Youtube Hit වලින් අද අපි කතා කරන්න හිතුවේ Yohani De Silva - Pop Hit (Unlimited Mash Up Cover) එක ගැන. ගෙවුණු සති දෙක තුළ විශේෂ ජනප්‍රියත්වයක් මේ Mash Up Cover එකට ලැබුණා. ඒ වගේම යොහානි කියන චරිතට ලොකු ආකර්ෂණයක් ලැබුණා.
මේ Video එළියට දාලා තිබ්බෙ Shine Studio කියන Youtube Channel එකෙන්. ඒ වුණාට Facebook එක හරහා තමා Video එක ප්‍රසිද්ධ වුණේ. ඊට අමතරව තව Youtube Channel ගානක් Video එක ආයේ දාලා තිබ්බා. මේ කාරණා නිසා වෙන්න ඕන පනස් දහසක වගේ Views ප්‍රමාණයක් මේ වීඩියෝ එකට තියෙන්නේ.
මේ වීඩියෝ එක ජනප්‍රිය වීමත් එක්ක ගොඩක් දෙනා යොහානි කියන්නේ කවුද කියන එක හොයන්න උත්සාහ කරන බව පේන්න තිබුණා. හඬ වගේ ඇගේ විලාසිතාවත් සමාජ මාධ්‍ය තුළ ඉහළ ප්‍රසාදයක් ලබාගෙන තිබුණා. ඒ නිසාම මේ චරිත පිළිබඳ අන්තර්ජාල ඇසුරින් මතුවෙන කරැණු කිහිපයක් අපි ඔබට කියනවා. පළවෙනි කාරණාව සිංහල රැප් ෆෑන්ස්ලා නම් මේ කටහඬ දන්නවා. මොකද ඩ්‍රිල් ටීම් කියන ජනප්‍රිය රැප් කණ්ඩායමේ දෙවියන්ගේ බාරේ, උසම තැනක වගේ රැප් ගීතවලට ඇය කරපු Cover නිසා.
දැන් අපි මේ ගීතය පිළිබඳව කතා කරමු. මුලින් Audio එක ගැන. මේ තුළ Mash Up කියන සංකල්ප ඉතා සියුම්ව අවබෝධයෙන් භාවිත කරපු බවක් පේනවා. ඒ වගේම මුල් ගීතවල සංගීතය යම් යම් වෙනස්කම් සහිත වුණත් කනට මිහිරි විදිහට ඉදිරිපත් වෙනවා. අපි හිතන විදිහට Cover එකක් දී Voice එකට අංක එක දීලා වැඩ කරන්න ඕනෑ. මේ Pop Hit Mash Up එක ඒ කාරණාව හොඳින්ම පේන නිර්මාණයක්. යොහානිගේ හැකියාව ජනගත වෙන්න මූලිකම හේතුවත් ඒක කියලයි අපි හිතන්නේ.
Video එක පැත්තෙන් ලොකු වෙනසක් අපි දකිනවා. සම්ප්‍රදායික බවෙන් මිදිලා අලුතින් හිතලා අභියෝගයක් අරගෙන වැඩේ කරලා තියෙනවා කියලා මුලින්ම කියන්න ඕනෑ. කැමරාකරණය විශිෂ්ඨයි. සංස්කරණයේදී ඉතාම උපායශීලී වෙලා තියෙනවා. Video එකේ Jump එකක් වගේ පේන තැන් නැතිවම නෙවෙයි. ඒත් ඒ දේ වෙන්නේ ගීතය එක්ක රිද්මය එක්ක ඇගේ හඬ එක්ක. කොටින්ම ඒක ලොකු අවදානමක්. ඒත් අවසාන ප්‍රතිඵලයේදී ඔවුන් අති සාර්ථකයි. ලොකේෂන්, කලා අධ්‍යක්ෂ වගේ දේවලුත් ලොකු වෙනසක් තියෙනවා. අපි හිතන්නේ නිර්මාණය සංකල්ප බිහිකරන කෙනාට සැලකිය යුතු ගෞරවයක් ලැබෙන්න ඕනෑ.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ නිර්මාණයෙන් Yohani De Silva කියන චරිතය ලංකාවේ ගායන ක්ෂේත්‍රයට තෑගි කළා කියලා. අපිට අනාගතයේ ලොකු දෙයක් ගැන කතා කරන්න පුළුවන් වෙයි මේ යන විදිහට.
► Text - Nisal / Pic – Internet