2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

මට කෙල්ලක් නෑ ( - හේමාල් රණසිංහ)

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 594

හේමාල් මේ දවස්වල සද්දයක් නැත්තේ හේමාල්ගේ ගණන් බැහැලාද? නැත්නම් හේමාල් ගණන් උස්සලාද...?
මම හිතන්නේ ඔය කාරණා දෙකම නෙමෙයි. පසුගිය දවස් ටිකේ සද්දයක් බද්දයක් තිබුණේ නැත්තේ මම ඔයාලට නොකියා වැඩ කළා. පසුගිය කාලයේදී චිත්‍රපට කීපයකටම දායක වුණා. දැන් ඉදිරියේදී සඳරැවන් අයියගේ දැවැන්ත චිත්‍රපටයකට දායක වෙනවා. මම වෙනස් වෙනස් චරිතවලට පිපාසයෙන් පෙළෙන කෙනෙක්.

හේමාල් සිනමා නිර්මාණවලට විතරක් සම්බන්ධ වෙන්නේ විජය කුමාරණතුංග වගේ නළුවෙක් වෙන්නද...? එහෙම නැත්තම් ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙන්නේ නැද්ද?
මට ටෙලි නාට්‍යවලට ආරාධනාත් ලැබුණා. මම ජයලත් මනෝරත්න මහත්තයාගේ එක ටෙලි නාට්‍යයකටත් සම්බන්ධවෙලා තියෙනවා. ඒ ක්ෂේත්‍රය මොනවගේද කියලා බලාගන්නත් ඒ පිටපතට සහ ඒ අධ්‍යක්ෂවරයාට කැමැති වුණු නිසාත් මම ඒක බාරගත්තා. මගේ පූර්ණදායකත්වය සහ මගේ කැමැත්ත තියෙන්නේ සිනාමාවටයි. ඒක තවත් කෙනෙක් වෙන්න නොවේ. මට මාව හොයාගන්නයි මම සිනමාවට දායක වුණේ.

මාතලේ ඉඳන් කොළඹ ඇවිත් සිනමා නළුවෙක් වෙන්න කට්ටක් කෑවද?
මම හිතන්නේ ඒක මම ආපු තැනේ ප්‍රශ්නයක් නොවේ. පැරෂුට් එකකින් ඇවිත් පාත් වෙනවට වඩා ඒ ගමනේ අත්දැකීම්, ඒ කටුක බව ජීවිතයට හරිම වටිනවා. මම කැමතියි එහෙම ආපු මේ ගමනට.

දෙෙවය ලොකුවට විශ්වාස කරන්නෙ නෑ

සිනමා පිටපතක් අතට ලැබිච්ච ගමන් මුලින්ම හිතන්නේ මොකක්ද...? චරිතයද...? සල්ලිද...? ඉන්න ප්‍රධාන නිළිය ගැනද...?
චරිතයටත් වඩා මම මුලින්ම බලන්නේ ඒ නිර්මාණය ගැනයි. චරිතය ප්‍රධාන හෝ අනු චරිතයක්ද කියලා මම හිතන්නේ නෑ. මට ඒක වැදගත්කමකුත් නෑ. නිර්මාණයක අපි ලබලා දෙන දායකත්වය ඒ නිර්මාණයේ හැටියට වෙනස් වෙන්න පුළුවන්. නිර්මාණයේ තිබෙන ප්‍රබලත්වය තමයි වැදගත් වෙන්නේ. ඒ නිර්මාණය කවදාහරි ජනතාවට තිළිණ වෙන්නේ, එතකොට ඒ නිර්මාණය අපි සියලු දෙනාගේ පොදු කාරණයක්. ඒක කණ්ඩායම් හැඟීමෙන් කරන්න ඕනේ දෙයක්. නිර්මාණයට පසුව මම ඒ චරිතය ගැන හිතනවා.

හේමාල්ට දැවැන්ත සිනමා පිටපතක ආරාධිත රංගනයක් කරන්න කිව්වොත් ඒක බාරගන්නවද?
මගේ ආරාධිත රංගනය ඒ නිර්මාණයට වැදගත්නම් ඒක නිර්මාණයට අවශ්‍යනම් මම ඒ ගැන සලකා බලනවා. ඒ නිර්මාණයට මගේ රංගනය අනවශ්‍යයි කියලා මට හැඟෙනවානම් මම ඒක බාරගන්නේ නෑ.

ජීවිතේට සැලසුම් ගහන පුරුද්දක් මට නෑ

හේමාල් දෛවය විශ්වාස කරනවාද...?
මට පෙනෙන දේවල්වලට වඩා නොපෙනෙන දේවල් ගැන කියන්න මම දන්නේ නැති නිසා මම එහෙම ඒ දේවල් ලොකුවට විශ්වාස කරන්නෙත් නෑ. විශ්වාස නොකරන්නෙත් නෑ.

පෙම්වතිය ගැන හේමාල් කතා නොකරන්නේ ඇගේ කීමටද...? නැත්නම් ජනප්‍රියත්වය හෝ වෙන යමකට ඒක බාධාවක් වෙයි කියලා හිතන නිසාද...?
නෑ... මේ වෙනකොට මට පෙම්වතියක් නෑ. ඉතින් නැති කෙනෙක් ගැන මම කොහොමද කියන්නේ. මට පෙම්වතියක් ඉඳලා තියෙනව. නමුත් මේ මොහොතේදී මට එහෙම සම්බන්ධයක් නෑ. ඒකත් මම විශ්වාස කරන්නේ ජීවිතේ අපේ වුවමනාවකට නොවේ. අපි ජීවත් වෙන වටපිටාව හා කාලය ඒ හැම දෙයක්ම තීරණය කරාවී. ඒ නිසා කිසිම දෙයක් ගැන මම හඹායන්නේ නෑ. ඒක වෙන්න ඕනේ කාලයේදී සිද්ධ වෙයි.

කෝ අර ඒ දවස්වල හිටපු නිරූපණ ශිල්පියා?
ඒ නිරූපණ ශිල්පියාත් ඉතින් තාම ඉන්නවා. වැඩ ටිකක් වැඩි නිසා ඒ නිරෑපණ ශිල්පියා ටිකක් මගෙන් දැන් ඈත් වෙලාදෝ කියලත් දැන් මට හිතෙනවා.

අැයි මම මාධ්‍ය එක්ක තරහා වෙන්නේ

මාධ්‍යයට වැඩිය එන්නේ නැත්තේ ඇයි... මාධ්‍ය එක්ක තරහකින්ද...?
අනේ නෑ... කිසිම තරහක් නෑ... ඇයි මාධ්‍ය එක්ක තරහා වෙන්නේ. පසුගිය කාලේ මම මාධ්‍ය එක්ක වැඩිය කතා නොකළේ මට කතා කරන්න අලුත් නිර්මාණයක් තිබුණේ නැති නිසා.
බොහෝ කලාවරුවන් අනාගතය ගැන හිතලා ව්‍යාපාර පටන් අරගන තියෙනවා. හේමාලුත් ව්‍යාපාරයක් එහෙම පටන් අරගෙනද... මොනවද බලාපොරොත්තු.
මගේ ජීවිතේ බලාපොරොත්තු නෑ. මම බලාපොරොත්තු තියාගන්න කෙනෙක් නෙමේ. මම ජීවිතේ මෙහෙම වෙන්නෝනේ කියලා සැලසුම් ගහන කෙනෙකුත් නෙමේ. මම අද දවසේ ජීවත්වෙනවා. මේ මොහොතේ මම හුස්ම ගන්නවා. හෙට දවසේ මම මොනව කරයිද මට මොනව වෙයිද කියලා දන්නේ නෑ. ඒකට මම ඒ විදිහට මුණ දේවී. එහෙමයි කියලා අද මම මේ වර්තමානය විනාශ කරගන්නේ නෑ. හෙට දවසේද අද දවස දිහා ආපහු හැරිලා බලද්දී මට අද දවස ගැන සතුටු වෙන්න පුළුවන් විදියට ජීවත් වෙන්න මම උත්සාහ කරනවා. නමුත් ඒක හැම වෙලාවකටම සාර්ථක නෑ. මගේ ජීවිතය හරි සරලයි.

Text — Dishani 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00