විවිධ සම්මාන උළෙල, තරගාවලි විනිශ්චය කිරීම සඳහා පත් කෙරෙන විනිසුරු මඬුලු බොහෝ අවස්ථාවලදී යම්කිසි ගෙවීමකට පාත්‍ර වෙනවා. එම ක්‍රියාවලිය සඳහා වැය කරන කාලය ගැන සැලකීමේදී එවන් ගෙවීමක් සිදුකිරීම කිසිසේත්ම අසාධාරණ නැති බව බහුතර මතයයි.
සාධාරණ විනිශ්චයක් ඉටු කරන්නේනම් ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ.
ඒත් විනිසුරු මඬුල්ලකට තම දායකත්වය ස්වේච්ඡාවෙන් ලබාදීමට ඉදිරිපත් වූ පසු, මුදල් ඉල්ලා සිටීමනම් අනුමත කරන්න බැහැ. පසුගිය දවසක පැවති එක්තරා සාහිත්‍ය තරගාවලියකට මෙරට ප්‍රකට සාහිත්‍යධරයෙක් විනිශ්චය සඳහා තම දායකත්වය ස්වේච්ඡාවෙන් ලබාදීමට ඉදිරිපත් වුණා.
සතියක් දෙකක් යද්දී මොහු මේ කාර්යය සඳහා ලොකු මුදලක් ඉල්ලලාලු. සංවිධායක මඬුල්ල ඔහුව වහාම එම රාජකාරියෙන් ඉවත් කරලා.
අපේ රටේ පාරවල් වෙනස්වන විදිහට අවුරුද්දක් දෙකක් ගියාට පස්සෙ පරණ පාරවල් හොයාගන්නත් බැහැ. ඔන්න ඔය වගේ සිද්ධියක් වෙලා තියෙනවා අපේ පිටරට ඉන්න කලා ශිල්පියෙකුට.
ඔහු ළඟදි ලංකාවට ඇවිත් තියෙන්නෙ අවුරුදු තුනකට පස්සෙ. කොළඹ නැවතිලා හිටියෙ ඔහුගෙ හොඳම අඹ යාළුවගෙ ගෙදර. ඔන්න පහුවදා ඔහු දාගන්නවා නුවර පැත්තෙ එයාගෙ නෝනගෙ මහගෙදර යන්න.
රට ඉඳන් ආපු ශිල්පියාගෙ තවත් යාළුවෙකුගෙ වාහනෙක තමයි නෝනගෙ ගමට ගියේ.
ඔන්න දැන් නෝනගෙ ගමට කිට්ටු වුණාම එයාට පාරවල් මතක නැහැ. ඔහු හැරි හැරී පාර අහන්නෙ අර කොළඹ යාළුවගෙන්. වෙලාවකට යාළුවට කේන්තිත් යනවා.
අනේ මචං මේ යන්නෙ උඹේ නෝනගෙ මහගෙදරට. උඹ මගෙන් යන පාර අහන එක හරි කැතයිනෙ බං.
ඔන්න දවසක් පාටියකට ගිහින් ටිකක් වැඩිවෙච්ච කෙනෙක් යාළුවෙක් එක්ක ගෙදර එන්න පිටත් වුණාලු. කෙලින් හිටගන්න බැරි සයිස් එකට ගෙදර ආවම බිරිය කොයි විදිහට ප්‍රතිචාර දක්වාවිද යන බය හා සැකය නිසා ඔහු ගේ ළඟින් බහින්නෙ නැතුව ළඟම ටවුන් එකෙන් බැහැගත්තලු.
වෙලාව පාන්දර දෙකටත් කිට්ටුයි. ත්‍රීවිලරයක් පේන තෙක් මානෙක නැහැ.
ඔන්න ටික වෙලාවක් ගියාම ත්‍රීවිලරයක් ආවෙ වැනි වැනි වගේ.
මහත්තයා කොහෙට යන්නද?
අහවල් පාරට යන්න පුළුවන්ද?
අයියෝ සුළු දෙයක්නෙ සර්. අපි කන බොන මිනිස්සුනෙ. සර් පාටියකට ගිහින් එන ගමන් වගේ. මාත් යාළුවෙකුගෙ පාටියකට ගිහින් ගෙදර යන ගමන්... ත්‍රීවිල් රියදුරා කියවගෙන යනවා.
දැන් ගෙදරට ඇවිත් සේන්දු වුණා. දොර අඩවල් කරලා තිබුණු නිසා බිරියට නොදැනිම ත්‍රීවිල් රියදුරා එක්කම ගෙට ගිහින් ඔහු පුටුවක වාඩි වුණා. තත්ත්පරයක් ගියෙ නැහැ, අර ත්‍රීවිල් රියදුරා මෙයාගෙ ඇඟට වමනෙ දාලා.
අන්තිමේදී දෙන්නම නාලා, ත්‍රීවිල් රියදුරාගෙ වෙරි හිඳෙනකම් ගෙදර නවත්තගෙන පහුවදා පාන්දරලු යවලා තියෙන්නෙ.
► Text - Mithra