අපි මිනිස්සුන්ගේ පෙනුමෙන් අඳින පළදින විදිහෙන් මිනිස්සු ගැන තීරණය කරන සමාජයකයි ජීවත්වෙන්නේ. සමහර දේවල් වැදගත්ම නැහැ කියලා කවුරුවත් හිතන්නේ නහැ. ඒක හරියටම කියනවනම් සමහර අය කෙනෙක්ගේ වර්ණය අනුව කොන් කරනවා. තව කෙනෙක් රැකියාව අනුව මිනිසුන් ගැන ඔවුන්ගේ ඇතුළාන්තය ගැන නොදැන සමහර තීරණ ගන්නවා. ඒ වගේම තමයි විවාහ වෙන්න හොයන්නේ සුදු කෙනෙක් වෙන්න පුළුවන්. එක් අයෙක් සුදු කෙනෙක් විවාහයට හොයද්දී තව කෙනෙක් කළු කෙනෙක් හොයනවා. තවත් අයෙක් කෙට්ටු අයෙක් හොයද්දී තවත් සමහර කෙනෙක් හොයන්නෙ තරබාරු කෙනෙක්. කෙනෙක් සල්ලි තියෙන කෙනෙක් හොයද්දී තව කෙනෙක් හොයන්නේ සල්ලි නැති වුණත් හොඳ අදහස් තියෙන කෙනෙක්. ඔන්න ඔය වගේ දේවල් ගැන කතා කරන්න බොලිවුඩයේ අලුත්ම සිනමාපටයක් හදලා තියෙනවා. ඒ සිනමාපටයේ නම බාලා. මේ බාලා කියන සිනමාපටය තිරගත වෙන්නේ නම් 2019 නොවැම්බර් 07 වැනිදා. මේ බාලා කියන හින්දි සිනමාපටයේ බාලා කියන්නේ නමක්. ඒත් ඔහුගේ නියම නම ගෞරව් රාවත්. මේ බාලගේ චරිතයට පණ පොවන්නේ බොලිවුඩයේ නවතම කිං විදිහට හඳුන්වන නළුවෙක්. ඔහු වෙනින් කවුරැවත් නෙවෙයි මෙන්න මේ සිනමාපටවලින් ඔබ ඔහුව දැකලා තියෙනවා.
2012 Vicky Donor, Dum Laga Ke Haisha (2015). Bareilly Ki Barfi (2017), Shubh Mangal Saavdhan (2017), Badhaai Ho (2018) Dream Girl (2019); Andhadhun (2018), Article 15 (2019)
නම මතක් වෙන්න ඇති. ඒත් මමම ඔබට ඔහු ගැන කියන්නම්කෝ. ඔහු 1984 සැප්තැම්බර් 14 වැනිදා ඉන්දියාවේ චන්ඩිගාර්වලදි තමයි ඉපදෙන්නේ. 2004 වසරේ පටන් ඔහු නළුවෙක්, ගායකයෙක් සහ ටීවී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහට වෘත්තියේ නියැලෙන කෙනෙක්. 2008 වසරේදී තහිරා කශ්‍යප් එක්ක විවාහ වුණු ඔහු මේ වෙනකොට දරුවන් දෙන්නෙක්ගේ පියෙක් ද වෙනවා.
නැශනල් ෆිල්ම් අවෝර්ඩ්, ෆිල්ම් ෆෙයාර් අවෝර්ඩ් ඇතුළු විවිධ සම්මාන උළෙලවලින් බොහෝ සම්මාන ප‍්‍රමාණයක් තමන්ගේ නමට වෙන් කරගන්න සමත්කම් දැක්වූ වෙනින් කිසිවෙක් නෙවෙයි අයුශ්මාන් ඛුරානා. බොලිවුඩයේ නිපදවෙන සිනමාපටයන් ගැන ඒ සිනමාපටය හොඳ එකක් කියලා දෑස් පියාගෙන කෙනෙක්ට විශ්වාසයක් තියන්න පුළුවන්නම් ඒ අයුශ්මාන් ඛුරානා ඉන්න සිනමාපටයක් වෙන්න ඕන කියලයි ඉන්දියාවේ සිනමා රසිකයන් විශ්වාස කරන්නේ. මොකද එයා ඉන්න සිනමාපටයන් ජනප‍්‍රිය කරන්න වෙන සිනමාපටවල වගේ අයිටම් සෝන්ග්වල අවශ්‍යතාවක් නැහැ. ඒ වගේම ජනප‍්‍රිය නමක් තියෙන නිෂ්පාදකයෙක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඔහු ඉන්න සිනමාපටයන්ගේ හැමදාම නියම හීරෝ කෙනෙක් ගැන තමයි කතා කරන්නේ.
මේ බාලා කියන සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ දිනේෂ් විජේන්. ඔහු මේ සිනමාපටය නිෂ්පාදනය කරන්න කලින් හින්දි මීඩියම්, ස්ත‍්‍රී සහ ලූකා චුප්පි කියන අනගි සිනමාපට රසික රසිකාවියන්ට රසවිඳින්න නිෂ්පාදනය කළා. බාලා සිනමාපටයට සහයෝගය දෙන සහාය නිළියන් දෙන්නෙක් ඉන්නවා. එයින් එක්කෙනෙක් ගැන මුලින් කියලා ඉන්නම්. පායල් කියන චරිතයට පණ පොවන්නේ මෙන්න මේ සිනමාපටයන්ගෙන් ඔබ සැම දන්න සුන්දර කෙල්ලමයි.
2012 Vicky Donor.Action Jackson (2014), Badlapur (2015), Sanam Re (2016),Kaabil (2017) Batti Gul Meter Chalu (2018). Uri: The Surgical Strike (2019)
1988 නොවැම්බර් 28 වැනිදා ඉන්දියාවේ හිමාචල් ප‍්‍රදේශ්හි බිලාස්පූර්වල ඉපදී දනට මුම්බායිවල ජීවත් වෙන්න කෙනෙක්. ඇය උසස් අධ්‍යාපනය ලබා තියෙන්නේ පන්ජාබ් යුනිවර්සිටියෙන්. 2008 වසරේ පටන් සිනමා නිළියක් සහ නිරූපණ ශිල්පිනියක් විදියට ඇය කටයුතු කරනවා. ඇය මුකේශ් ගෞතම්ගේ සහ අන්ජලී ගෞතම්ගේ වැඩිමහල් දියණිය වන අතර සුරිලී ගෞතම්ගේ සොයුරිය යමී ගෞතම්. යමී හින්දී සිනමාපටවල වගේම තෙළිඟු, කන්නඩා, පන්ජාබී, මළයාලම් සහ දමිළ සිනමාපටයන්ගෙනුත් අපිට දැකගන්න පුළුවන්. 2012 විකී ඩොනර් සිනමාපටයේ අයුශ්මාන් එක්ක එකට රංගනයේ යෙදුණෙත් යමී ගෞතම් කියන එක ඔබට මතක ඇතිනේ. යමී ගෞතම් සහ අයුශ්මාන් එක්ක මේ සිනමාපටයේ ඔවුන්ට නොදෙවෙනි ලෙස සහාය රංගනයක නිරත වෙන තවත් කෙනෙක් ඉන්නවා. ඒ නිකිතා. නිකිතාගේ චරිතයට පණ පොවන්නේ 1989 ජූලී 18 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රන්තයේ මුම්බයිවල ඉපදී 2015 වසරේ පටන් නිලියක් විදිහට විවිධ චරිතයන් හැඩ කරන කෙනෙක්. එයා යාශ් රාජ් ෆිල්ම්ස් ආයතනයේ ඇසිස්ටනට් කාස්ටින් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට අවුරුදු 06ක්ම වෘත්තියේ නිරත වෙනවා.
මේ නිකිතාගේ චරිතයට පණ පොවන්නේ භූමී පෙඩ්නේකර්. නම දැක්කම මතක් නොවුණත් මෙන්න මේ සිනමාපටවල ප‍්‍රාධාන චරිත නිරූපණය කළ ඇයව ඔබට මතක් වෙන්නම ඕන.
Dum Laga Ke Haisha (2015), Toilet: Ek Prem Katha (2017),Shubh Mangal Saavdhan (2017)
ඔය කිව්ව තුන්දෙනාට අමතරව මේ සිනමාපටය හැඩ කරන්න ජාවේද් ජැෆ්රි, සෞරභ් ශුක්ලා, සීමා පහ්වා, අභිෂේක් බැනර්ජී සහ ධීරේන්ද්‍ර කුමාර් ගෞතමුත් එකතුවෙලා ඉන්නවා. මේ බාලා කියන කතාව ලියා තියෙන්නේ නිරේන් භාත් සහ පාවෙලා. මේ බාලා කියන සිනමාපටයේ බාලා කියන්නේ කුඩා කාලයේදී සුන්දර කොණ්ඩයක් නිසා ජනප්‍රිය වෙලා හිටිය කුඩා කොල්ලෙක්. ඒත් ඔහු තරුණයෙක් වෙද්දී ඔහුගේ කොණ්ඩය යන්න පටන් අරගන්නවා. ඔහුගේ කොණ්ඩය අඩු වෙනවා වගේ වැඩිහිටියෙක් වෙද්දී ඔහුගේ කන්ෆිඩන්සුත් නැති වෙලා යනවා. ඊටපස්සේ ඔහුගේ ජීවිතේ හැම තැනකදීම විහිළුවට ලක්වෙන්න සිදුවෙනවා. කුඩා කාලයේ හමුවුණු ආදරයත් ඔහුව මඟ හැර යනවා. පාරේදී හමුවෙන දන්න නොදන්නා හැමෝම ඔහුට උසුළු විසිළු කරන්න පටන් ගන්නවා. තට්ටය ගැන කතා කරන මේ සිනමාපටයේ තට්ට හිසක් තියෙන කෙනෙක් දැක්කම යුවතියන් භූතයෙක් දැක්කා වගේ දුවනවා කියලත් කියනවා. බාලා ඒවට මුහුණ දෙන විදිහ ගැන තමයි මේ සිනමාපටයෙන් කතා කරන්නේ. ජීවිතයේ අති දුෂ්කරම අවස්ථාවන්වලදී ජීවිතේට මුහුණ දෙන්න ඕන විදිහත් මේ සිනමාපටයෙන් ඔබට කියා දෙන බවට සහතිකයක් දෙන්න පුළුවන්. මේ සිනමාපටයේ තියෙන විහිළුවලට ඔබට බඩ අල්ලගෙන හිනා වෙන්න පුළුවන් කියන එකනම් කියන්නම ඕන.
බාලා සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අමර් කෞෂික් වන අතර මෙහි තියෙන ගිතයන්ගේ සප්ත ස්වරයෙන් එය හැඩ කරලා තියෙන්නේ සචින් - ජිගර්. බාලා සිනමාපටයේ තියෙන ගීතයන්හි පද රචනය කරලා තියෙන්නේ වායූ, බාද්ශාහ සහ ජිගර් සවාරියා.
►Translation — Chandana Waravitage