2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

පාටයි - පින්සලයි උණයි - කැහිල්ලයි

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 145

මේක පට්ට Y Trend බ්‍රෝ. රැල්ලට කළාට සීන් එක පට්ට කොලිටි වැඩක්. අපි රෙස්පා කරන්න ඕනෑ සීන් එකක්. සත්තරං අද කතාව Street art ගැන. මේ ටිකේ සිත්තරුන් හැඩවෙන මව්බිම* කියලා බුකියේ පොස්ට් වගයක් Share වෙනවා සැරටම. මා සුදාලා දැකලත් ඇති. අපේ සිරිලංකන් එකේ Public Place වල ඇදෙන සුප්පා චිත්‍ර ටිකක් තියෙනවා ඒකේ. මේක ගිනි ගින්දර ආතල් එකක්. රටට දෙන පට්ට සැපක්. රට වටේ කොල්ලෝ කෙල්ලෝ සෙට් හදාගෙන තමා ගේම ගහන්නේ. අයේත් අහලා මේක තමා මා පුතී Year End එකේ අපි දැක්ක පට්ටම Y Trend එක. ඉතින් සීන් කෝන් එකේ ඉතිහාසයි පරාසයයි එහෙම හොයලා මරගාතේ ඉන්න හැමෝම අපි දෙනවා ඕං. ඉතින් කෙලින් කටින් නැගිටලා ලෑස්ති වෙයල්ලා රට ලස්සන කරන්න සුදාලා.

මේ සීන් එකේ History එක ගැන Line කරනකොට මුලින්ම කියන්න ඕනෑ දෙයක් තියෙනවා මචෝ. බිතුසිතුවම් කිව්වාම අපිට මතක් වෙන්නේ සීගිරිය. ඒ නිසා අපිටත් මේ සීන් එකේ History යට පොඩි අයිතියක් තියෙනවා ඈ. ඒ කොහොම වුණත් පැංචෝ ඇමරිකාවේ තමා Street art ආරම්භ වෙන්නේ. මේක 1920 ගණන්වල 1930 ගණන්වල නිව් යෝර්ක්වල හිටපු රස්තියාදු කල්ලි කරපු කඩාකප්පල්කාරී වැඩක්. පස්සෙන්පහු වැඩේ හිමිහිට නැගලා ගියා. 1970 - 80 දශක වෙනකොට සීන් එක පීක් එකට ආවා. Search පාරක් දාලා තමා අපි විස්තර හොයාගත්තේ. Story යේ හැටියට මේ දශක දෙක වීදි චිත්‍ර කලාවේ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක්. මොකද සමාජ දේශපාලන අර්ථයෙන් මේ කලාව ඇතුළට රිංගුවේ මේ කාලේ. අන්තිමට සීන් එක ඇමෙරිකාවේ යුරෝපයේ වෙනම උප සංස්කෘතියක් බවට පත්වුණා. ලංකාව පැත්තට මේ සීන් කෝන් එක හරිය Link වුණේ හරිම මෑතකදී. ඒ වුණාට වැඩේ ගැන දැනගෙන කරපු පරණ Art කොළඹ අවට මරදාන පුංචි බොරැල්ල වගේ තැන්වල අපි දැකලා තියෙනවා මීට කාලෙකට කලින්.

මේ හදිස්සිය මේ වගේ රැල්ලක් ආවේ කොහොමද කියලා අපි මුලින්ම හොයන්න ඕනෑ සුදා. දැන් අවුරුද්දකට දෙක්කට වගේ ඉස්සර ඉඳලා කොළඹ අවට කොල්ලෝ සෙට් එකක් මේ සීන්එකට බැහැලා හිටියා. පස්සේ ඒ සීන් එකේ ෆොටෝ බුකියෙත් පැතිරෙන්න පටන් ගත්තා. රටේ හැමතැනම මේ ගාය තියෙන උන් හිටියා. ඒ නිසා වැඩේ නැගලා ගියා. සරලව කෙටියෙන් කිව්වොත් කතාව ඕක තමා සුදා. ඒ වුණාට බිග්මැච් සීසන් එකේදී තාප්පවල ස්ප්‍රේ එකෙන් අනම් මනං ලියන එක මීට කාලෙකට ඉස්සර ඉඳන් තිබ්බ Trend එකක්. ඒ සීන් එකේම විකාශනයක් විදිහටත් මේ වැඩේ හඳුන්වන්න අපිට පුළුවන්. තව දෙයක්... මීට අවුරුදු දහයක පහළොවකට නෙවෙයි ඊටත් ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා මේ කලාව ගැන Feeling තිබ්බ මෙහේ හිටියා. එයාලා හුදකලාවේ නිර්මාණය කරපු මිනිස්සු. ඕනෑනම් බැහැලා හොයපං ඒ වගේ අය හම්බවෙයි. අපි එච්චර දරුණුවට ළිං පතුල බැස්සේ නෑ පැංචෝ. ඒ නිසා අප මේ සීන් එකේ ලංකාවේ මූලාරම්භය ගැන ලෙසටම කියන්න අපිට අමාරුයි මා පුතී.

මේ කලාවට නමක් තියනවා. ග්‍රැෆිටි කියලා තමා හඳුන්වන්නේ. මේ චිත්‍රපට ලෝකයේ ගොඩක් නගරවල දකින්න ලැබෙන්නේ අඳුරු තැන්වල. මේවා අඳින අයව අත්අඩංගුවට ගැනීමත් සිද්ධවෙනවා. කොහොම වුණත් සුදෝ ලංකාවෙ අද සීන්එක ඊට වඩා ගොඩක් වෙනස්. මේ සීන් කෝන් එක රට ලස්සන කරන දෙයක් විදිහට තමා අපේ උන් භාරගත්තේ. ටික අමුතුයි තමා මචෝ. අපේ Trend එක ලෝකේට සාපේක්ෂව සහමුලින්ම වෙනස්. විකල්ප කලාවක් විදියට ලෝකෙපුරා ගිය මේ සීන් එක ලංකාවේ අද තියෙන්නේ වෙනස්ම තැනක. අපේ කොල්ලො හරි ඩීසන්. පිළිවෙළට මේක කරන බවක් තමා පේන්න තියෙන්නේ. ඒ වගේම ලෝකේපුරා බලහත්කාරයෙන් වීදි කලාවට ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය පවා ලැබිලා.

හැබැයි කලාවේ භාවිතාව දැලිපිහිය වගේ තමා. මේ දිගටම හොඳ පැත්තට කැරකුනොත් හොඳයි. නැත්නම් ලස්සන කිරිල්ල කෙසේ වෙතත් තාප්පයක්වත් පරිස්සම් කරගන්න බැරිවෙයි මචෝ. ඕනෑම දේක හොඳ නරක දෙපැත්තක් තියනවානේ. ඒ නිසා මේ සීන් එක ගැන හරි කියවීමකින් වැඩේ කරනවා නම් තමා හොඳ. මොකද මචෝ අපේ උන් තමා ඉන්නේ වීදි චිත්‍ර කලාවේ ළදරු වියේ. කිව්වට අමනාප වෙන්න එපා ඒක තමා ඇත්ත.

 

► Text - Nisal   /  Pic – Internet