෆෝන් එක තිබ්බලු.
ටෙලිනාට්‍යයක් හදනවා කියනඑක ලේසි පහසු දෙයක් නෙවෙයි. එහෙත් ඒවා නාළිකාවල විකාශනය කරගැනීම ඊටත් වඩා අමාරු වැඩක්. විශේෂයෙන් රාජ්‍ය නාළිකාවල එක්තරා කාලෙක නම් ටෙලිනාට්‍යයක් විකාශය කරගැනීම කුට්ටි සිස්ටම් තිබුණත් දැන් නම් ඒවා බොහෝදුරට අඩු වෙලා.
නමුත් ඕනෑම දෙයක් කරගැනීමට ක්‍රම සහ විධි නම් හොයාගෙන තියෙනවා.
මේ කතාවත් ඔය වගේ ඊයේ පෙරේදා සිද්ධ වුණු සිද්ධියක්.
සාමාන්‍යයෙන් ටෙලිනාට්‍යයක් හොඳ ද නරක ද බලන්න අදාළ නාළිකාවට මුල් කොටස් 15ක් හෝ 20ක් දිය යුතුයි. එය නැරඹීමෙන් පස්සෙ තමයි අනුමැතිය ලැබිලා ඉතුරු ටික කරන්නේ.
ඔන්න ඊයේ පෙරේදා කොටස් 5ක් පමණක් කරපු ටෙලිනාට්‍යකට රජයේ නාළිකාවකින් අනුමැතියක් ලැබිලා.
විකාශය සඳහා ගිවිසුම් අත්සන් කළාට පස්සේ තමයි ඉතුරු කොටස් 10 කරන්නෙ කියලා තියෙන්නේ.
දැන් විකාශය වෙන්නත් සියල්ල සූදානම්ලු.
අවසාන වටයෙදීවත් ඕගොල්ලො ඔහොම සතුටින් කරගෙන යන්නකො.
► Text - Mithra