2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

අපි ෙදන්නා දත්ටික ෙබදා ගමු

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 76

එකෝමත් එක රටක දේශපාලන මැස්සෙක් උන්නේය. එයැයි ඒ රටේ ඇති මැසි විස්ස විද්දියාලයක මැස්සන්ගේ දත් ගැලවීම පිළිබඳව උගත්තේය. ඒ අස්සේ මැස්සන් සමඟ පාද චාරිකාවේ නිරත වෙමින් දුප්පත් මැස්සන් වෙනුවෙන් හඬක් නැගුවේය. එයා දවසක් ගියා රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට ගියේය.

ඔබතුමා කියන විදිහට මොකද්ද ඔය සමාජ වාදය....
සමාජ වාදය කියන්නෙ ලොකුත් නැති පොඩිත් නැති එකට
ඒ කියන්නෙ?
ඒ කියන්නෙ මේකනේ දුප්පත් පෝසත් බේදයක් නැති එකට
ඒක කොහොමද කරන්නෙ?
කරන්නෙ කියන්නෙ මේකනේ. දැන් බලන්න කොස් ඇති තැනටමයි දෙලුත්. පොල් ඇති තැනටමයි පොල් මුඩුත්. එළබටු ඇති තැනටමයි මෝජුත්. කට්ලට් ඇති තැනටමයි කෙහෙල් මුවත්. 
ඉතින් ඒක එහෙම තමයි...
ඒක එහෙම වෙන්න බෑ...
එහෙනම් ඔය වෙලා තියෙන්නෙ...
වෙලා තියෙන එක වෙනස් කරන්යි අපිට  ඕන
කොහොමද ඒක කරන්නෙ සැලසුමක් තියෙනවද
ඔව්නේ.
කොහොමද?
හරි සරලයි. අපි හිතමු පොඩි ළමයි ගාව තියෙනවා ටොෆී. එක එක්කෙනා ගාව එක  එක ගණන්
ඉතින්...
අපි කියනවා ගිහින් බේසමක් අල්ලලා දාපියව් අතේ තියෙන සේරම ටොෆී ටික කියලා
ඉතින්....
සේරම දානවා. ඊට පස්සෙ හැම එකාටම සමසේ බෙදලා දෙනවා. කාටත් වැඩිත් නෑ අඩුත් නෑ.
ඒක අඩු අයට සාධාරණයි. වැඩි අයට අසාධාරණයිනේ...
කවුද කියන්නෙ. පිස්සු. මොකද වෙන්නෙ හැමෝම සමාන වුණාම.
හොඳයි අපිට අසන්නෙක් ඉන්නවා සම්බන්ධ වෙලා. අපි එයාගෙන් අහමු මොනවද කියන්න තියෙන්නෙ කියලා
හෙලෝ...
කවුද මේ?
මැසි මහත්තයෝ මම මේ දුරපළාතක මැස්සෙක් කතා කරන්නෙ
කියන්න මාමා...
පුතේ මගේ කටේ තියෙන්නෙ දත් හතරයි. පුතාගේ කටේ කීයක් දත් තියෙනවද?
33 යි
එළනේ. අපි සේරම ගලෝලා බේසමකට දාලා දෙන්නා එක්ක 17 17 බෙදා ගමුද....?
ආන්න එදා ඒ මාමා එහෙම අහපු දා ඉඳලා අපේ මැසි දේශපාලකතුමා සමාජවාදේ අතෑරලා ධනවාදී පැත්තකට පැන්නේය.
පස්සේ දේශපාලනයට ආවේය. මේ ළගදී එතුමා ගැන රූපවාහිනී වැඩසටහනක් පැවැත්වින.
ඔබතුමා මොකද කියන්නෙ සමාජවාදය ගැන
සමාජ වාදයක් තියෙන්නෙ නිර්ධන පන්තියක් ඉන්න තැන.
ඉතින්....
ඉතින් නිර්ධන පංතියක් නැති වුණොත් සමාජවාදය නැති වෙනවා. කාටද සමාජ වාදය  ඕන එතකොට.
ඒ කියන්නෙ කවද හරි හැමෝම පොහොසත් වුණොත් සමාජ වාදය වැඩක් නෑ
නෑ නේන්නම්... 
එතකොට මොකද්ද ඔබ යෝජනා කරන්නෙ?
මම යෝජනා කරනවා සමාජවාදය කරන අයට මිනිස්සු කොච්චර දැඟලුවත් පොහොසත් වෙන්න නම් දෙන්න එපා
ඇයි ඒ?
ඇයි හත්තලාමේ එතකොට කොහොමද ඒ මිනිස්සු දේශපාලනේ කරන්නෙ
ඒ කියන්නෙ රටේ ප‍්‍රශ්න ඉවර වුණොත් එහෙම ඔබතුමන්ලා වැඩකුත් නෑ
නෑ නේන්නම්.... 
ඒ කියන්නේ ඔබ තුමන්ලා කරන්නෙ ප‍්‍රශ්න විසඳන්නෙ නැතුව ඉන්න එකද
නැතුව ඉන්න එක විතරක් නෙමෙයි. 
එහෙනම්...
තියෙන ප‍්‍රශ්න තව වවනවා. 
ඒ නිසාද ඔබ හොඳ දේශපාලකයෙක් වෙන්නෙ 
මම විතරක් නෙමෙයි
එහෙනම්...
මගේ පුතත්...
පුතත් දේශපාලනේ කරනවද?
මොනව කතා කරනවද. මම යෝජනා කරනවා ඔබට එයාවත් මේ වැඩසටහනට ගෙන්න ගන්න කියලා.
ගෙන්න ගන්නද?
ඔව් එයා මට වඩා හොඳයි. 
අපරාදේ කලින් කිව්ව නම් ඔබ තුමාව ගෙන්න ගන්නෙත් නෑ
ඒකනේ දැන් කියන්නෙ.... 
හොදයි එහෙනං අපි ලබන සතියේ එතුමාගේ පුතාව ගෙන්න ගමු. 


මම
හොස්ස ළඟින් ගිය මැස්සා.

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00