2019 මාර්තු 30 වන සෙනසුරාදා

බෝලයි බෝලගේ කොල්ලයි

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 138

කොළම කොළ පාට මහා රූස්ස ගස් වැල් පිරිලා තියෙන ප‍්‍රදේශයක්. මේ ගස් වැල් පිහිටලා තියෙන මහා වනන්ත‍රයේ කඳු ගැටයකින් සුන්දර දිය ඇල්ලක් කිරි පිඬු නංවමින් ඇද හැලෙන්නේ ඒ අහල පහළ ඉන්න අයගේ සිරුරුවලට සිසිලක් සලමිනුයි. මේ රමණීය පරිසරයේ අලි, කොටි, වලස්සු වගේ භයානක සතා සිව්පාවෝ විතරක් නෙවෙයි මුවාගේ ඉඳන් අහිංසක වන සත්තුත් නයි, පිඹුරෝ වගේ උරගයනුත් ජීවත් වෙනවා. මේ වනය අසළට පරණි යතුරු පැදියකින් කඩවසම් තරුණයෙක් ඇවිල්ලා කට වටා රවුමට සිටින සේ අත් දෙක තියලා කෑ ගහනවා.
රාජ් - බෝලා.....

බෝලා කියන්නේ දළ දෙක දිගට තියෙන ඇතෙක්. එයා මගේ පුංචි කාලෙ ඉඳන් යාළුවා. අපි දෙන්නගේ යාළුකමට කිසි රෑල් එකක් නැහැ. ඒ වගේ මිත‍්‍රත්වයක උගන්වන්න මේ ලෝකේ කොහේවත් කිසිම ඉස්කෝලයක් නැහැ. මගේ යාළුවා දළ පූට්ටුවෙක්. දඩයක්කාරයා ගොඩාක් ශක්තිසම්පන්න බලවත් වෙන්නනම් ඒ දඩයක්කාරයත් මායාකරුවෙක් වෙන්න ඕන. 
රතු පාට ෂර්ට් එකක් ඇඳගෙන හිස් වැසුමක් පැළඳ ඉන්න පුද්ගලයෙක් ඇළුමිනියම් කෝප්පයක තියෙන තේ එකක් බොන ගමන් ඔහුගේ ගෝලයන් දෙන්නෙක් එක්ක මේ සුන්දර වන ලැහැබේ සජීවීව වීඩියෝ දර්ශනයක් නරඹමින් ඉන්නවා. ඒ අතරේ ඔහුගේ එක ගෝලයෙක්....

ගෝලයා - ඒ ඇතා මිනිහෙක්ව කනවා නේද?
රතු පාට ෂර්ට් පුද්ගලයා - බූරුවෙක් වෙලත් උඹ සත්තු ගැන එච්චර අඩුවෙන් කොහොමද දන්නේ?
නිල්වන් වනාන්තරය හරහා ගලා යන නදියක  ඇති පාවෙන කුඩා ඔරුවක ඉන්න කළුපාට නවීන විලාසිතා සහිත ඇඳුම් ආයිත්තම්වලින් සැරසී ඉන්න ලස්සන කෙල්ලෙක්ව රාජ් දකිනවා. 
රාජ් - ශංකරා 

ශංකරා - වෙලකම් හෝම් රාජ්...
රාජ් - ඔයාව මට ගොඩාක් මතක් වුණා.

ශංකරා - කවුද ගෙදර අත් හැරලා ගියේ? ඔයාටමයි අපිව මතක් වුණේ.
මේ ඒ වනාන්තරය අසළ පිහිටි ගම්මානයක්. ඒ ගම්මානයේ තියෙන මාවතක රාජ් මුහුණ පුරා රැවුල වවලා ඉන්න කඩවසම් තරුණයෙක් වන වනජීවී නිලධාරියෙක් එක්ක කතා කරමින් ඉන්නවා.
රාජ් - ඔයාගේ ඇට කටු කැඩිලා යාවී. එහෙම වුණෝතින් කෑලෑව බලා ගන්නේ කවුද?
විකී - රාජ් ඒ දඩයක්කාරයන් පැනලා යන්න හදන්නේ.
රාජ් - මං ඔවුන්ට යන්න දෙන්නේ නැහැ.

රාජ් ඒ කැලෑ සතුත් දඩයක්කාරයන් සහ ඊට අනුබල දෙන නීතිය රකින්න ඉන්න නිලධාරීන් පවා හොයාගෙන ගිහිලා ඔවුන්ට එරෙහිව නැගී සිටිනවා. මේ සුන්දර වනාන්ත‍රයක් ගැන කියැවෙන අලුත්ම හින්දි සිනමාපටය ජංග්ලී හී කතාවේ සිදුවෙන සිද්ධි කිහිපයක් ඔබ කියෙව්වේ. ත‍්‍රාසය භීතිය කුතුහලය වගේම සුන්දර පරිසරයකින් හෙබි අලි ඇතුන් සහ වෙනත් සතුන් ඉන්න මේ සිනමාපටය නරඹන්න ඔබට 2019 අප්‍රේල් 05 වෙනිදා වෙනකම් බලාගෙන ඉන්න වෙනවා. මොකද එදාට තමයි ජංග්ලී හින්දි සිනමාපටය තිරගත වෙන්නේ. ඒත් මේ සිනමාපටයේ නිෂ්පාදක කණ්ඩායම 2019 මාර්තු 29 තිරගත කරනවා කියලා තමයි කලින්නම් කියල තිබුණේ. ජංග්ලී කියන මේ හින්දී සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ චක් රසල් වන අතර නිෂ්පාදකයන් විදියට එයට සම්භන්ධ වෙලා තියෙන්නේ විනීත් ජයින් සහ ප‍්‍රීටී සහානී. ආක්ෂාත් ගිල්දියාල් සහ සුමන් අධිකාරෙයි දෙබස් ලියලා තියෙන ජංග්ලී හින්දි සිනමාපටයේ තිර රචනය කරලා තියෙන්නේ ඇඩම් ප‍්‍රින්ස් සහ රාඝව් දර් වන අතර කතාව රෝහන් සිප්පි, චාරුදත් ආචාර්යා, උමේෂ් පදල්කර් සහ රිටේෂ් ශාහ්ගේ. 

සිනමාපටයේ පසුබිම සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙනෙන සමීර් උද්දීන් සහ තනුජ් ටික්කු වන අතර මේ සිනමාපටයේ තියෙන සුන්දර ගීත සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ සමීර් උද්දීන්. දැන් ඔබට කියන්න හදන්නේ මේ සිනමාපටය හැඩ කරන ඒකේ චරිතවලට පණ පොවන කට්ටිය ගැනයි. මුලින්ම ඔබට රාජ් ගැන කියලා ඉන්නම්. 1980 දෙසැම්බර් 10 වැනිදා ඉන්දියාවේ ජම්මු කශ්මීර්වල ජම්මුවලදී ඉපදුණු ඔහු 2011 වසරේ පටන් නළුවෙක් වගේම සටන් ශිල්පියෙක් විදියට හින්දි සිනමාවට සම්භන්ධව වෘත්තියේ නියැලෙනවා. ඔහු බොලිවුඩයේ වගේම කොලිවුඩ්වලත් තොලිවුඩ්වලත් ජනප‍්‍රිය කෙනෙක්. මේ කියන පුදගලයාගේ පියා යුධ හමුදා නිලධාරියෙක්. එයා මෙන්න මේ සිනමාපටවලින් ඔබ මීට කලින් දැකලා තියෙනවා. බලන්න ඔබත් ඔහුව දන්න කෙනෙක්ද කියලා?

Force, Commando, Bullett Raja, Yaara.
මතක්වුණාද ඔබට ඔහු කවුද කියලා. ඔහු තමන්ගේ සටන් වෙනත් නළුවන්ට කරන්න නොදෙන සෑම සීන් එකක්ම සටන් හැබෑවටම එක පාරින්ම කරන්න උත්සාහ කරන නළුවෙක්. ඔහු නමින් විද්යුත් ජාම්වාල්. මතකනේ ෆෝර්ස් හින්දි සිනමාපටයේ විෂ්නුගේ චරිතයට පණ දුන්න ඒ අපූරු කඩවසම් කොල්ලා. එයා තමයි මේ සිනමාපටයේ රාජ්ගේ චරිතයට පණ පොවන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ ශංකාරා ගැනයි.
1990 ජනවාරී 25 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායී නගරයේදී ඉපදුණු ඇය 2010 වසරේ පටන් සිනමාවත් එක්ක සම්භන්ධව නිළියක් විදියට කටයුතු කරනවා. ඇය මුලින්ම රඟපලා තියෙන්නේ මරාතී සිනමාපටයකයි. මේක තමයි අයගේ පළමු හින්දි සිනමාපටය කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ජංග්ලී හින්දි සිනමාපටයේ ශංකාරාගේ චරිතයට පණ පොවන්නේ පූජා සවන්ත් විසිනුයි. ඇයට අමතරව මේ සිනමාපටය හැඩ කරන්න විකී කදියන්, ආශා භාත්, මර්කන්ද් දේශ්පාන්ඩේ, අතුල් කුල්කාර්නී, ආක්ෂේ ඔබරෝයී කියන නළු නිළියනුත් දායක වෙලා ඉන්නවා. තායිලන්තයේ තියෙන කෑලෑවක් තමයි සිනමාපටය සඳහා යොදාගෙන තියෙන්නේ. මේ සිනමාපටයේ තියෙන මන බඳින සුන්දර ගීතවල පද රචනය කරලා තියෙන්නේ අන්විතා දත් සහ කුමාර් සූර්යවන්ශී. ජුබින් නවුටියාලුත් ජංග්ලී හින්දි සිනමාපටයේ ගීත ගයන්න එකතු වෙලා ඉන්නවා.

► Translation — Chandana Waravitage

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00