2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

සිඳු තෙර

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 36

නිතර යන එන 
පුරුදු මඟතොට 
නෑ නුඹේ සෙවණැල්ල විතරක් 

පාළු සුළඟක් දැවටි දැවටී 
අහන්නෙම කෝ කියා 
නුඹ දැන් 

නොදන්නා බව කීවේ නෑ මං 
ගසේ බඳ වට 
එතුණු මල් වැල් 

තවත් බොහොමැයි 
ඉතින් කොහොමැයි 
වාවන්නෙ මං