2019 මාර්තු 30 වන සෙනසුරාදා

ගෑනුන්ව up කරන්න දුන්න පට්ට ගේමක්...

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 110

Art එකේ කැරට්ටුව..
හඬ: දුලීකා මාරපණ

පාර දෙපැත්තට විහිදුන මැයි ගස් පෙළ ගිනි දන කොළඹට සැනසිල්ලක්... අස්වැසිල්ලක්...  මේ වනස්පතීන් දැක්කම මට මතක්වුණේ මිල්ටන් මල්ලවාරච්චිගේ අර සින්දුව... මේ මැයි ගහ යට දවසක් දා... හැබැයි අද අපි ඉන්නෙ වැස්සට නෙමේ... අව්වට... 

ඔන්න මම බලන් හිටපු කෙනා ආවා...!
කොහොමද ඉතින්... ආයුබෝවන්... 
ආයුබෝවන්....

ඒ තමයි ඇයගේ ළෙන්ගතු ආමන්ත්‍රණය... 
මෙච්චරම ළෙන්ගතු ඇය දුලීකා...

දුලීකා මාරපන.. එහෙම තමයි කොයි කවුරුත් දන්නෙ...
දුලීකා කියන්නෙ කවුද කියලා මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.. මුළු රටක්ම ඇයව හඳුනනවා.. හොඳ වින්දන පරාසක් හදාගත්ත, නිදහස් අදහස් දරන, සැහැල්ලුවෙන් ජීවිතය විඳින්න කැමති ... අති දක්ෂ රංගන ශිල්පිනිය... ඒ තමයි මට ඇයව දැනෙන විදිය... 

අනම් මනම් වැල්වටාරම් නැතුව  දුලීකාගේ ජීවිතේ මේ දවස්වල ගෙවන තැනින්ම කතාව පටන් ගමුද?
පහුගිය දවස් ටිකේම ටිකක් විතර බිසී වුණා... හේතුව තමයි අපේ පළවෙනි චිත්‍රපටය තිරගත කරන්න කටයුතු සූදානම් කළා.... චිත්‍රපටයේ නම තමයි සුපර්ණා... මේ චිත්‍රපටය ගොඩනැගෙන්නෙ කාලීන මාතෘකාවක් යටතේ... ඒ තමයි  ස්වාභාවික පරිසය විනාශය සහ ජාන මංකොල්ලකෑම කියන තේමාව යටතේ... කාලීනයි කිව්වට... මේක අද ඊයේ  විතරක් වුණ දෙයක් නෙමේ... ජාන මංකොල්ල කෑම අවුරුදු ගණනාවක් තිස්සේ ඉඳලා අපේ රටේ වෙන දෙයක්... ඒකෙන් වෙන හානිය අපේ මිනිස්සුන්ට හරිහැටි අවබෝධයක් නැහැ. ස්වභාවිකත්වය විනාශ කිරීමෙන් අපේ රටේ මිනිස්සුන්ට වගේම ලෝකෙට වෙන හානිය ගැන සමාජය දැනුම්වත් කිරීමේ කාර්යයේ තමයි මේ දවස්වල නියැලිලා ඉන්නෙ....

දුලීකා මාරපන සම්බන්ධ වුණ නිර්මාණ ඕනතරම් දැකලා තියෙනවා. ඒවා ගැන නැතුව... ඔබව  සංවේදීකරපු  නිර්මාණයක් ගැන පොඩ්ඩක් කතාකරමුද?  
මෙහෙමයි... සංවේදීකරපු නිර්මාණයක් කිව්වාම... ඒ වගේ නිර්මාණ ගොඩක් මගේ මතකයේ තියෙනවා... මොකද මම ගෙදර ඉන්නවා නම්... දවසට චිත්‍රපටය හතක් අටක් බලන කෙනෙක්... උදේ අටට විතර පටන් ගත්තාම රෑ දොළහා එක විතර වෙනකම් නොනවත්වාම චිත්‍රපට බලනවා. මේ ලෝකයේ හැමතැනම, හොඳයි කියලා කතාබහට ලක්වෙන හැම සිනමාපටයක්ම නරඹනවා... එහෙම ගත්තාම ඉරානය, ඇමෙරිකාව, ස්පාඤ්ඤය ගැන කතා කළොත්... යුරේනියන් සිනමා පට තමයි අතිශය සංවේදී ලෙස නිර්මාණය වන සිනමා පට... ඒකට හේතුව ගොඩක් වෙලාවට ඒවා සත්‍ය කතාවක් ඇසුරු කරගෙන තමයි නිර්මාණය කරන්නෙ... ඒ නිසා තමයි ඉරාන සිනමාව ලෝකයේම ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ... හැබැයි ඉරාන, ඇමෙරිකානු සිනමාවට වඩා... අපිට ගොඩක් සමීප අසල්වැසි රටේ සිනමා කෘතියක් තෝරගන්න මම හිතුවා... නිතේෂ් තිවාරි අධ්‍යක්ෂණය කරපු දන්ගල් කියන සිනමා පටය තමයි මම තෝරගන්නෙ...  

දන්ගල් කියන සිනමාපට නිර්මාණය වෙන්නෙ හරියාන්බී කියන ප්‍රාන්තයේ සැබෑ සිද්ධියක් මුල්කරගෙන... ඉන්දියානු සිනමාවේ වැඩි වශයෙන් දැන් දැන් සැබෑ සිද්ධි මුල්කරගෙන සිනමා නිර්මාණ බිහිවුණත්... ඒවා අතරින් දන්ගල් සුවිශේෂි වෙන්නෙ නිර්මාණාත්මක කාරණාවලට වැඩිය... මෑතකාලීනව මිනිසුන් අතරට ගිය වැඩිම ආදායම් වාර්තා තැබූ නිර්මාණය තමයි දන්ගල් කියන්නෙ.. අපි  මොනතරම් හොඳ නිර්මාණයක් කළත් වැඩක් නෑ... ඒක බලන්නෙ මිනිස්සු පනහක් සීයක් නම්... මේ සිනමා කෘතිය නිර්මාණය කරන්න ඉන්දියානු රුපියල් කෝටි 70යි වියදම් වෙලා තියෙන්නෙ ඒ වුණාට.. ලබපු ආදායම ඉන්දියානු රුපියල් කෝටි 2100ක්... ඒකෙන්ම තේරෙනවා මේ නිර්මාණය මොනතරම් හොඳට ජනගත වෙලාද කියන එක... ඒක එක කාරණාවක්...

ඇත්තටම මේක කොමර්ෂල් චිත්‍රපටයක් වුණාට කලා ධාරාවේ නිර්මාණයක් විදියට තමයි මේක එළියට එන්නෙ... මේ චිත්‍රපටයේ ඊළඟ වටිනා කාරණාව තමයි ඒක... මේ චිත්‍රපටයේ පිටපත රචනා කරන්නෙ එක්කෙනෙක් නෙමේ... පස්දෙනෙක් එකතුවෙලා තමයි පිටපත ලියන්නෙ... ඒක තමයි ඉන්දියානු සිනාවේ මම දකින විශේෂ කාරණාව... අමීර් ඛාන් ප්‍රඩක්ෂන් යටතේ තමයි මේ චිත්‍රපටය හැදෙන්නෙ... ඉතිහාසයේ ඉඳන්ම මම බලපු දෙයක් තමයි අමීර් ඛාන් ප්‍රඩක්ෂන් යටතේ හැදුණු හැම චිත්‍රපටයක්ම වගේ තුන් දෙනෙකුට වැඩි තිර රචකයින් පිරිසක් සම්බන්ධවෙලා තියෙනවා. දන්ගල් චිත්‍රපටය සාර්ථක වෙන්න බලපාපු එක කාරණාවක් තමයි ඒක කියාල මට හිතෙනවා. 

මේ චිත්‍රපටයක් සාර්ථක වෙන්න බලපාපු තුන්වෙනි කාරණාව තමයි චිත්‍රපටයේ චරිතවලට ගැලපෙනම නළුනිළියන් තෝරාගෙන තිබීම... අපේ රටේ නම් ඒක වෙනවා ගොඩක් අඩුයි දැන හැඳුනම්කම්වලටනෙ... නළු නිළියන් තෝරගන්නෙ.. හරියාන්බී ප්‍රාන්තයේ ගීතා ෙපාෙගාට් සහ මහාවීර් සිං පාෙගා‍ෙට් කියන පවුල මුල්කරගෙන තමයි චිත්‍රපටය ගොඩනැගෙන්නෙ... මට දැනුණු විදියට මේ චිත්‍රපටය කාන්තාව මුල්කරගෙන තමයි නිර්මාණය කරන්නෙ... ඉන්දියාවේ තාමත් කාන්තාව තියෙන්නෙ පසුගාමී ස්ථානයක් පුරැෂ පාර්ශවයට වඩා... තාමත් ඉන්දියාවේ මතයක් තියෙනවා ගැහැණු දරුවන් අවුරුදු 12-13 වෙනකොට විවාහ විය යුතුයි කියලා මතයක්... හැබැයි මේ ගැහැනිය ජයග්‍රහණය කළ යුතුයි... එහෙමත් නැත්නම් ගැහැනිය මීට වඩා සමාජ ගතවිය යුතුයි... ගැහැනියට මේ ලෝකයට සුවිශේෂ යමක් කළ හැකියි කියන මතය මේ සිනමා පටයෙන් තුළින් බරපතළ ලෙස ගොඩනගලා තියෙනවා... මහාවීර් සිං ෆොගට් කියන තාත්තා තමන්ගෙ දරුවන් අඩු වයසින් විවාහ කරලා දෙන එක හිතන්නෙවත් නැතුව, සමාජ වටපිටාවෙන් එල්ලවෙන බලපෑම් සියල්ල ප්‍රතික්ෂේප කරලා ගැහැණු දරුවන් අඩුවෙන්ම සම්බන්ධ වෙන රෙස්ලින් කියන ක්‍රීඩාව හරහා ලෝකයට විවෘත කරනවා. වාණිජ සිනමාවට කලාධාරාව එකතු කිරීමෙන් ඉන්දියාව සිනමාවෙන් අද මුළු ලෝකයම ජයගෙන තියෙනවා.. 

අධ්‍යක්ෂකවරයා මේ චිත්‍රපටය උපයෝගි කරගෙන තියෙන රූපරාමු ටිකත් එකින් එක එකින් එකට බද්ධවීම සහ ඒ කැමරා කෝණ ගැලපීමත් හරිම අපූරුයි...

දුලීකාට හිතෙනවද මේ සිනමා කෘතිය ඔබේ ජීවිතයට සම්බන්ධයක් තියෙනවා කියලා..?
ඇත්තටම මගේ ජීවිතයට මේ සිනමා කෘතිය සම්බන්ධයක් තියෙනවා. මමත් කාන්තාවක් හැටියට කාන්තාව බලගැන්වීම කියන එක තමයි මගේ මූලිකම පරමාර්ථය. අපේ රටේ තාමත් බලයෙන් අඩු කාන්තාවන් ජීවත් වෙනවා. ලංකාවේ විතරක් නෙමේ ලෝකයම ගත්තත් කාන්තා ගහණය වැඩියි. කාන්තාව බලගැනීම හරහා කාන්තාව ශක්තිමත් කිරීම සහ ඇයට උත්තේජනයක් දීම තුළින් අපේ රට සංවර්ධනයට කාන්තාවගේ දායකත්ව වැඩිකරන්න. මමත් ගමක ඉඳන් ඇවිත් කොළඹ දිනපු කෙනෙක්... රංගන ශිල්පිනියක් හැටියටත්... අනිකුත් සියලුම පැතිකඩවලින්... මම විශ්වාස කරනවා මට හොඳ පෞර්ෂයක් තියෙනවා කියලා ඕනම තැනක කෙලින් හිටගන්න. ඒ පෞර්ෂය ඇතිවෙන්න මූලික හේතුව තමයි මගේ අම්මා... ඇයත් ධෛර්ය සම්පන්න කාන්තාවක්. මගේ සීයා මට පැහැදිලිව කියපු දෙයක් තමයි උඹ ගමෙන් යන්න ඕනෙ ලෝකය දිනන්න කියන එක. ධෛර්ය සම්පන්න ගැහැනුන්ව අද සමාජය විසින් ඒ ධෛර්ය හීනකරනවා.. එහෙම වෙලාවට මේ වගේ සිනමා කෘති නැරඹීමෙන් උත්තේජනයක් ඇති කරනවා අරමුණ වෙත යාම සඳහා..  

දන්ගල් චිත්‍රපටයේ දුලීකා ආසම  කැරැක්ටර් එක කවුද?
අතිශයින්ම මම කැමතිම චරිතය තමයි අමීර් ඛාන්ගේ චරිතයට... තාත්තා කෙනෙක් දුක් කම්කටොලු මගහැරගෙන තමන්ගේ දියණියන්ව ජයග්‍රාහී ඉලක්කයක් වෙත රැගෙන යන විදිය හරිම අපූරුයි... ඊටපස්සෙ මම කැමතිම සෝනියා මල්හෝත්‍රා රඟපාන බාල දියණියගේ චරිතයට... එයා සමාජ සම්බන්ධකම් බැඳීම් නැති කරගන්නෙ නැතිව ජීවිතය ගොඩනගන විදියටට මම ගොඩක් කැමතියි... මොකද වැඩිමල් දියණිය රුඩිකල් වෙන්න උත්සාහ කරන්නෙ බැඳීම් සියල්ල අත්හැරලා වැරදි විදියට.. බාල දියණිය එහෙම නෑ..  මේ චිත්‍රපටයේ සියලුම චරිතය අතිශයින්ම සාර්ථකයි.. මේ සියල්ලන්ටම මම පොදුවේ ගොඩක් කැමතියි...

දන්ගල් චිත්‍රපටය ඇතුළේ දුලීකා මාරපනව සංවේදී කරපු රෑප රාමු තියෙන්න ඇති නේද?
මම අතිශයින්ම සංවේදී වෙච්ච තැනක් තමයි ප්‍රධාන චරිතයක් වන ගීතා තමන්ගේ පියාව ප්‍රතික්ෂේප කරන මොහොත... ඒ ප්‍රතික්ෂේප කරන තැන පියාගේ හැගීම හරිම සංවේදීයි..  දරුවන්ව උස්මහත් කරලා නිය මාවත පෙන්නුවට පස්සෙ දරුවන් විසින් තමන්ගේ මවුපියන්ව ප්‍රතික්ෂේප කරනවා... ඒක අපේ රටෙත් වෙනවා... අමීර් ඛාන් මනසින් වැටෙන විදිය ඔහුගේ මුහුණේ ඉරියව්වලින් පෙන්නන විදියට මම ගොඩක් කැමතියි. තව රූපරාමුවක් තියෙනවා තමන් දුක් මහන්සිවෙලා ජයග්‍රාහී මාවතට ගෙනාපු දරුවාගේ විජයග්‍රහණය දකින්න පියාට නොලැබෙන මොහොත හරිම සංවේදීයි. 

මේ නිර්මාණය ඔබට හම්බෙන්නෙ කොහොමද කී වරක් ඔබ මේ නිර්මාණය බැලුවද?
සාමාන්‍යයෙන් හොඳ නිර්මාණ කොහොමත් මම බලනවා... කීපවතාවක්ම මම මේ චිත්‍රපටය නරඹලා තියෙනවා....
දුලීකා කතාවට තිත තිබ්බේ එහෙමයි...

 

► Text - Danushka Wijesiri   /   Pic – Internet

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00