2017 මාර්තු 11 වන සෙනසුරාදා

රටම කතා කළ දෙවැනි කසාදේ...

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 172

 

මේ දිනවල සමාජ වෙබ් අඩවි උණුසුම් කළ පුවතක් වූයේ වික්ටර් රත්නායකයන්ගේ දෙවැනි විවාහය සම්බන්ධ පුවතයි. අවුරුදු හැත්තෑපහක් වයසැති වික්ටර් රත්නායකයන්ගේ දරුවන් තිදෙනාම පියාගේ මේ ෙදවැනි විවාහයට එකහෙලාම විරුද්ධ විය.  තම Facebook ගිණුෙම් සටහනක් තබමින් ලෙලුම් පවසා සිටිෙය් තම පියා පසුගියදා මිය ගිය බවයි.

කලාකරුවන්ගේ පෞද්ගලික ජීවිත හරා අවුස්සා ඒවා විවේචනය කිරීම අපගේ පරමාර්ථය නොවේ. නමුත් බොහෝවිට රසික රසිකාවියන්ට තම ආදරණීය කලාකරුවන් පොදු වස්තුවක් වේ. කලාකරැවන් විෂයෙහි වූ ප්‍රතිරූපයටද මේ ශ්‍රාවක පරපුර භක්ත්‍යාදරය ගුරුකොට සලකයි.

වික්ටර්ගේ දෙවැනි බිරිය වූ හෂිණිට එරෙහිව ඔහුගේ දරුවන් නගන ප්‍රධානම චෝදනාව වන්නේ ඇය තම පියාට ළංවූයේ හුදෙක් සෙනෙහසක් කරණාකොටගෙන නොව තම පියා සතු ධනයට හා දේපළට ඇති ආශාව හා ඒවා ඩැහැගැනීමේ පරමාර්ථය මත බවයි.

අාදරය,ලිංගිකත්වය ෙහා් විවාහය ෙවනුෙවන් මිනිසාට අැති නිදහස් අයිතිය අපි මානුෂිකව පිළිගනිමු. එෙස්ම එය ශුද්ධ බැඳීමක්ද  නැද්ද යන්න තීරණය වන්ෙන් එකී හැඟීම හා යා ෙවන අරමුණු මත බවද අපි විශ්වාස කරමු.

එෙහත් වික්ටර් - හෂිණි - ලෙලුම් - ජයන්ත මේ කිසිවෙකු විෂයෙහි තීන්දුවක් දීමේ අයිතියක් අපට නැත. අපට සටහන් කොට තබන්නට අැත්ෙත් ෙමපමණකි. තමන්ගේ හෘද සාක්ෂිය තරම් බලවත් අධිකරණයක් ෙලාව නැත. තමන්ට තමන්ගේම හෘද සාක්ෂිය හමුවේ වගවෙන්නට සිදුවෙන මොහොතක් මරණයට පෙරාතුව අපකාගෙත් ජීවිත හමුවේ උදාවේ.

වික්ටර් - හෂිනි - ලෙලුම් - ජයන්ත අපි ෙම් කිසිවෙකුට ඇඟිල්ල දිගු නොකරමු. ඒ අපට ඊට සදාචාරවත් අයිතියක්  නැති ෙහයිනි. තීරකයා ඔවුන්ගේම හෘද සාක්ෂිය පමණක් බව අවසන සටහන් කර තබමු. 

වික්ටර් රත්නායක 

ඇත්තද වික්ටර් ආයෙමත් කසාඳ බැන්දා කියන කතාව

ඔව්... මම නැවත විවාහ වුණා. ඒ කතාව ඇත්ත.

ඔබ නැවත විවාහයක් ගැන හිතුවේ ඇයි?

ඔය කියන කවුරුත් මට ඇවිල්ලා මගේ වැඩවලට උදවු වෙන්නේ නැහැනේ. මම ආයේ විවාහ වුණේ ඇයි කියලා අහන කවුරුත් මට තේ එකක්වත් කෑම ටිකක්වත් හදලා දෙන්න එන්නේ නැහැනේ. ඉතින් මගේ ජීවිතයටත් මට කෙනෙක් ඕන වුණා. ඒකේ ඇති වැරැද්දක් නැහැනේ.

මේක අවුරුදු ගාණක ඉඳන් පැවතගෙන එන ප්‍රේමයක් කියන්නේ ඇත්තද?

මහ ලොකු කාලයක් නෙමෙයි. අවුරුදු හයක වගේ කාලයක් ඉඳන් ඇතිවුණ සම්බන්ධයක්.

ඇය ගැන ඔබේම දරුවන් නඟන චෝදනාවලට ඔබ දෙන පිළිතුර මොකක්ද?

කිසිම චෝදනාවකට මම දැන් සැලෙන්නෙ නෑ කියලා කියනවා. ඒ සම්බන්ධව මම කියන්නේ එච්චරයි.

ඔබේ මේ තීරණය නිසා ඔබේ දරුවන්ට යම් අසාධාරණයක් වුණාද?

නෑ... එහෙම කිසිම අසාධාරණක් වුණේ නෑ. පියෙක් විදිහට මම මගේ දරුවන්ට සියලු යුතුකම් ඉෂ්ඨ කරලා තියෙනවා. මම මගේ විවාහය සිදුකර ගත්තේ සාධාරණ විදිහට සාධාරණ හේතුමත. ඒකේ කිසිම වරදක් මම දකින්නේ නෑ. 

ඇය නිසා ඔබේ පෞද්ගලික හා සංගීතමය වැඩකටයුතුවලට බාධා සිදුවුණා, ඇය තුළ ඔබ හිරකාරයෙක් වෙලා කියලා නැගෙන චෝදනාවට ඔබ දෙන උත්තරය කුමක්ද?

නෑ... මගේ වැඩකටයුතුවලට එහෙම ප්‍රශ්නයක්, බාධාවක් ඇතිවෙලා නෑ. මම මගේ රසිකයන්ට අසාධාරණයක් කරන්නෙත් නෑ.


දෙවැනි බිරිය හෂිණි 

හෂිණි අවුරුදු 33 වූ ඔබ වයස අවුරුදු 75ක් වෙච්ච වික්ටර්ට ළංවුණේ ඇයි? මෙතන ඇත්තටම තියෙන්නේ ප්‍රේමයක්ද? නැත්නම් වෙනත් යටි අරමුණක්ද?

ඇත්තටම මම වික්ටර් සර්ට මුලින්ම ළංවුණේ රසිකාවියක් විදිහට. මම සර්ගෙ සින්දුවලට හරිම ආස කළ රසිකාවියක්. මේක අවුරුදු හයක පමණ කාලයක ඉඳන් එන ඇසුරක්. අපි දෙන්නා අපි දෙන්නට හොඳින් තේරුම්ගැනීම නිසාම තමයි අපි දෙන්නා ළංවුණේ. 

මම ඔබෙන් ඇහුවේ ඇත්තටම මෙතන තියෙන්නේ ප්‍රේමයක්ද? නැත්නම් වෙනත් යටි අරමුණක්ද? ඔබ වික්ටර් රත්නායකට ළංවෙන්න ඇත්තම හේතුව මොකක්ද කියාලා?

තුන්හිතකවත් මම කවදාවත් හිතුවේ නෑ මෙහෙම සම්බන්ධයක් පටන් ගන්න වෙයි කියලා. ඉතින් කොහොමහරි ගොඩක් සමීප වෙලා අපි අතරේ ප්‍රේමයක් ඇතිවුණා. මුලින්ම සර් ගැන මට තිබුණේ ලොකු ගෞරවයක්. අපි දෙන්නාගේ ආදරය, සිතුම් පැතුම් ගොඩක් සමීපයි. ඒ සමීපකමත් ඒ තේරුම් ගැනීමත් නිසා තමයි අපි අතරේ සම්බන්ධයක් ඇතිවුණේ. මගේ හිතේ එදා සර්ට තිබුණු ඒ ගෞරවය අදටත් එදාටත් වඩා වැඩියෙන් මගේ හිතේ තියෙනවා.

හෂිණි සංගීතය හදාරලා තියෙනවද?

මම පෙරදිග සංගීතයනම් කරලා නෑ. බටහිර සංගීතයනම් හදාරලා තියෙනවා. ඒත් පොඩි කාලේ ඉඳන්ම සර්ගේ සිංදුවලට මම ගොඩක් ආසකළා. ඒ නිසා සර්ගේ තද රසිකාවියක්. 

ඔබ බැංකු වංචාවකට හවුවෙලා ඒකෙන් බේරෙන්න වික්ටර් එක්ක සම්බන්ධයක් ඇතිකරගත්තයි කියලා කරන චෝදනාවට මොකද කියන්නේ?

අනේ... නෑ. එහෙම දෙයක් නෑ. අදටත් මම මහජන බැංකුවේ සේවය කරනවා. මේ දවස්වල මම නිවාඩු පිටයි ඉන්නේ. 

අපි කෙලින්ම කතා කරමුකෝ. ඔබ වික්ටර්ට ළංවුණේ ඔහුගේ දේපළ මුදල්වලට තියෙන ආශාව නිසා යම් දිනෙක ඒවා අත්පත්කර ගැනීෙම් අරමුෙණන් නේද කියලා අපි ඇහුවොත්?

සර්ගේ දේපල වලටවත් සල්ලිවලටවත් මම සර්ට ආදරේ කළේ නෑ. කවුරු මොනවා කිව්වත් වික්ටර් සර් මාව තේරුම් අරගෙනයි ඉන්නේ. 

මේ වනවිට ඔබ සහ වික්ටර් විවාහ වෙලාද ඉන්නේ?

ඔව්... ඔව්... මම දැන් සර්ගේ නිත්‍යනුකූල බිරියයි.

වික්ටර් රත්නායකයන්ව විවාහ කරගන්න යනවා කියලා දැනගනිද්දී හෂිණිගේ පවුලේ උදවිය මොකද කිව්වේ?

වික්ටර් සර් එක්ක මගේ සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්තම මුලදි නම් මගේ ගෙදරිනුත් විරුද්ධ වුණා. පස්සේ ඉතින් ඒ හැමෝටම තේරුණා. ඒ දවස්වල ඉඳලම අපි දෙන්නම දැඩි ස්ථාවරයකයි හිටියේ කොච්චර කොයි බාධා ආවත් සම්බන්ධය නවත්තන්නේ නෑ කියලා. ඉතින්... පස්සේ අපේ ගෙදරිනුත් මුකුත් කිව්වේ නෑ. 

හෂිණි දිගටම මහජන බැංකුවේ රැකියාව කරනවාද?

නෑ... සර් කියනවා රැකියාවෙන් අයින් වෙන්න කියලා. ඉතින් ඒ නිසා මම ළඟදිම රැකියාවෙනුත් ඉවත් වෙනවා. එතකොට සර්ව හොඳින්ම බලාකියා ගන්නත් පුළුවන්. ඔහුගේ වැඩවලට මට පුළුවන් විදිහට උදවු වෙන්නත් පුළුවන්. 

මේ දිනවල සමාජ වෙබ් අඩවි ඔස්සේ ඔහුගේ දරුවන් මේ විවාහයට විවේචනය එල්ල කරද්දී මොකද වික්ටර් ඔබට කිව්වේ. 

ඇත්තටම ඒ වගේ දෙයක් මුලින්ම දකිද්දී නම් කම්පනයට පත්වුණා. කොහොමත් අපි ඔය Facebook සමාජ වෙබ් අඩවි පස්සේ පන්නන්නෙ නෑ. ඒවා වැඩිය බලන්නෙත් නෑ. ඒත් අපිට අපේ හිතවතුන් කෝල් කරලා කියද්දී තමයි අපිත් ඒවා දැනගන්නේ. මම නම් සෑහෙන කම්පනයට පත්වුණා මගේ මහත්තයා ගැන මෙහෙම ආරංචියක් එයාගෙම පුත්තු කියද්දී. නමුත් සර් ඒ දේ දැකපූ විදිහ ගැන මට අදටත් පුදුමයි. සර් ඒ දිහා හරිම මධ්‍යස්ථවයි බැලුවේ. එයාලා කරන දේනේ ඒ... අපි වැරැද්දක් කළේ නැහැනේ.

අපි නිහඬව බලාගෙන ඉමු කියලා විතරමයි සර් කීවේ. කොයි වෙලාවකවත් අපි දෙන්නා කිසිම තැනක කිසිම කෙනෙක් එක්ක ඒ අයව විවේචනය කරලත් නෑ...  කරන්නෙත් නෑ...

හෂිණි ඔබේ වයසයි වික්ටර් රත්නායකයන්ගේ වයසයි අතර ලොකු පරතරයක් තියෙනවා. දැන් ඔහුට අවුරුදු හැත්තෑපහක්...

ඔව්... ඒක ඇත්ත. නමුත් වයස මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. සර්ටත් අපේ වයස අතර පරතරය කිසිම ප්‍රශ්නයක් නෙවේ. අනික් සර් මට වඩා ගොඩක් වැඩිමල් කියලා නොදැන නෙමෙයිනේ අපි මේ සම්බන්ධය පටන් ගත්තේ. 

කසාද බැඳපු හැම ගැහැනියකගේම වගේ ඊළඟ බලාපොරොත්තුව දරුවන්. ඒ බලාපොරොත්තුව ඔබටත් තියෙනවද?

ඔව්... ඇතැම්විට එහෙම වෙන්න පුළුවන්. වික්ටර් සර් නිසා මම මවක් වෙන්න පුළුවන්. 

වික්ටර් රත්නායකගේ ෙදවැනි විවාහය ගැන සිය මතය විමසන්නට අප වික්ටර් රත්නායකගේ පුත් ජයන්ත සම්බන්ධ කරගන්නට උත්සාහ ගත්තත් ජයන්ත ඒ සම්බන්ධව අදහස් දැක්වීමට අකමැති විය. ඊළඟට අපේ කතාබහට එකතු කරගත්තේ වික්ටර් රත්නායකයන්ගේ අනෙක් පුතුනුවන් වූ ලෙලුම් රත්නායකයි. සමාජ වෙබ් අඩවියේ තම පියා මිය ගිය බව ලෙලුම් රත්නායක පලකිරීමත් සමඟ බොහෝ රසික රසිකාවියන් මේ පිළිබඳව හොයන්න පටන් ගත්තා. බොහෝ දෙනා වික්ටර්ගේ මේ දෙවැනි විවාහය පිළිබඳව දැනගනු ලැබුවේද ලෙලුම් සමාජ වෙබ් අඩවියේ පලකළ වීඩියෝවක් හරහායි.

මේ නිසා අපි ලෙලුම් දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහයේදී ලෙලුම් මෙසේ කියා සිටියේය.

මේ වෙලාවේ මම ඔයාට මුකුත් කියන්නේ නෑ. ඔයාට බලාගන්න පුළුවන් සියලුම දේ මම දාලා තියෙන වීඩියෝ එකේ තියෙනවා. ඒකෙන් බලාගන්න. ඒකෙන් පිට මුකුත් ලියන්න ඕනේ නෑ. ඒකේ ඔක්කොම තියෙනවා.

මේ නිසා ලෙලුම් රත්නායක සමාජ වෙබ් අඩවියේ පලකළ වීඩියෝවක සඳහන් කර තිබූ දේ මෙසේ උපුටා දක්වන්නම්. 

මේ කතාවේ කතා නායිකාව හෂිණි කියලා ගෑනු කෙනෙක්. මෙයා ඇවිත් අවුරුදු තිහක කෙනෙක්. ගම තංගල්ල. එයා ඇවිත් තංගල්ල මහජන බැංකුවේ මූල්‍ය වංචාවකට අහුවුණු කෙනෙක්. සල්ලි ගෙවලා මේ හොරකමින් මෙයාව බේරාගෙන තියෙන්නේ මගේ තාත්තාම තමයි. 

බෑන්ක් එකේ වැඩකරන කාළේ මෙයා තාත්තගේ ෆික්ස් ඩිපොසිට් දැකලා කවදාහරි දවසක කට්ට ගහනවා කියලා ළඟ ඉන්න යාළුවෙක්ට කියලා. පොඩි කාලේ ඉඳන් ඔය තාත්තා එක්ක ජීවත් වුණේ අපි. අපි අනිත් කොල්ලෝ වගේ මැර වැඩ කළේ නෑ. මම කොණ්ඩේ වවාගෙන කරාබු දාගෙන ඉදිද්දී මිනිස්සු කිව්වා වික්ටර්ගේ දඩබ්බර පුතා ලෙලුම් කියලා. හැබැයි ඊට පස්සේ මිනිස්සු පිළිගත්තා නෑ... ඒක විලාසිතාවක් ලෙලුමුත් තාත්තා වග් හොඳ පුතෙක් කියලා. දැනට අවුරුදු තුනකට කලින් මේ ප්ලෑන් එකේ පළවෙනි ගේම තමයි තාත්තව එයා කෙරෙහි නම්ම ගන්න එක සහ දරැවන්ව තාත්තාගෙන් අයින් කරන එක. අද වෙනකොට එයාගේ පරම පරමාර්ථය දරැවෝ තාත්තට සලකන්නේ නෑ කියලා, ඒ නිසා එයා ආදරෙන් බලා ගන්නවා කියන එක ෙපන්වන එකයි .

තාත්තා දෙපයින් හිටගන්නකන් මාවයි අයියවයි අක්කලා දෙන්නව බලාගන්න අම්මා හිටියා. ඒ අම්මා නැතිවෙලා අවුරුදු දහතුනක්. අම්මගේ දහතුනේ අවුරුද්දේ මතක බණට තාත්තා ආවේ නෑ. තාත්තා එන්නැති හේතුව වුණේ ඒ මතක බණ තිබුණේ අයියගේ ගෙදර. අයියා මේ ප්‍රශ්න ටික දන්න නිසා අයියත් මමත් තාත්තාගෙන් ඉල්ලීමක් කළා තාත්තේ මේ ගෑනිව ගේන්න එපා... තාත්තා එන්න බණට කියලා. තාත්තාව බණට එව්වෙත් නෑ.

ඔයාලා වික්ටර් රත්නායකට යම්තරමකට ආදරේනම් ඒ තරමටම මමත් වික්ටර් රත්නායකට ආදරෙයි. මම ඒකයි මගේ තාත්තා මැරුණා කියලා දැම්මේ. කොතනකවත් මම වික්ටර් රත්නායක මැරුණා කියලා දැම්මේ නෑ. වික්ටර් රත්නායක මැරෙනවට මම ආසත් නෑ. ඔයාලා වගේම මමත් වික්ටර් රත්නායකට ආදරෙයි.