2019 මාර්තු 16 වන සෙනසුරාදා

සිඳු තෙර

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 54

ඇවිදින් සුළඟ
හෙමි හෙමින් මුමුණන
වසන්තය කෝ
නොදන්වා
මා අතැර ගිය...

නෙතින් නෙත බලා
දුක කියන්නට
කෙනෙක් හිටි දවස් කෝ
නොකියාම අතැර ගිය

සීතලක් නෑ තමයි
කඳුළු මුතුවක පතුලෙ
කතාවක් කියන්නට කෝ
නෑ අසන්නට කෙනෙක්

අතුපතර අග්ගිස්සේ
ඒ පිපුණු මල මගේ
දකින්නට කෙනෙක් කෝ
අසිරියක් ඒ මලේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00