2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

දිනක්ෂිගෙ මනාෙප

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 200

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා පවුලකින් එන අපිට ඉන්න දක්ෂ ජනප‍්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම තමා ඇයගේ නර්තන හැකියාවත් මේ දිනවල දෙරණ ස්ටාර් සිටි වේදිකාව තුළින් ප්‍රේක්ෂක ඔබට සමීප වෙනවා. අපි මෙවර 5 Choice විශේෂාංගයට සම්බන්ධ කරගත්තේ දිනක්ෂිව. දිනක්ෂිගෙන් ඇහුවේ ක්ෂේත්‍රයේ ඉන්න හොඳම මිතුරන් පස් දෙනා ගැන. මෙහෙමයි මම ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් අය එක්ක හිතවත්. ඒ අතරිනුත් ගොඩක්ම හිතවත් 5 දෙනෙක් ගැන කියන්නම්. අංක කරන්න නම් බොහොම අමාරුයි. මොකද මේ පස්දෙනා නම් මට 

01 මාධව විජේසිංහ 

මට මුලින්ම මාධව අයියා හමුවුණේ මගේ මුල්ම නාට්‍ය වන වස්සාන සිහිනය නාට්‍යයේදී.  එදා ඉඳන් අපි දෙන්නා මාර ෆිට්. මම හිතන්නේ ගිය ආත්මේ අපි දෙන්නා අයියයි නංගියි වෙන්න ඇති. මට එයාට කියන්න බැරි දෙයක් නැහැ. මාව හොඳින් තේරැම් ගන්න මාධව අයියට පුළුවන්. මම එයාට ගොඩක් ආදරෙයි. හැබැයි ගොඩක් අය අහන්නේ අපි අතර සම්බන්ධයක් තියෙනවද කියලා. එහෙම දෙයක් නැහැ. ඒකත් කියන්නම ඕනේ. අපි අතර තියෙන්නේ සහෝදර බැඳීමක්.

02. චාමර පීරිස් 

පියවි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා. ඒ නාට්‍ය හරහා තමා මම චාමර අයියා එක්ක ගොඩක් හිතවත් වුණේ. ඒ හිතවත්කම අදටත් තියෙනවා. ඉතින් මට මේ ක්ෂේත්‍රයේ ඉන්න හොඳම යාළුවෙක් තමා චාමර අයියා. එයාටත් ඉන්න හොඳම යාළුවෙක් තමා මම.  එයා මට සමහර වෙලාවට යාළුවෙක් සහෝදරයෙක් තවත් වෙලාවකට තාත්තා වගේ. මට ඕනේ දෙයක් චාමර අයියා එක්ක කතා කරන්න පුළුවන්. ඕනෙම ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුළුවන්. අපි අතරත් තියෙන්නේත් ලොකු බැඳීමක්.

03 ක්‍රිෂාන් පෙරේරා 

Doctor Band එකේ ක්‍රිෂාන් අයියා තමා ඊළඟට මට ඉන්න හොඳම යාළුවා. එයයි මායි දැන් අවුරුදු ගාණක ඉඳන්ම හොඳ යාළුවෝ. මම යම් වරදක් කොළොත් මට ඒක පෙන්නලා දීලා මට එයින් ඈත් වෙන්න මඟ කියනවා. ඒ වගේම මගේ ගමනට ලොකු ශක්තියක් වෙන කෙනෙක්. එයා හැමවෙලාවෙම මගේ Target වලට යන්න මාව motivation කරන කෙනෙක්.

04 ගයාන් ශ්‍රීමාල් 

මගේ Choreography කරන්නේ ගයාන්. ගයාන් නිසා තමා මම නටනවා නම් නටන්නේ. මොකද මගේ නර්තන හැකියාව හරියට තේරුම් ගත්තේ ගයාන්. ඉතින් ගයාන් සහ මම දැන් හොඳ යාළුවෝ. ගයාන්ටත් පිස්සු මටත් පිස්සු ඒ නිසා තමා අපි මේ තරම් යාළුවෝ වෙලා ඉන්නවා ඇත්තේ. ඒ වගේම තමා ගයාන් කියන්නේ සරල හිත හොඳ කෙනෙක්. 

05 දිල්ෂාන් අමරසිංහ 

දෙරණ ස්ටාර් සිටි වැඩසටහනේ producer. අපි දෙන්නත් හරි යාළුයි. අපි සෙට් වෙලා කතා කර කර ඉන්නවා. මම ගැන එයා හොඳට දන්නවා මමත් එයා ගැන දන්නවා. ඒ වගේම තමා මම එයාට දෙයක් රහසක් විදියට කිව්වොත් එයා කවදාවත් ඒක වෙන කෙනෙක්ට කියන්නේ නැතිව රහසක් විදියටම රකින මට ඉන්න හොඳ යාළුවෙක්.

Text – Anusha Ranasinghe  /  Pic- FB

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00