2017 මාර්තු 18 වන සෙනසුරාදා

මම දෙවියන්ගෙන් මොනවා ඉල්ලන්නද

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 132

පාට පාට බාබන්දේසියා මල් පිරී තිබුණ පල්ලියේ උද්‍යානය හිතට එක් කළේ ආනන්දනීය හැඟීමක්. ඒ හැඟීමෙන්ම මම ඇය සමඟ පල්ලිය ඇතුළට ගියා. ඉරිදා දේව මෙහෙයකට මම මා ජීවත් වූ පල්ලියෙන් පිටස්තර පල්ලියකට පැමිණියේ බොහෝම කාලයකට පසුවයි. දේව මෙහෙය පටන් ගැනීමට තවත් කාලය ඉතිරි වී තිබුණ නිසා මම ඇය සමඟ වාඩි වී නිහඬව බලා සිටියා. ඇගේ මුහුණේත්, දෑස් තුළත් නිදන්ව පැවතියේ ජීවිතයේ සියලු වේදනා, විස්සෝපයන් සෝදා හල කලෙක සටහන්වෙන සැහැල්ලු හැඟීමක්.

මට දැනුණු හැටියට ඇය දේව මෙහෙය අවසාන වෙන තෙක් හිටියෙ පුදුමාකාර නොඉවසිල්ල්කින්.
මම සුදු ඉටිපන්දම් දල්වද්දිත් ඇය නිහඬවම පසෙකට වී හිටියා.
උඹට සතුටුයිද?

උඹ ජීවිතේ ගෙවිච්ච ලස්සන දවස් ගැන හිත හිතා විඳවනවා

හ්ම්...
අපි හැම ඉරිදාම පල්ලි යමු... 
ඒත් උඹට ඒක හරියන්නෙ නෑ කියලා මම දන්නවා 
නෑ... මමත් හරි ආසයි පල්ලි ඇතුළෙ තියෙන ගුප්ත ගතියට... ඒකෙ මහ මොකක්දෝ මායාකාරී ගතියක් තියෙනවා. 
එහෙනම් උඹ පල්ලි එන්න මෙච්චරම අකමැති? 

මම දෙවියන්ගෙන් මොනවා ඉල්ලන්නද බං... මට මාත් නැතිකොට කා වෙනුවෙන් මොනවා ඉල්ලන්නද.... 
අපි දෙවියන් ළඟට යන්නෙ දෙවියන්ගෙන් දේවල් ඉල්ලන්නම නෙවෙයි ජානා... කියාගන්න බැරි දේවල් දෙවියන්ට කියන්න... කවුරුත් අහන්නෙ නැති දේවල් කාට හරි කියලා හිත නිදහස් කරගන්න අපි දෙවියන් ළඟට යන වෙලාවල් හුඟාක් වැඩියි. 
අපි පල්ලියෙන් එළියට ආවේ අරමුණකින් තොරව.
යමුද මුහුදු වෙරළට? 

මම ආසයි ජානා ඒ අතීතයට...

මේ අව්ව සැරවෙන වෙලාවේ... අනේ මටනම් බෑ... මම මුහුදු වෙරළට යන්න ආසා හැන්දෑවට... 
මේ වෙලාවට මුහුදු වෙරළෙ දිගෑදිලා සනීපෙට ඉර එළිය නාන්න පුළුවන්... අව්වෙ ලස්සන බලන්නකො රත්තරන් පාටයි. 
මට ගෙදර ගිහින් හොඳට නිදා ගන්න හිතෙනෙවා...
මොන කම්මැලිකමක්ද මේ... යමු වෙරළට වෙලා අව්ව නාලා එමු. 
අනේ මට බෑ ජානා... 
දැන් උඹ අඬගහද්දී මම පල්ලියට යන්න ආවා.... දැන් මම අඬගහද්දී උඹට බෑ...
හරි හරි යමුකො ඉතින්.... 
නෑ එපා ඕනෙ නෑ....
යමු ඉතින් කීවම... මට උණු ඉස්සො වඩේ අරන් දීපන් .
ජානා හිනාවීගෙන්ම ටැක්සි කාර් එකක් අත දිගු කර නවත්වා ගත්තා. අපි උදේම වෙරළට ගියත් ඒ වෙද්දිත් වෙරළේ ලොකු සෙනඟක් හිටියා. පවුල් පිටින් වෙරළෙ මටත් ආසයි මුහුදෙ නාන්න. 
දවසක එමු... මුළු හැන්දෑ වරුවම මුහුදෙ නාමු. 

දවසක් මම හැන්දෑවක ආදේශ් එක්ක මුහුද දිහා බලාගෙන හිටියා. අපි එදා නැවතිලා හිටියෙ පුංචි තානායමක. ඒ තානායම තිබුණෙ මුහුද අද්දරමයි. අපි මහ රෑත් ඇවිත් මුහුද දිහා බැලුවා. රෑ තිස්සෙත් මුහුදෙ නැව් යනවා. ඉර බැහැගෙන යන වෙලාවට මුහුද තද තැඹිලි පාටයි. උදේට ඉර නගිද්දි රිදී පාට මුතු අහුරක් විසිරෙව්වා වගේ මුහුදු වතුර ටික දිලිසි දිලිසි රැලි ගැහුවා...
උඹ ජීවිතේ ගෙවිච්ච ලස්සන දවස් ගැන හිත හිතා විඳවනවා 
මම ආසයි ජානා ඒ අතීතයට...