2017 මාර්තු 11 වන සෙනසුරාදා

Gossip

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 146

නිළිය බ්ලොක් කරන සැමියා

ඔන්න ළඟදී පටන්ගත්ත අලුත් චිත්‍රපටයකට නවක මුහුණක් හඳුන්වා දුන්නා. ඇය දස්කම් පාන තරුණ නිළියක්. 

ඇය ෂූටිං එන දවස්වල කොහොම හරි එතෙන්ට එනවා මැදිවියේ කොල්ලෙක්. කෙල්ලගෙන් ඇහුවම කියන්නෙ එයාගෙ අයියා කෙනෙක් කියලා.

ඔන්න ෂූටිං බාගයක් දුර කරගෙන යද්දී මේ කෙල්ල දවසක් අතුරුදන් වෙනවා. බැලිනම් අර අයියා මේ කෙල්ලව බැඳලා. දැන් මෙයා කෙල්ලව ෂූටිං යවන්න දෙන්නෙ නැතුව එක එක වැඩ කරනවලු.

මේකෙ ඩිරෙක්ටර් දවසක් ඔහුට හොඳ ලෙක්චර් එකක් දුන්නලු.

“ඔයා මෙයාව බැන්දෙ ඊයේ පෙරේදා. ඒ කොලේට අත්සන් කරන්න ඉස්සර තමයි ඔයාගෙ නෝනා අපේ ගිවිසුම් කොලේට අත්සන් කළේ. එනිසා හොඳ හිතින් ඉතුරු ෂූටිං කරන්න එයාව දෙන්න නැත්නම් අපේ පාඩුව ගෙවන්න. කෙල්ල පහුවදාම ෂූටිං ආවලු.

 

තක්කඩි නැටුම් පාසලක්

අපේ රටේ තරම් ජල්තර වැඩකරන වෙනත් අය නැතුව ඇති.

රඟපාන්න නළු නිළියො අවශ්‍ය බව කියලා දාන සමහර දැන්වීම් නිසා අහිංසක කෙල්ලො කොල්ලො කී දෙනෙක් අමාරුවෙ වැටිලා තියෙනවද? මේවා ගැන හොයන්නවත් අදාළ කලා අංශ මහන්සි වෙන්නෙ නැහැ. අඩුම ගානෙ එවැනි දැන්වීමක් දාන්න කළින් වගකිවයුතු ආයතනයකින් සනාථ කරගන්න පුළුවන් වැඩපිළිවෙළක් හදන්න බැරිද?

ඔන්න දැන් ඊයේ පෙරේදා සබරගමු පැත්තෙ නර්තන පාසැලක ළමුන්ට ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහගෙ නමින් ව්‍යාජ සහතිකපත් ලබාදීලා. චන්නගෙ අත්සනත් හොරාට ගහලා. ඒත් ඒ අත්සන ඔහුගෙ නෙවෙයි කියලා තහවුරු වෙලා.

මෙවැනි බාල, හොර තක්කඩි වැඩ නවත්තන්න සංස්කෘතික දෙපාර්තමේන්තුවට බැරිද?

 

ආරාධිතයෝ පේළි දිගේ යැවීම

ඊයේ පෙරේදා දවසක කොළඹ නෙළුම් පොකුණෙ තිබුණා විචිත්‍ර නර්තන ප්‍රසංගයක්. ලෝක පූජිත සිංගප්පූරු නර්තන කරන කණ්ඩායමක් තමයි ඒක ඉදිරිපත් කළේ. ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර මෑතකදී අත්සන් තබන ලද ගිවිසුමක ප්‍රතිඵලයක් හැටියට, අප රටේ සංහිඳියාව සඳහා ගෙනයන වැඩපිළිවෙළට රුකුලක් හැටියටයි මේක පැවැත් වුණේ.

ප්‍රධාන ආරාධිතයා හැටියට ආවෙ සංස්කෘතික ඇමැතිතුමා. නර්තන ප්‍රසංගයේ තේමාව ලෝප්‍රකට බෞද්ධ සිද්ධස්ථානවලට පසුබිම්වූ මනරම් කතා පුවත්.

නෙළුම් පොකුණ පිරෙන්නට තරම් ආරාධිතයින් පිරිලා තිබුණා. ආසනවලින් අඩකටත් වඩා අදාළ ආරාධිතයින්ගේ නම්වලින්ම වෙන්කර තිබුණා. ඒත් ශාලාව ඇතුළෙ ආරාධිතයො ආසන පේළි දිගේ එහෙට මෙහෙට යනවා තමන්ගෙ ආසන හොයාගන්න බැරුව.

සංවිධානය කරපු සංස්කෘතික අමාත්‍යංශයේවත් සංස්කෘතික දෙපාර්තමේන්තුවත් එක නිලධාරියෙක් හෝ සේවකයෙක් මේ ආරාධිතයින්ට ආසන සොයාගැනීමට ඉදිරිපත් වුණේ නෑ. ශාලාව ඇතුළෙ ඒ අය පෙන්න හිටියෙත් නැහැ.

සංහිඳියාවට මේගොල්ලො අකමැතිද දන්නෙ නැහැ කියලා තමයි පැමිණ සිටි අයගෙන් බහුතරයක් ඇහුවෙ.

 

බලෙන් LIKE කර ගැනීම

එක රචකයෙක් ඉන්නවලු එයාගෙ FB යාළුවො එයාගෙ Postවලට LIKE කරන්න ඕනෙලු. LIKE නොකළොත් link එක inbox කරලා අහනවලු ඇයි LIKE නොකළෙ, LIKE කරන්න කියලා. LIKE කරලත් මදිලු. ලොකු Comment එකකුත් දාන්න ඕනෙලු. නොදුන්නොත් ගේම ඉල්ලනවා. එයා සමහර ගායිකාවන්ට කියනවලු එයා ලියන සින්දු විතරක් කියන්න කියලා.

එයාට අවනත නොවන අයට විරුද්ධව inbox සහ දුරකථන මඩ ප්‍රහාර දියත් කරනවලු.

දන්න කියන හැමෝම කියන්නෙ ඔහුට ගීත රචක තරුවක් වෙන්න මාර හදිස්සියක් තියෙනවා කියලයි. 

අපිත් මේක දැනගත්තෙ FB Post එකකින් තමයි.

 

නැවුම් සැලඩ් එක

පසුගියදා කලා ලොවේ ශිල්පියෙකුගේ විවාහ උත්සවයක් තිබුණෙ රාත්‍රියක කොළඹට ආසන්න හෝටලයක.

ප්‍රවීණ කලා ශිල්පියෙක් උත්සවයට ආපුවෙලේ ඉඳං ඔරලෝසුව දිහා බල බලා නොඉවසිල්ලෙන් ඉන්නවලු. මොකෝ අයිසෙ ප්‍රශ්ණේ? සහෝදර ශිල්පියෙක් ඇහුවම ඔහු දුන්නෙ අපූරු පිළිතුරක්.

මේ දවස්වල මම රූ කෑම කන්නෙ හවස 6ට. දැන් බලන්න රූ 9ටත් කිට්ටුයි. බුෆේ එක ඇරලත් නැහැ. බුෆේ එකේ සැලඩ් වර්ගත් නැහැනෙ. කොහෙන්ද මම අඩුමගානෙ නැවුම් එළවළු, පළතුරු පීරිසියක් හොයා ගන්නෙ...?

අයියෙ කනවනම් නැවුම් ගහෙන් කඩපු ගමන් ෆ්‍රෙෂ් බඩුවක් තියෙනවා කන්න...

ඒ මොකද්ද බං...

බලන්නකො මේ මල් වාස් එකේ දාලා තියෙන අලුත්ම නැවුම් මල් ටික...

 

ගෝලයාට බය ගුරා

කලා ලෝකයේ ගුරු - ගෝල භක්තිය කියන්නෙ සියවස් ගාණක ඉඳලා පැවත එන දෙයක්නෙ. ගුරුවරුන්ට ගෝලයො සැළකුවෙ වමුපියන්ට තරම් භක්තියකින්. ගුරුවරුත් ගෝලයින් කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව ශිල්පය කියලා දුන්නා.

අපේ රටේ හොඳම උදාහරණ ගොඩාක් තියෙනවා. සංගීතඥ ගවුස් මාස්ටර් ඔහුටත් වඩා ගව් ගණනාවක් අමරදේව නම් ගෝලයාව හැදුවා. ඔහු නිතරම ඒ ගැන සිහිපත් කළෙ විශාල ළෙන්ගතුකමින්.

ඒත් ඇතැම් කලා ක්‍ෂේත්‍රවල ගුරාලා පසුකලෙක ගෝලයින්ට විරුද්ධව නැගී සිටිනවා. ඔවුන්ට විරුද්ධ නොයෙක් මඩ ව්‍යාපාර පටන් ගන්නවා. නැති තැන කපනවා. එවැනි ගුරාලට තියෙන්නෙ තමන්ගෙ දක්‍ෂතා ගැන හීනමානයක්. 

ගෝලයකුට බය එවැන් ප්‍රවීණ ශිල්පියෙක් මෑතක පැවති කලා මංගල්ලෙකට ඇවිත් හිටියා. පැමිණ සිටි සම්භාවනීය අමුත්තන්ගෙ නම් ටික නිවේදනය කළා. ඔන්න අර ගෝලයගෙ නම කියවෙන කොට මේ ගුරා එක පාරටම කලබලවෙලා බෙල්ල හරව හරවා බලනවා, හරියට මොකටද බය වෙච්ච මොකෙක්ද වගේ.

 

 

 

 

 

 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00