2019 මාර්තු 16 වන සෙනසුරාදා

ඇඳුම් නැතුව චාරිකාවක්

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 147

බ්‍රිතාන්‍යයේ ඉන්න නැචුරලිස්ට්ලා පිරිසක් පසුගියදා අපූරු ලෝක වාර්තාවක් තිබ්බා. ඒ තමයි වැඩිම දෙනෙක් නිරුවතින් ගමන් කළ රෝලර් කෝස්ටර් චාරිකාව. බ්‍රිතාන්‍ය විනෝද උයනක් වන බ්ලැක්පූල් ප්ලේෂර් බීච් එක මේ වාර්තාව තැබීමට සමත් වුණා. 

ඒ අනුව ගැහැණු පිරිමි 195 දෙනෙක් ඇඟේ නූල් පොටක්වත් නැතිව මේ රෝලර් කෝස්ටර් චාරිකාවට සහභාගී වුණා. මීට කලින් මේ වගේ වැඩක් කරලා තිබුණේ 102 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පමණයි. 

බ්‍රිටිෂ් නැචුරලිස්ට් නම් වූ සංවිධායකයන්ට අනුව මේ වාර්තාව පිහිටුවීමේ අරමුණ තමයි නැචුරලිස්ම්, එහෙමත් නැත්නම් ස්වභාවික වාදය ලෝකය පුරා ජනප්‍රිය කිරීම. බැලූ බැල්මටම නිරුවත ජනප්‍රිය කරවන වැඩක් කියලා පෙනුණට මේ අයට ඊට එහා ගිය සංකල්ප සහ වටිනාකම් රැසක් පවතිනවා. පරිසර සංරක්ෂණය ඒ අතරින් ප්‍රධානයි. 

අනෙක් අතට නිරුවත් සමාජ කියන්නේ ඇත්තටම ලෝකෙට අලුත් දෙයක් නෙමෙයි. අතීතයේ ඉඳන් අද වෙනතුරු ඉන්දියාවේ ඉන්න ජෛනාගමිකයෝත් ඇත්තටම එක්තරා අන්දමක නිරුවත් සමාජයක්. ඉතින් ඒ සම්ප්‍රදායම ජනප්‍රිය සංස්කෘතියකට හැඩගැස්වීමක් තමයි මේ සිද්ධ වෙන්නෙ. 

බ්‍රිතාන්‍යය කියන්නේ මේ වනවිට යුරෝපය තුළ නිරුවත් සමාජය බොහොම වේගයෙන් පුළුල්වෙන රටක්. නිරුවත් සමාජශාලා, නිරුවත් අවන්හල් වගේ පොදු ස්ථානත් යුරෝපය පුරා විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය හා ප්‍රංශය වගේ රටවල ජනප්‍රිය වෙමින් පවතිනවා. මෑතකදී පැවැති සංඝණනයකට අනුව බ්‍රිතාන්‍ය වැසියන් අතුරින් මිලියන 3.7ක්ම තමන් නැචුරලිස්ට්ලා එහෙමත් නැත්නම් නිරුවත් සමාජයට අයත් පිරිස් ලෙස හඳුන්වාගෙන තිබෙනවා. 

හැබැයි ඒ මිලියන 3.7ක ජනතාව එදිනෙදා ජීවිතයේ සියලු කටයුතු නිරුවතින් සිදුකරනවා කියලා ඉන් අදහස් වෙන්නේ නැහැ. ඔවුන් නිරුවතින් සිටින්නේ තමන්ගේ සමාජයේ සාමාජිකයින් සමඟ කටයුතු කරන පොදු වැඩවලදී පමණයි. 
ඔවුන් තමන්ගේ සංකල්ප සහ අදහස් ප්‍රචාරය කරන්න විවිධ වැඩසටහන් සංවිධානය කරනවා. ඒ අතර කාන්තාවන් සවිබල ගැන්වීමේ ව්‍යාපාරත් තිබෙනවා. කොහොම නමුත් ඔවුන්ගේ එක් ප්‍රධාන ඉල්ලීමක් වන්නේ නිරුවතින් ස්නානය කිරීමේ අවස්ථාව පොදුවේ උදාකරදෙන ලෙසයි. ඒ කියන්නේ තමන්ගේ සංගමයේ එකතුවීම්වලදී හැරුණු විට වෙනත් පොදුපිහිනුම් තටාක, විල් සහ ජලාශවලදීත් ස්නානය කිරීමේදී ඇඳුම් මුළුමනින්ම උනා දමා ස්වභාවිකත්වයට ඉඩදෙමින් කටයුතු කරන්න අවස්ථාව දෙන්න කියලයි. 

මේ ස්වභාවිකවාදීන්ගේ සංකල්පවලට ගරු කරමින් ස්වභාවිකත්වය යනු වෙනම දර්ශනයක් ලෙසටත් සමහර රටවල් පිළිඅරන් තිබෙනවා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 35ට වැඩි අයගෙන් මේ සමාජ සමන්විත වන අතරේදී ඊට අඩු වයසේ අයත් තරුණ නිරුවත් සමාජ පිහිටුවාගෙන සිටිනවා. 
 

► Text - Suranga

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00