රජත් - ඔබ ඔබේ ප‍්‍රතිරූපය මිනිස්සු මොනවගේ දකිනවටද නැත්නම් මොනවගේ කරගන්නවටද කැමති?
මෝදි - මට මගේ ඉමේජ් එකෙන් වැඩක් නැහැ. මට ඕන ගුජරාත්වල ප‍්‍රතිරූපය විතරයි. ලෝකයා ගුජරාත්වලට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා පිළිගත්තනම් මට ඇති. අද ඒක ගුජරාත්වලට කරන්න පුළුවන්නම් හෙට රටටත් ඒක කරන්න පුළුවන්. මට ඒ විශ්වාසයයි ඇතිකරවන්න ඕන. මම ගුජරාත්වල ප‍්‍රතිරූපයට කැමති නිසා මගේ ප‍්‍රතිරෑපයක් ගැන හිත හිතා කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ.
රජත් - ඔබ මනා ශික්ෂණයකින් වැඩ කරන බව කියනවා. ඔබගේ පවුලේ අයගේ මනා ශික්ෂණය එයට හේතුවක් බව පැවසෙනවා.
මෝදි - ඔබ ඔය කියනවා ඇත්තේ මම වරක් කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් වෙන්න ඕන. මම මහඇමතිවෙලා හිටියත් මගේ මල්ලි කෙනෙක් ප‍්‍රාන්තයේ රාජ්‍ය සේවයේ හිටියා. එයා කවදාවත් මගේ කාර්යාලයට ආවේ නැහැ කියලා මම වතාවක් කතාවක් කරද්දී කිව්වා. වසර 10ටම ඔහු මගේ කාර්යාලයට ආවේ නැහැ. මගේ පවුලේ අයගේ ශික්ෂණය ගැන මම ආඩම්බර වෙනවා.
රජත් - ඔබතුමාට නින්ද නොයන රෝගයක් තියෙනවා කියලා මිනිස්සු කතා වෙනවා.
මෝදි - මම දවසට පැය 03ක් විතරක් නිදියන නිසා වෙන්න ඇති එහෙම කියන්නේ. මම අලුයම පහට අවදිවෙලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කළින් පැය එකහමාරක් යෝග අභ්‍යාසවල නිරත වෙනවා.
රජත් - ඔබට නැගෙන මීළඟ චෝදනාව ඔබ අනතුරුදායක ක‍්‍රීඩාවල නිරතවෙන්න කැමති කෙනෙක්ලු. ඔබතුමාගේ කුඩා අවධිය ගැන හොයලා බැලුවම මට දැනගන්න ලැබුණා, එකවරක් ඔබතුමා වැවක හිටිය කිඹුලෙක්ගෙන් පොඩි දරුවෙක්ව බේරගෙන ඇවිත් තියෙනවා.
මෝදි - අපි බයෙන් ජීවත්වෙලා වැඩක් නැහැ. අපි කැමති දේ අපි කරන්න ඕන. මැටිවලින් පිළිරූ අඹන අය ඕන තරම් ඉන්නවා. ඒත් ගලක පිළිරුවක් අඹන්නනම් නිර්භීතකමක් වගේම තමන් ගැන ලොකු විශ්වාසයක් සහ ශික්ෂණයක් තිබිය යුතුයි.
රජත් - ඔබ එකවරක් කියලා තියෙනවා කොංග‍්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධි ඇක්වේරියම එකක ඉන්න මාළුවෙක් කියලා.
මෝදි - මම ගෝවේවල හිටියේ. එතන අවුරුදු තිහක විතර අය හිටියේ. මම කීවා මේ අය තරුණයන් නෙවෙයි කියලා. ඒ වසරේ පාර්ලිමන්ට් එකේ අපේක්ෂකයන්. මම ඒ අය තරුණයන් හැටියට පිළිගත්තේ නැත්තේ ඔවුන් ඇක්වේරියම් එකක මාළුවන් නොවන නිසයි. ගෝවේවල හිටිය නිසා මට මතකයට ආවේ මාළුවන්. සමුද්‍රයේ රැළි මත කුණාටු ඉදිරියේ සටන් කරලා පැමිණි තරුණයන් ඔවුන්. ඔවුන්ටත් රටේ අනාගතය වෙනස් කරන්න පුළුවන්. ඒත් මගේ හැම කතාවකින්ම තොප්පිය දාගෙන ඔහු පබ්ලිසිටිය බලාපොරොත්තු වෙනවා. ඒක සමහරවිට කොංග‍්‍රස් එකේ ක‍්‍රමය වෙන්න ඇති.
රජත් - ස්ලම්ඩෝග් මිලියනය චිත‍්‍රපටයේ ඔස්කාර් සම්මානය ලැබුණු කෙනාගෙනුත් ඔබ කොංග‍්‍රස් එක වෙනුවෙන් කොටසක් ඉල්ලුවා නේද?
මෝදි - මම කොංග‍්‍රස් එකට සුභ පැතුවා. කොංග‍්‍රස් පක්ෂය අවුරුදු හැටක් පාලනය නොකළනම් ඉන්දියාව මුඩුක්කුවක් වෙන්නේ නැහැ. එහෙම වුණානම් ඒ චිත‍්‍රපටය බිහිවෙන්නේ නැහැ. ඒ ෆිල්ම් එක නොහැදුණානම් ඔස්කාර් සම්මානය හම්බවෙන්නේ නැහැ. ඒ නිසා මම කොංග‍්‍රස් එකට සුභ පතන්නේ නැතුව වෙන මොනවා කරන්නද?
රජත් - ඒත් ජයහෝ කියන ගීත ඛණ්ඩය සඳහා නීතිමය අවසරය කොංග‍්‍රස් එකෙන් මැතිවරණය සඳහා යොදාගැනීමට අවසරය ලබාගෙන තියෙනවා. ඒත් ඔබතුමාගේ පබ්ලික් මීටින්වලදිත් ජයහෝ ගීත ඛණ්ඩය වාදනය කරනවා නේද?
මෝදි - අපි ජීවිත කාලයේම ප‍්‍රාර්ථනා කරන්නේ භාරත දේශයට ජයවේවා කියලනේ. ඒ වෙනුවෙනේ අපි පෙනී සිටින්නේ. කොංග‍්‍රස් එක භාරතයට ජයවේවා නොකියා වෙන කෙනෙකුට ජයවේවා කිව්වම රටේ (දේශයේ) අනාගතයට මොකද වෙන්නේ?
රජත් - මම ඔබතුමාගෙන් කෙළින්ම අහන්නම් ජනතාවට දැනගන්න ඕන භාරතීය ජනතා පක්ෂය වෙනුවෙන් අගමැති ලෙස නරේන්ද්‍ර මෝදිව ඉදිරිපත් කරාවිද?
මෝදි - මමත් ඔබගෙන් කෙළින්ම අහන්නේ ඔබ තවමත් මගෙන් කෙළින්ම ඇහුවේ නැත්තේ ඇයි?
(සියලුම දෙනා සිනහ වේ)
මම ඔබ සියලුම දෙනාටමත් කෙළින්ම කියන්නේ භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂකයා වෙන්නේ සීමන් ලාල්කිෂන් අද්වානීජීම තමයි. අපි හැමෝම අපේ උපරිම ශක්තිය යොදවලා එතුමාව අගමැති කරන්න කැපවෙලා ඉන්නවා.
රජත් - මම කතා කරන්නේ මේ එන මැතිවරණය ගැන නෙවෙයි. මම කතා කරන්නේ මීළඟට එන මැතිවරණය ගැනයි.
මෝදි - අද්වානීජී අගමැති වෙයි. හොඳින් රට පාලනය කෙරේවි. එතුමා දෙවැනි වරටත් අගමැති විදියට පත්වේවි.
රජත් - මෝදි මහත්තයා, සමහරවිට පළවෙනි අවස්ථාව වෙන්න ඇති මෙහෙම වුණු. පාකිස්ථානයේ වසීම් ආසම් කියනවා නරේන්ද්‍ර මෝදි කියන දේ හරියටම හරි කියලා. යූසුෆ් රාසක් කිලානි කියනවා නරේන්ද්‍ර මෝදිගේ ප‍්‍රකාශයන්ගෙන් පාකිස්ථානය සමඟ එකඟ වීම සතුටට කාරණයක්. ඔබ කීවා අජ්මල්ගේ ප‍්‍රකාශයන් ගැන. ඒ අනුව සාක්ෂි පිළිගන්නේ නැහැ.
මෝදි - මම එහෙම කිව්වේ නැහැ. ත‍්‍රස්තවාදීන්ට එරෙහිව අතල් බිහාරී වජ්පායිජීගේ රජයෙන් ගෙනාවා නීතියක්, ත‍්‍රස්තවාදියෙක් අහුවුණාම ඔහුව පොලීසියේ ඉහළ නිලධාරියෙක් ඉදිරියේ ප‍්‍රකාශයක් කරනවානම් ඒ ප‍්‍රකාශය සාක්ෂි වශයෙන් පිළිගන්නවා කියලා. ඔබතුමාම මට දැන් කියන්න පාකිස්ථානය මුම්බායිවලට ප‍්‍රහාරයක් එල්ල කළ වෙලාවේ ඒකට සූදානම් වුණේ කෙහෙද? මීට්ං තිබුණේ කොහේද? ඒවට කිසිම සාක්ෂියක් ඔබට හම්බවෙයිද? කිසිම සාක්ෂියක් හම්බවෙන්නේ නැහැ. සමහර නීති භාරත රජය විසින් ඉවත් කරලා ත‍්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන්න තිබුණු පහසු ක‍්‍රම නැතිකර ගත්තා කියන එකයි මගේ විශ්වාසය.
(නඩුව ඊළඟ සතියට කල් තැෙබ්)