නැටිල්ලට පොල්ලක්
පිටරටක පවත්වන්නට සංවිධානය කර තිබුණු තරැ පිරැණු නර්තන ප්‍රසංගයකට ජනප්‍රිය ශිල්පීන් රුසක් කාලෙක ඉඳන් පුරුදු වෙනවා.
හොඳට නටන්න පුළුවන් සමහර අයව කපාගෙන අනික් කට්ටිය හොරෙන් පුරුදු වෙනවලු.
මේක හැම අවුරුද්දෙම වෙන දෙයක් වුණාට, මේ පාර ප්‍රශ්නෙ ටිකක් බැරූරුම්වෙලා කියලා තමයි කලා ලොවෙන් ආරංචි වෙන්නෙ.
මේකට සම්බන්ධ නැටුම් ගුරාට සහ එයාගෙ කණ්ඩායමට ඒ රටට යන්න වීසා ප්රතික්ෂේපවෙලා තියෙන නිසාලු මේ අර්බුදය පැන නැගිලා තියෙන්නෙ.
නමේ පටලැවිල්ල
චාන්දනී හෙට්ටිආරච්චි කියන්නෙ මේ රටේ සංගීත ලෝලීන් අතර ඉතාම ජනප්‍රිය නාමයක්. ඒ වගේම තමයි ඇගේ දියණිය ජැකලිනුත් මවගේ අඩි පාරෙ යමින් දක්ෂතා පෙන්නනවා.
අපේ කලා ක්ෂේත්රයේ තවත් දිදුලන තරුවක් තමයි චාන්දනී සෙනෙවිරත්න - එක්තරා කලා පුවත්පතක චාන්දනී හෙට්ටිආරච්චි ගැන ලියවෙන හැම වතාවකම වගේ ඇගේ නම චාන්දනී සෙනෙවිරත්න කියලමයිලු ලියවෙන්නෙ.
වෙන කෙනෙක්නම් නඩු දාන තැනට යන්න පුළුවන්. ඒත් චාන්දනී හෙට්ටිආරච්චිගේ නිහතමානීකම කොයිතරම්ද කියනවනම් ඇය අදාළ මාධ්‍යවේදියාට කතා කරලා කියනවා “ අදත් මගේ නම වැරැද්දුවා නේද” කියලා.
“කමක් නැහැ චාන්දනී සෙනෙවිරත්න කියන්නෙත් මම ගොඩාක් ගරු කරන කලාකාරිනියක්නෙ,” එහෙම කියලා කතාව එතැනින් ඉවර කරනවලු.
මෙවැනි කලා ශිල්පීන් අපේ රටට සම්පතක්, ආඩම්බරයක් නොවේද?
සින්දු කියලා පොලු කන්න බෑ
පහුගිය දවසක කොළඹින් පිට පැවති සංගීත ප්‍රසංගයකදී ප්‍රවීණ ගායක අමරසිරි පීරිස්, ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ ඇතුළු පිරිසට සිදුවූ ඇබැද්දිය ගැන මේ වනවිටත් ගොඩාක් අය දන්නවා ඇති.
ෂෝ එකක් බුක් කරන්න ආවම ඇඩ්වාන්ස් එකක් ලබාගැනීම ගායක ගායිකාවො පුරුද්දක් හැටියට කරන දෙයක්. එත් ඉතාම කිට්ටුවන්තයෙක් සංවිධානය කරන වැඩවලදී කලා ශිල්පීන් නම්‍යශීලී වෙනවා. ඒත් අන්තිමට ලොකු පොල්ලක් කනකම් දන්නෙම නැහැ.
මෙවැනි ක්‍රියාකලාප නිසා අව්‍යාජ සංවිධායකවරුන්ට සිද්ධවෙන්නෙ බරපතළ අසාධාරණයක්.
දැන් ඉතින් ස්ටේජ් එකට නගින්න කලින් මුදල් කවරය අදාළ ගායකයාට හෝ ගායිකාවට දෙන්නම වෙනවා.
මෙහෙම වැඩ හොඳද?
පැරැණි ගායක ගායිකාවන්ගෙ සින්දු අමු අමුවෙම කොපි කරගෙන ඒවා තමන්ගෙ කරගෙන රජවෙන්න හදන ශිල්පීන් මේ රටේ කොයි තරම් ඉන්නවද? ඒ සදාචාර විරෝධී වැඩ නවත්තන්න කාටත් බැරිවෙලා තියෙනවා. ඒ මදිවට ඒවට උල්පන්දම් දෙන සමහර මාධ්‍ය ආයතනත් තියෙනවනෙ.
මෑතකදි පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සජීවී වැඩසටහනක් අතරතුර නව පරපුරේ ගායිකාවක් කිව්වෙම අපේ ප්‍රවීණ ගායන ශිල්පිනියකගේ ගීත. ඒවා නැවත නැවත වැඩදාලා පෙන්නන්න - පැමිණි අයත් කිව්වා.
ඒත් ඒ කිසිම තැනක අර ගීතවල මුල් ගායිකාවගේ නම සඳහන් කරන්න තරම් ඒගොල්ලො මානුෂීය වුණේ නැහැ.
ඥාතිකම් මත පැරැණි ගායිකාවන්ගෙ සින්දු තමන්ගෙ කරගෙන කිව්වට කමක් නැහැ, ඒත් මුල් ගායිකාවගේ නම සඳහන් කළ යුතුයි නේද?
බර්ගර් කිං!
මේ රටේ සිනමාවට නගන රජකතා දිහා බැලුවම වැඩිකල් යන්න ඉස්සර අල්ලපු රටේ රජවරු ගැනත් අවධානය යොමු කරන්න වෙයි කියලා සිනමාව සම්බන්ධව මෑතකදි ඇතිවූ කතාබහක් අවසානයේදි කවුදෝ කියනවා ඇහුණා.
ඒත් එක්කම තව කෙනෙක් කිව්වෙ රජකතා අපේ ප්රේක්ෂකයො ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තොත් ඒ වගේ චිත්‍රපටවලට ඉංග්‍රීසි නාමාවලි දාලා දුවවන්න පුළුවන් වෙයි කියලා.
“ඔව් ඔව් රජ කතාවලට ඉංග්‍රීසි ටයිට්ල් දානවනම් මගේ ඔළුවෙ හොඳ නමක් තියෙනවා....” එක්කෙනෙක් කිව්වා.
“ඒ මොකක්ද?”
“බර්ගර් කිං!”
නමක් යන දුරක්
එත්කරා තිර රචිකාවියක් ටෙලිනාට්‍ය කතාවක් ලියාගෙන යනවා. එය නිෂ්පාදනය කරන්නත් එක්තරා නිෂ්පාදිකාවක් ඉදිරිපත් වෙනවා.
එහෙත් මූලික අදියරේ පැන නැගෙන යම් යම් මත ගැටුම් නිසා එම ව්‍යාපෘතිය එතැනින් නවතිනවා. ඒත් තිර රචිකාවිය ඇගේ කතාවේ නම ලියාපදිංචි කරගන්නවා.
ඔන්න ටික කලක් යනකොට අර මුලින් නිෂ්පාදනය කරන්න ඉදිරිපත් වුණු කාන්තාව වෙනත් කෙනෙකු ලවා මේ නමින්ම කතාවක් ලියාගෙන නිෂ්පාදනය කරන්න යනවලු.
සදාචාර සම්පන්න නොවූ ක්‍රියාව ගැන තිර රචිකාවිය මූණු පොතේ මේ ගැන හෙළිකළාලු.
ඔන්න බොලේ ඒකට එනවලු කමෙන්ට්ස් හෝ ගාලා. ඒත් ඒකොහෙවත් අර නිෂ්පාදිකාවගේ නම සඳහන්වෙලා නැහැල්ලු.
ඒත් පුහුල් හොරා කරෙන් දැනේ කියනවා වගේ ඇය වටේටම කමෙන්ට් කරන අයට බැණ බැණ යනවලු. සමහර අය ලවා බණිනවලු. තමාට සිදුවුණ අපහාසයට නීති මගින් ක්‍රියා කරනවලු.
“එතකොට අර තිර රචිකාවියට සිදුවුණ අසාධාරණයට මොකද වෙන්නෙ,” කියලා කට්ටිය ඇගෙන් අහනවලු.
Text – Mithra