ඉල්ලාන වැහි පොදක්
ගියේ ඉගිලී ඇයිද අහසට
මගේ ඇස් අහසේ
කඳුළු වැහි ඇත්තේ
ගිගුම් දී වැස්සේ
නිවා සනහා සතපවා
කවුළු හැර සිහිනේ
නුඹේ විඩාපත්
සුසුමින් සුසුමට
මමයි ඉකිබින්දේ
දොස් පරොස් නෑ නිමා
උවැසියක වී උන්නත්
ජීවිතේ හරි දිග කතාවක්
අහන්නට කවුරුත් නැතී
පුරමි කෙළෙසක පාරමී
හිමි සඳක් මට හිමි නැතී
අතරමං මඟ තොටකදී
කතර නිරුදක මහ වැහී
තෙමාලන සඳ මුවාවෙන්නට
මහ ගසක් මට හිමි නැතී
ජීවිතේ මහ කන්ද පාමුල
මට මාත් දැන් ළ‘ඟ නැතී
සොයා වෙහෙසෙමි සෙවණැල්ල මම
අඳුරු රැය ළඟ රැඳෙද්දී