ගිය සතියේ අපි ඔයත් එක්ක ඇවිදින්න ගියේ සන්තතර යායට. සන්තතර යායට ගිය අපි ඒ ගමනේදී ගිය තවත් තැනක් තමා ඈගල්ලෑ ගල කියන්නේ. ඈගල්ලෑව කියන ගමේ තමයි මේ ඈගල්ලෑව කියන පරණ ගල තියෙන්නේ. වෙහෙර ගල කියලා හඳුන්වන්නෙත් ඈගල්ලෑ ගල කියන මේ සුන්දර කන්දටයි.
මේ සුන්දර කඳු පියසේ අරන්යවාසී හාමුදුරුනමක් වැඩඉන්න බව ගම්වාසීන් අපට කියනවා. කටාරම් වගේම ගලේ කෙටූ පඩිපෙල්, සඳකඩපහනක්, පැරැණි දාගැබක් වගේම කුඩා පොකුණක් මෙහි දක්නට ලැබුණු නටඹුන් අතර විශේෂයි. බැලුම් ගලක්වන් ගල උඩට ගියාම වටේටම පේන්නේ කොළ පැහැති වෙල්යායවල්. කුඩා ඔය කියන ඇළ මාර්ගයත් කඳු මුදුනට නැග්ග විට දැකගන්න පුළුවන්. සන්තතර යායට ගියොත් ගමන සම්පූර්ණ වුණා වගේ හැඟීමක් දැනෙන්නේ ඈගල්ලෑව කන්ඳ නැගලා ආවොත්ම තමයි. මහ කැලෑවක් මැද්දෙන් වුණත් යන්න තියන ඒ ගමන හරි සුන්දර අත්දැකීමක්.
►Text & Pic - Channa kassapa koralearachchi