2017 මාර්තු 11 වන සෙනසුරාදා

රෂීගේ මනාපේ

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 280

5 Choice විශේෂාංගයෙන් අද කතා කරන්න හිතුවේ කැමතිම විලාසිතා 5 ගැන. මේ ගැන අපි  කතා කළේ අපේ තරුණ පරම්පරාව නියෝජනය කරන දක්ෂ රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් ඒ වගේම නිවේදිකාවක් විදියටත් ඔබට සමීප වෙන රෂිප්‍රභා  සංදීපනී එක්ක. ඇය වඩාත් කැමති විලාසිතා ගැන 5 Choice විශේෂාංගයට කිව්වේ මෙහෙම

01. සාරිය 

මගේ පළමු කැමැත්ත සාරියට. මොකද මම ඉන්දියන් ඇඳුම්වලට ගොඩක් ප්‍රිය කරන කෙනෙක්. ඒ නිසා තමා  සාරිය අඳින්න කැමති. මම පොඩි කාලේ ඉඳන් කැමතියි සාරිය අඳින්න. ඒ වගේම තමා මට ගොඩක් අය ලස්සනයි කියන්නේ සාරිය ඇන්දම.

02. සල්වාරිය
 
හ්ම්.. අංක දෙකට මම කැමති සල්වාරි අඳින්න කිව්වොත් හරි. මොකද මම කොහොමත් ඉන්දියන් ඇඳුම්වලට වැඩි කැමැත්තක් දක්වන කෙනෙක් නිසා ගොඩක් දුරට මම තෝරාගන්නේ සාරිය සහ සල්වාරි එක. මම හිතනවා මට ඒක ගොඩාක් ගැළපෙනවා කියලා. 

03. ගවුම

ගවුම් අඳින්නත් මම ගොඩක් කැමති කෙනෙක්. ඒ නිසා මගේ තුන්වැනි කැමැත්ත ගවුමට තියෙන්නේ. 

04. ඩෙනිම් එකයි, ටී ෂර්ට් එකයි
 
මම මගේ සාමාන්‍ය ගමන් බිමන්වලදී ගොඩක් වෙලාවට තෝරාගන්නේ ඩෙනිම් එක සහ ටී ෂර්ට් එක. ඒ වගේම තමා ගොඩක් අවස්ථාවලදී මම ඩෙනිම ඇඳලා ටී ෂර්ට් එක ඇඳලා ඒකට චෝල් එකක් දානවා. මම කැමති ඒ විදියට අඳින්න. ඒ නිසා හතරවැනි කැමැත්ත ඩෙනිම් එකයි ටී ෂර්ට් එකටයි.

05.  ටයිට් ෂෝර්ට් ඩ්‍රස්

සහභාගී වෙන තැන අනුවල එයට ගැළපෙන විදියේ ටයිට් ෂෝර්ට් ඩ්‍රස් අඳින අවස්ථා තියෙනවා. ඒ නිසා කැමතිම 5 අතරට ඒකත් කියන්න කැමතියි මම. ගොඩාක්ම කොටට නෙවෙයි. නමුත් මට ගැළපෙන ලස්සන ටයිට් ෂෝර්ට් ඩ්‍රස් මම අඳිනවා.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00