2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

හිටු කියලා Like වැටෙන Living TV

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 57

චලන රූපණ ඇසුරින් තිර පිටපත් ඇතුව ගොඩන නගන කතාන්දරවලට තියෙන්නේ දීර්ඝ ඉතිහාසයක්. එය නිහඬ චිත්‍රපට යුගය දක්වා දිව යනවා. ආපසු කාලීනව රූප මාධ්‍ය විවිධ අංග ඔස්සේ විකාශය වුණ විත්‍රපට, ටෙලිනාට්‍ය, විශේෂාංග, විචිත්‍රාංග එයින් කිහිපයක්. YouTube බිහිවීමත් එක්ක මේ කියන ප්‍රභේදවලට අලුත් අලුත් අලුත් දේවල් එකතු වුණා. අන්න එහෙම එකතු වුණ ප්‍රභේදයක් හා හරහා ගොඩනැගුණු YouTube Hit එකක් ගැන තමා මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ. සරලව කිව්වොත් මෙතෙක් අපි කතා නොකරපු රටාවකට අදාළ වීඩියෝ විශේෂයක්.

LivingTV කියන Channel එකේ තිබුණු වීඩියෝ තමයි අපි උදාරහරණයට ගන්නේ. මේ චැනල් එකේ Like ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් තියනවා. ඉතා වේගයෙන් යාවත්කාලීන වන චැනල් එකක්. සියලුම වීඩියෝ අපි මේ කතා නාටක මාදිලියේ. ලොකයේ මේ වගේ Hit වුණ Channel විශාල සංඛ්‍යාවක් තියනවා. ලංකාවේත් කිහිපයක්ම තියනවා. ඒ චැනල් හරහා ඉදිපත් කරන්නේ හඬ පදනම් කරගත්තු Video Clip. ඒ කියන්නේ Radio Type. යම් හඬ පටියක රෑප වීඩියෝ ඇමිණීමක් තමයි මෙතැන වෙන්නේ.

අපි කතා කරන වීඩියෝ නම් කරලා තියෙන්නේ "මේ වගේ කොල්ලෙක් ජීවිතයට ආවොත් අතහරින්න එපා A Gay Like This” කියලා. ඒකෙන් කතා කරන්නේ කෙල්ලෙක් ලැබෙන්න ඕනෑ හොඳ කොල්ලෙක්ගේ ති‍ෙයන වටිනාකම ගැන. අන්තර්ගතය ගැන අපි අද ලොකු අවධානයක් දෙන්නේ නෑ. නමුත් මෙම මාදිලියේ වැඩි ජනප්‍රියත්වයක් Youtube Hit එකක් බවට පත්වුණ වීඩියෝවක් තමයි. එතනදී කියන්න ඕනෑ දේ තමයි මේ වගේ Channel වලින් විශාල Views ප්‍රමාණයක් ඉලක්ක කරන්නේ නෑ. මොකද ඔවුන් නිතර නිතර විඩියෝ කරනවා සමස්තයේ එකතුව තමයි ඔවුන්ට වැදගත්.

මුලින්ම නිෂ්පාදන ක්‍රමවේද දිහා තමා අපි බලන්නේ. යම් අයෙක් විශේෂාංග ආකෘතියේ රචනාවක් තමයි මෙතැන දී වීඩියෝවක් බවට පත් වෙන්නේ. ඒ සරල සුගම භාෂාවකින් ලියවුණු එය උචිත භාෂා ශෛලියක් භාවිත කරමින් එය පටිගත කිරීම මුලින්ම සිද්ධ වෙලා තියෙනවා. පසුව එම හඬ පටයට ගැලපෙන රූප සහ කුඩා වීඩියෝ කැබලි අන්තර්ජාලයෙන් ලබා ගන්නවා. ඊට පස්සේ එම කොටස් Video Editing Software එකක් භාවිතයෙන් එකින් එකට ඇමිණීමයි කෙරෙන්නේ. ඒ අනුව අවසානයේ සරල ඡායාරූප කිහිපයක් වීඩියෝ කැබලි කීපයක් එකින් එකට මාරුවෙන් විඩියෝ පටයක් බිහිවෙනවා. මේ රටාව තමයි මේ මාදිලියේ සියලුම වීඩියෝ නිර්මාණය වෙන්නේ.

පොත් පත්තර කියවනවා වගේ මේ වගේ වීඩියෝ නරඹන්න පුරුදු වුණ ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. ඒ නිසාම මේවගේ Youtube Channel ස්ථිර රසික පිරිසක් හදා ගන්නවා. මේ වේගෙන් ජනප්‍රිවෙන එකක්. තවම ආරම්භ අවස්ථාවේ තියෙන නවාංගයක්. අනාගතයේදී පොත් පත් සඟරාවලට Youtube හරහා ලොකු අභියෝගයක් එල්ල වෙන්න පුළුවන් කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්.

 

► Text - Nisal   /   Pic – Internet