2017 මාර්තු 18 වන සෙනසුරාදා

ලව් ල‍ෙටර් ලියන එක තහනම්

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

රජත් - මගේ ළඟ පාකිස්ථානයේ පත්තර කිහිපයක් තියෙනවා. දනේෂන්, ඩොන්, ජියෝටීවීවල වාර්තා අනුව නරේන්ද්‍ර මෝදි සහ පාකිස්ථානයේ අගමැතිතුමත් කියන්නේ එක වගේ කතා කියලා තමයි ඒ හැමෝම කියන්නේ.
මෝදි - පාකිස්ථානය තමන් වෙනුවෙන් කරන්නේ මොනවද කියන එක මගේ න්‍යාය පත‍්‍රයට අදාළ දෙයක් නෙවෙයි. පාකිස්ථානයට ඕනම දෙයක් කියන්න පුළුවන්. පාකිස්ථානය බොරු කියන්න දක්ෂයයි. අවුරුදු තිහක් තිස්සේ ඉන්දියාවේ රජය එයාලට ලිපි ලියමින් ඉන්නවා. පාකිස්ථානයට එයාලගේ භාෂාවෙන්ම උත්තර දෙන්න  ඕන. කෙළින්ම කියනවානම් ඉන්දියාවෙන් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව දැඩි නීති පැනවිය යුතුයි. ලෝකයේ සියලුම ප‍්‍රජාතාන්ත‍්‍රික රටවල් නීති හදලා තියෙනවා. මිනිස් අයිතිවාසිකම් ගැන සලකා බලලයි ලෝකයේ නීති හදලා තියෙන්නේ. අමෙරිකාවේ නීතියට අනුව අවුරුදු හයක් යනකම් සිරගත කරන්න පුළුවන්. ඔහුට අහන්නවත් බැහැ, ඇයි ඔහුව හිරේ දමලා තියෙන්නේ කියලා. ඒ නිසා 09/11 ප‍්‍රහාරයෙන් පස්සේ අමෙරිකාවට ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල වුණේ නැහැ. ඉන්දියාව තුළත් අපි ඒ වගේ දැඩි නීති රීති පනවන්නේ නැතිවෙන තාක් කල් අපිට ත‍්‍රස්තවාදීන් කරදර කරන්න පුළුවන්.

රජත් - පාකිස්ථාන් පුවත්පත්වල තියෙනවා, ඔබ කරලා තියෙන ප‍්‍රකාශයක් ගැන. රට ඇතුළතින් කාගේ හරි උදව්වක් නොමැතිව මෙච්චර දරුණු ප‍්‍රහාර එල්ල කරන්න බැහැ කියලා ඔබ කියලා තියෙනවා.
මෝදි - මම එහෙම කියලා පැයක් ඇතුළත මුම්බායිවල පොලිස් කමිෂනර් ප‍්‍රකාශයක් කළා, 15 දෙනෙක් ඒකට උදව් කරලා තියෙනවා කියලා. කෙනෙක් පාරවල් පෙන්නලා. තව කෙනක් හොටෙල් පෙන්නලා, කවුරැහරි එක්ක ගිහින් තියෙනවා. ඒක මුම්බායි පොලිස් කමිෂනර්ගේ ප‍්‍රකාශය .මම භාරත දේශයේ රජයට කිව්වේ සහ දැනුත් කියන්නේ, පාකිස්ථානය වෙනුවෙන් මේ රටට ඇතුලුවෙලා ඉන්න අය ඔවුන්ට උදව් කරන අය හොයාගෙන අපේ රටින් පන්නලා දාන්න ඕන. ඔවුන්ව එල්ලුම් ගස් යවන්න ඕන, රට තුළ එවැනි දේශද්‍රෝහි ක‍්‍රියාවන් කාටවත් කරන්න බෑ කියන එක හැමෝටම දැනගන්න. මම අදටත් කියන්නේ අපේ රටේ උදව්වක් නැතුව අපේ රටට ඇවිත් ප‍්‍රහාර එල්ල කරන්න බැහැ. ගුවන් යානයකින් ඇවිත් බෝම්බ දාලා ගියේ නැහැනේ. සාමාන්‍ය ජනතාව දන්නවා කාගේ හරි උදව් ඔවුන්ට ලැබෙනවා කියලා. දිල්ලිවල රජය එය හෙළිකළ යුතුයි.

රජත් - ඒත් දිල්ලිවල රජය කියනවා නරේන්ද්‍ර මෝදි පාකිස්ථානය සමඟින් ටච් එකේ ඉන්නවා කියලා.

මෝදි - ඔව් මගේ සම්පූර්ණ රජයම පාකිස්ථානයත් එක්ක ටච්වෙලා තමයි තියෙන්නේ. මොකද අපේ ගුජරාතයයි පාකිස්ථානයයි එක ළඟමනේ තියෙන්නේ. අපි ටච් එකේ ඉන්නවා. අපි දන්නවා ඔවුන් මොනවද කරන්නේ කියලා. එහෙම දැනගන්න ඕන. අපේ හතුරු රටවල් අපට මොනවද කරන්නේ කියලා අපි දැනගෙන ඉන්නත්  ඕනනේ. දිල්ලිවල අය නිදියගෙන හිටියට අපි අවදියෙන් ඔවුන් කරන දේවල් ගැන ඇහැ ගහගෙන ඉන්නේ.
ත‍්‍රස්තවාදීන් නැති කිරීමට රජයේ නිතීවල අඩුලුහුඬුකම් තියෙනවනම් ඒ නීති දැඩි කරලා ත‍්‍රස්තවාදීන් නැති කරල දාන්න ඕන.

රජත් - ඒත් ඔබ
මෝදි - ආණ්ඩුවක නීති සහ රටක නීති කියන්නේ එකක් නෙවෙයි. රටක හැම වැසියකුටම ආරක්ෂාව අවශ්‍යයි. එහෙම නොකරන අයගෙන් අහන්න ත‍්‍රස්තවාදීන්ට ඇයි ත‍්‍රස්තවාදය සඳහා අනුබල දෙන්නේ කියලා.

රජත් - ඔබ කියන්නේ ඔබ රාජ්‍යයට ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාර එල්ල වෙන්නේ නැහැ කියලද?
මෝදි - ගුජරාත්වලට ත‍්‍රස්තවාදියෝ ආවා. ඔවුන්ට තේරුම් ගියා ගුජරාත්වලට ආවොත් වෙන දේ. දවස් 21ක් තුළ ඔවුන්ව අල්ලගෙන ඇවිත් ඉන්දියාවේ කේරළයේ සිට කාශ්මීර් වෙනකම් ඉන්දියාවේ ත‍්‍රස්තවාදීන් අල්ලන්නේ නැතුව බලාගෙන හිටිය අයත් ගුජරාත්වල ත‍්‍රස්තවාදී අය ඇල්ලුවට පස්සේ අනිත් හැම තැනකම අයටත් ත‍්‍රස්තවාදීන් අල්ලන්න යන්න වුණා. ඊට පස්සෙ රට පුරාම ත‍්‍රස්තවාදීන් අල්ලන්න පටන් ගත්තා .අපි සම්පූර්ණයෙන්ම ත‍්‍රස්තවාදීන් කොටසක් අල්ලලා අවසන් කළා. ගුජරාත් රට වෙනුවෙන් ලොකු සේවයක් කළේ.

රජත් - 1946 11 ප‍්‍රහාරයේදී ඔබ අණදෙන කෙනෙක් වුණානම් මොකක්ද කරන්න පුළුවන් වෙන්නේ?
මෝදි - පළමුවෙන්ම කියන්න ඕන මට ගුජරාත්වල දුන්නු දේ මම කරලා පෙන්නුවා. මම ප‍්‍රමාද කරන්නේ නැහැ. මම අදටත් කියන්නේ පාකිස්ථානයට ඔවුන්ගේ භාෂාවෙන් උත්තර දෙන්න  ඕන. මේ ලව් ලෙටර් ලියන එක නවත්වන්න ඕන. ප‍්‍රනාබ් මුඛර්ජි ඔවුන්ට ලිපියක් යවනවා. එයාලා පිළිතුරැ එවනවා. වැරදි කරන්නේ එයාලා. භාරතයේ රජයෙන් උත්තර දෙනවා.

රජත් - ඒත් රජයක් වුණාම ජාත්‍යන්තරයෙන් එන බලපෑම්වලටත් ප‍්‍රතිචාර දක්වන්න ඕන නේද?
මෝදි - ජාත්‍යන්තර බලපෑම් කරන්න පුළුවන් ඉන්දියාටවත්. කෝටි සියයක් ඉන්න රටක් ඉන්දියාව. මුළු ලෝකෙටම අපිට පුළුවන් බලපෑම් කරන්න. පාකිස්ථානය අපිට ගහලා ගියා. මුම්බායිවලට ප‍්‍රහාර එල්ල කරලා ගියා පාකිස්ථානය. අපේ මැති ඇමතිවරු අමෙරිකා ගියා. ගිහිල්ලා ඇඬුවා ඔබාමා ඔබාමා කිය කියා. ඒගොල්ලෝ අපිට ප‍්‍රහාර එල්ල කරලා ගියා අපිව බේරගන්න. බේරගන්න මේකද කරන්න ඕන දේ? අල්ලපු රටෙන් ඇවිත් ගැහුවම අමෙරිකා යන්නේ මොකටද? පාකිස්ථානයටනේ යන්න ඕන.

රජත් - මොකක්ද ඒ වෙලාවට කරන්න ඕන දේ?
මෝදි - පාකිස්ථානය අපිට කතා කරන භාෂාවෙන් අපිත් උත්තර දෙන්න ඕන.

රජත් - ඒක තමයි මට ඔබම තේරුම් කරන්න
මෝදි - ඒක තමයි මම කියන්නේ. පාකිස්ථානය තේරුම් ගන්න භාෂාවකින් ඔවුන්ට තේරුම් කරන්න ඕන.

රජත් - ඔබට ඔබගේ විරුද්ධවාදීන් මරණයේ වෙළෙන්ඳෙක් කියලා කියන එක තමයි ඔබගේ ඊළඟ චෝදනාව. එහෙම චෝදනා කළේ සෝනියා ගාන්ධි. එතුමිය ගුජරාත්වලට ගිහින් කිව්වා නරේන්ද්‍ර මෝදි මරණයේ වෙළෙන්ඳෙක් කියලා.
මෝදි - ඇයගේ මාතෘ භාෂාව ඉතාලි. ඇය සමහරවිට අපේ භාෂාවේ ශබ්ද තේරුම් දන්නේ නැතුව ඇති. ඇය කියන්න යන්න ඇත්තේ වෙන දෙයක්. මත් කේ සෞදාගර් කියන එක අසරණියට කියැවිලා තියෙන්නෙ මෞත් කේ සෞදාගර් කියලා.

රජත් - ඒත් ඔබ සම්පූර්ණ ගුජරාතයම ජනරජයක් විදියටයි ඔබ පාලනය කරන්නේ. අනිත් ප‍්‍රාන්තවල කෙරෙන දේ ගැන ඔබට වැටහීමක් හෝ වෙන දේ ගැන අදාළත්වක් නැහැ වගේ නේද කටයුතු කරන්නේ?
මෝදි - මම භාරත දේශයේ ව්‍යවස්ථාවට අනුවයි ගුජරාත් පාලනය කරන්නේ. මම පාලනය කරන මගේ ප‍්‍රතිපත්ති නිසා රටවල් 50ක් ගුජරාත්වලට එකතුවෙලා ඉන්නවා වැඩ කරන්න. සමහර රටවල්වල අගමැති. සමහර රටවල්වල උප අගමැති, ජනාධිපතිවරු, කැබිනට් ඇමැතිවරුන්, ඒ හැමෝම ගුජරාත්වලට ආවා. ඔවුන් එහාටම ආවේ ඇයි? දිල්ලිවලට ගියානම් එහෙත් ඉඩම් තියෙනවනේ. ගුජ‍රාත්වලට ආවා කියන එකේ තේරැම මම රටින් වෙන්වෙලා ඉන්නවා කියන එක නෙමෙයි. මුළු විශ්වය තුළම හොඳම දේ සැපයීම තමයි ගුජරාතයේ අරමුණ.

රජත් - ඔබ සම්පූර්ණයෙන්ම වෙනස් ප‍්‍රතිපත්තියකට කටයුතු කරන්න හදනවා වගේ පේනවා.
මෝදි - මම උත්සාහ කරන්නේ ගුජරාත් ග්ලෝබල් ගුජරාත් කරන්නයි. මට ඕන ලෝකය තුළ ගුජරාත්වල කොඩිය ලෙළදෙමින් තියෙනවා දකින්න.

(නඩුව ඊළඟ සතියට කල් තැෙබ්)

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00