2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

නාසායි යානෙයි කෙල්ලොයි කොල්ලොයි....

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 57

ජගන් ශක්ති අධ්‍යක්ෂණය කරන ලද රානා රාකේශ් ප්‍රීතම් ප්‍රකාශ් බාලී, විනෝද් කුමාර් අරෝරා, ආර් බාල්කී, අරුන භාටියා සහ අනිල් නයිදු විසින් නිෂ්පාදනය කරන ලද ආර් බාල්කී, ජගන් ශක්ති, සකේත් කොන්ඩිපාර්තී සහ නිධි සිං ධර්මා විසින් ලියන ලද මිශන් මන්ගල් කියන හින්දි සිනමාපටය ගැන තමයි අද ඔබට කියන්න හදන්නේ. මේ හින්දි සිනමාපටයේ කතාවට හිමිකම් කියන්නේ ජගන් ශක්ති. අමිත් ත්‍රිවේදි විසින් සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන මිශන් මන්ගල් හින්දි සිනමාපටය 2019 අගෝස්තු 15 වැනිදා තමයි තිරගත වෙන්නේ. 

හින්දි සිනමාපටවලට ප්‍රිය කරන ඔබ සැම අගෝස්තු 15 කියන්නේ ඉන්දියාවේ නිදහස් දිනය කියන එක දන්නවනේ නේද? එදාට ඉන්දියාවේ විතරක් නෙවෙයි කොරියාවෙත් නිදහස් දිනය බව ඔබ සමහරවිට දන්නෙ නැතුවත් ඇති. අගෝස්තු 15 වැනිදා තිරගතවෙන මෙන්න මේ මිෂන් මන්ගල් කියන හින්දි සිනමාපටයේ රාකේශ් ධවාන්, තාරා සින්දේ, එකා ගාන්ධි, ක්‍රිතිකා අග්‍රාවල් කියන චරිතයන්ට අමතරව තවත් චරිත රාශියක් තියෙනවා. මෙන්න මේ එකින් නොකී මෙකී චරිතයන්ට පණ පොවන්නේ ඔබ අපි දන්න කියන හින්දි සිනමාවේ ජය කෙහෙලි නැංවූ ජනප්‍රිය නළු නිළියන්නේ. ඒ ගොල්ලෝ ගැන කියන එක දැනට නවත්තලා මේ සිනමාපටයේ කතාව ටිකක් ඔබට කියලා ඉන්න හිතුවා. රාකේශ් කියන්නේ විද්‍යාඥයෙක්. ඔහු මේ වෙලාවේ ඉන්නේ තමන් සේවය කරන කාර්යාලයේ තමන්ගේ සහයක සහායිකාවන් එක්ක.

විද්‍යාව කියන දේ අත්හදා බැලීම් නැතුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක්ස්පෙරිමන්ට් කරන්නේ නැත්නම් අපිට සයන්ස්ටිස්ට් කෙනෙක් (විද්‍යාඥයෙක්) කියන්න අයිතියක් නැහැ.
ඔහු අභ්‍යාවකාශ යානයක් හදලා අභ්‍යාවකාශ ගත කළත් අතරමඟ ඒක පුපුරනවා. ඒ සිද්ධිය නිසා ඔහුගේ ඉහළ නිලධාරීන් ඉන්නේ ගොඩාක් කේන්තියෙන්.
ලොක්කා - ඔයාගේ ඒ අත්හදා බැලීම් අසාර්ථක නිසා ඉන්දියාව අභ්‍යාවකාශ තරණයෙන් අවුරැදු පහක් පස්සට ගියා.
මේ රාකේශ් සෙවය කරන පර්යේෂණායතනයේ කැන්ටින් එක. මෙතන තියෙන මේසයක් අසල පුටුවක වාඩිවෙලා කඩවසම් පුද්ගලයෙක් වන රාකේශ් කිරි තේ එකක් බොමින් ඉන්නවා. ඔහුගේ ළඟම අසුනේ නළලට රතු තිලකයක් තැබූ කොළ පාටට හුරු සාරියකින් සැරසුණු කාන්තාවක් කතා කරමින් ඉන්නේ. එයාගේ කොණ්ඩෙ පිච්ච මලිනුත් සරසාගෙනයි ඒ කාන්තාව ඉන්නේ.
තාරා - අමෙරිකාව මාවෙන් එක මාර්ස් කියලා ලෝන්ච් කරනවා.

රාකේශ් - මට සතුටුයි එයාලා ගැන.
තාරා - අපි ඇයි කරන්නේ නැත්තේ සර්?
මේ ඔවුන් වැඩ කරන ස්ථාන්යේ සාකාච්ඡා පවත්වන ස්ථානය. එතන රාකේශ්ගේ කණ්ඩායමක ඔවුන්ගේ ප්‍රධානියත් එක්ක සාකච්ඡාවක්.
ලොක්කා - අපි නාසා එකේ වඩ කරන අයගෙන් දැනුම ගන්න ඕනේ.

රාකේශ් - අපේ හැම දෙයක්ම නාසා එකට කියලා කරගන්න යන එකෙන් හොඳක් වෙන්නේ නැහැ. මතක තියාගන්න තෙල් රත්වෙලා වැඩි වුණාම තවත් රත් නොකර ගෑස් ළිප ඕෆ් කරලා තෙල් රස්නෙ අඩු වෙනකොට පූරි හදාගන්න ඕන. අන්න ඒ ගෘහ විද්‍යාව උපයෝගී කරගෙන අපි මාර්ස් එකට යන්න ඕන.
ලොක්කා - ඔයාගේ මොළේ විකාර වෙලාද රාකේශ්?
රාකේශ් - අද වෙනකම් ලෝකේ එක රටටක්වත් නෑ පළවෙනි උත්සාහෙන්ම මාර්ස් එකට ළඟා වුණු.
මේ ඉන්දියාවේ කුඩා පිළිවෙළකට තියෙන නිවසක සිදුවීමක්. මෙතන තියෙන නිදන සයනයේ තරුණයෙක්ට තුරැලු වෙලා හිටිය සුන්දර යුවතියක් එකපාරටම ඔහු ගාවින් නැගිටලා නාන කාමරයට කලබලෙන් දුවන ගමන් ඔහුත් එක්ක කතා කරනවා. මේ සුන්දර කෙල්ලෙගේ නම ඊකා ගාන්ධී.

ඊකා - මම අවුරුදු 03ක අත්දැකීම් ගන්න රස්සාව කරන්නේ. ඊට පස්සේ මම නාසා එකට කෙලින්ම යන්නේ.
රාකේශ් ඔහුගේ අරමුණ ළඟා කරගන්න ඒ කියන්නේ අභ්‍යාවකාශයට රොකට් එකක් යවන්න තමන්ට හරියන කණ්ඩායම හොයා ගන්නවා. මේ කණ්ඩායමේ අරුම පුදුම අය ඉන්නේ. එයාලා ගැන හරියටම දැන්ගන්නනම් ඔබට සිනමාපටය නරඹන්න වෙනවා. මොකද එයාලා ගැන වචනවලින් කියන්න ගියොත් මේ පිටුව එකට මදිවෙන නිසා. මේ තවත් දිනයක කාර්යාලයේ සිදුවීමක්. රාකේශ් තාරා එක්ක කතාබහ කරමින් ඉන්නේ.
තාරා - සර් මේකනම් හරියන්නෙ නැහැ. මේ වැඩේට අත්දැකීම් තියෙන කට්ටිය ඕන.

රාකේශ් - කවුරුවත් අත්දැකීම් තිබිලා නෙවෙයි කරන්නේ තාරා. අපි උත්සාහ කරමු අපිට පුළුවන් ඕකේ.
හැමදෙයක්ම බැහැ බැහැ කියලා කියන්නේ. මේ වෙද්දි රොකට් එක හදලා අවසන්. රාකේශ් තම කණ්ඩායමේ 20ක් 30ක් ඉස්සරහා ඉඳන් කතා කරනවා.
රාකේශ් - මම දන්නේ නෑ කරන්නේ කොහොමද කියලා. ඒත් මං එකක් දන්නවා. ඒ තමයි අපි මේ දේ කරනවා කියන එක. මොකද අපිට මේක කරන්න වෙනවා.
මම රාකේශ් ධවාන්. මිශන් කන්ට්‍රෝල් කමාන්ඩ් එක ලෝන්ච් කරන්න. ගෝ..

හරිම අපූරු කතාවක්. තව වැඩි දවසක් නැහැනේ ඔබම නරඹලා බලන්න. සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරලා තියෙන මේ හින්දි සිනමාපටයේ ඔබ ප්‍රිය කරන අාදරය කරන ඔවුන් ගැන කියන්නයි දැන් මේ සූදානම.
මුලින්ම ඔබට කියන්න හදන්නේ රාකේශ් ධවාන් ගැනයි. ඔහු මෙන්න මේ සිනමාපටවලින් ඔබ දැක තියෙන කෙනෙක්.

Rustom (2016), Ajnabee (2001) Garam Masala (2005).Saugandh (1991). Khiladi, 1992 Deedar.Khiladiyon Ka Khiladi ,Dil To Pagal Hai (1997),2000Hera Pheri,Heyy Babyy, 2007.,2002 Haan Maine Bhi Pyaar Kiya,Bewafaa,Waqt:,Garam Masala, Deewane Huye Paagal ,Dosti:,Namastey LondonWelcome (2007); 2008Tashan, Om Shanti Om,2009Chandni Chowk to China.,Kambakkht Ishq,2010 Housefull, 2011 Patiala House , Thank You.,Desi Boyz (2011), 2012 Housefull 2, 2012,OMGOh My God ,2012 Khiladi 786,2016 Housefull 3 ,2017 Toilet: Ek Prem Katha.,2018 Pad Man,2019 Battle of Saragarhi.,

1967 සපතැමබර් 09 වැනිදා ඉන්දියාවේ පන්ජාබයේ අම්රිත්සර්වල ඔහු ඉපදුනේ රාජීව් හරි ඕම් භාටියා නමින්. දැනට ඉන්දියාවේ මහාරෂ්ට්‍රා ප්‍රාන්තයේ මුම්බායි නගරයේ ජීවත් වෙන ඔහු 1991 වසරේ පටන් නළුවෙක් නිෂ්පාදකයෙක් වගේම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදියටත් වෘත්තීය ජීවිතයේ නියැලෙනවා. කැනේඩියානු පුරවැසියෙක් වන ඔහු ෆිල්ම්ෆෙයාර් සම්මාන ඇතුළු තවත් සමම්න රාශියකින් පිදුම් ලැබූ කෙනෙක්. ඒ විතරක් නෙවෙයි පද්ම ශ්‍රී වගේම සම්මානයන්ටත් ඔහු පාත්‍ර වෙලා තියෙනවා. වෙනන් කවුරුවත් නෙවෙයි ඒ ජනප්‍රිය හින්දි නිළියක් වූ ට්වින්කල් ඛන්නගේ ස්වාමිපුරුෂයා ආක්ෂය කුමාර්. ආක්ෂය තමයි මිශන් මන්ගල් කියන හින්දි සිනමාපටයේ රාකේශ් ධවාන්ගේ චරිතයට පණ පොවන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ තාරා සින්දේගේ චරිතයට පණ පොවන ඇය ගැනයි. මෙන්න මේ හින්දි සිනමාපටවලින් ඔබ ඇයව මිට කලින් දැක තියෙනවා.

1995 Hum Paanch, 2005Parineeta, Lage Raho Munna Bhai (2006),.Heyy Babyy (2007) Kismat Konnection (2008),2009  Paa, 2010 Ishqiya,2011 No One Killed Jessica,2011 The Dirty Picture, 2012 Kahaani.,Kahaani 2: (2016) was praised.,2017 Tumhari Sulu.,

1979 ජනවාරි 01 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ මුම්බායිවලදී ඉපදුනු ඇය 1995 ඉඳන් හින්දි සිනමාව නියෝජනය කරනවා. නැෂනල් ෆිල්ම් අවෝර්ඩ් සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන 06ක් සහ වෙනත් සම්මාන උළෙලවලින් බොහෝ සම්මාන තමන්ගේ නමට වෙන් කරගන්න සමත්කම් දැක්වූ මේ කියන ඇයට 2014 වසරේදී පද්ම ශ්‍රී සම්මානයත් හිමිවෙනවා. ඇය තමයි හින්දි සිනමාවේ දැවන්තයෙක් විදිහට හඳුන්වන සිද්ධාර්ත් රෝයී කපූර් එක්ක 2012දී විවාහ වුණු විද්‍යා බාලන්. විද්‍යා තමයි මේ සිනමාපටයේ තාරාගේ චරිතයට පණ පොවන්නේ. විද්‍යා තාරා වෙද්දී ඊකා වුණේ හින්දි සිනමාවට සම්බන්ධ පවුලකින් පැවත එන තවත් සුන්දර කෙල්ලෙක්. මෙන්න මේ සිනමාපටවලින් ඔබ ඇය දැක තියෙනවා. මතක් කරගන්න බලන්න ඒ කවුද කියලා...

Dabangg (2010), Rowdy Rathore (2012), Son of Sardaar (2012), Dabangg 2 (2012) Holiday (2014), Lootera (2013), Tevar (2015).Once Upon A Time In Mumbai Dobaara,Bullett Raja,R... Rajkumar
1987 ජුනි 02 දා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පට්නාවලදී ඉපදුනු ඇය මේ වනවිට ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රානතයේ මුම්බායිවල ජීවත් වෙන්නේ. 2010 වසරේ පටන් හින්දි සිනමාවේ නිළියක් වගේම ගායිකාවක් විදියටත් ඇය වෘත්තීය ජීවිතයේ නියැලෙනවා. හින්දි සිනමාවේ ජනප්‍රිය නළු නිළි යුවලක් වන පූනම් සිංහා සහ ශත්ශෘගන් සිංහාගේ දියණිය සෝනක්ෂි සිංහා තමයි මේ සිනමාපටයේ ඊකා ගාන්ධිගේ චරිතයට පණ පොවන්නේ. සෝනක්ෂී සිංහාට අමතරව මිශන් මන්ගල් හින්දි සිනමාපටය හැඩ කරන්න තාස්සී පන්නූ, නිත්‍යා මෙනන්, ක්‍රීතී කුල්හාරී, ශර්මන් ජෝශී, සන්ජය කෝර්, දලිප් තහීල්, වික්‍රම් ගෝඛ්ලේ සහ මොහම්ම්ද සීෂාන් අය්යුබ් සහ තවත් බොහෝ නළු නිළියන් පිරිසක් මේ සිනමාපටය හැඩ කරන්න එකතු වෙලා ඉන්නවා. මේ හින්දි සිනමාපටයේ තියෙන සුන්දර ගීතයන්හි සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අමිත් ත්‍රිවේදී. ඒ සුන්දර ගීතයන්හි පද අමුණලා තියෙන්නේ අමිතාබ් භට්ටාචාර්යා. ඊට අමතරව ඒ ගී පද හැඩ කරන්න තමන්ගේ කන්කළු හඬින් ඒවට පණ දීලා තියෙන්නේ බෙනී දයාල් සහ විභා සරෆ්.

 

► Translation — Chandana Waravitage

 

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00